what is the height of the world trade center?ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උස කීයද?

ලංකාවේ දැනට උසම ගොඩනැගිල්ල තමයි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය.මේ ගොඩනැඟිල්ල වගේම මේකේ වැඩ කරන අයත් ටිකක් උඩින් තමයි ඉන්නේ,ඒ වගේම මේකේ තියෙන ගොඩක් දේවල් ටිකක් අර ජාත්‍යන්තර මට්ටමෙන් තියෙන හින්දා ඔය ලංකාවේ දුෂ්කර පැතිවල ඉඳන් එන අයට මේකේ ඉන්න අය ටිකක් වැඩ පෙන්නන්න යනවා.මං දැක්ක එක පාරක් ඈත් ඉස්කෝලෙක ඉඳන් කොළඹ බලන්න ආපු ලමයි ටිකකට පෝලිම් ගස්සවලා මේකේ ඇතුලේ පෙන්නනවා.මේකේ සෝපාන පද්ධතිය,වැසිකිලි ක්‍රමය ගැන වෙනමම කතා කරන්න ඕන.ඒක තියලා මං කතාවට බහින්නම්කො.මේකත් මං කලින් දාපු ලිපියට සමාන එකක්.ඒ කියන්නේ මේකත් සම්මුඛ පරීක්ෂණයකට සම්බන්ධ දෙයක්.

ඔන්න එක දවසක් ලංකාවේ සුද්දගේ කාලේ ඉඳන් පැවතගෙන එන විවිධාංගීකරණය වෙච්ච සමාගමක ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයක් තිබ්බා.මේකේ මණ්ඩලයට ඒරොප්පේ ශාඛාවේ ලොකු සුද්දෙකුත් ඇවිල්ලා හිටියා.ඒ වගේම ලංකාවේ ලොකුම දළ කාර සමාගමක් හින්දා දැවැන්ත චරිත තමයි මේකට අයදුම් කරලා තිබුනේ.හැමෝම අත්දැකීම්,අධ්‍යාපන සුදුසුකම් අතින් ඉහලින්ම හිටියා.මේ වගේ වෙලාවක අනිවාර්යයෙන්ම වෙන වැඩේ තමයි තාර්කික බුද්ධිය විමසන ප්‍රශ්න අහන එක.අපේ ලංකාවේ උන්දැලා නම් ඇහුවේ නෑ,ඒ වුනාට සුද්දා ආයි නෑ සුද්දා වගේ කෙලින්ම ඇහුවා ප්‍රශ්නයක් එක එක්කෙනාගෙන් අඩු ගානේ ආසන්න අගයට වත් කියන්න කියලා.අනික මේ සුද්දා නිකං නෙවෙයි මොකක් හරි උත්ත්‍රයක් දුන්නට පස්සේ අහනවා ඒ උත්තරේ දෙන්න හේතු මොනාද කියලත්.ඉතින් දීපල්ලකෝ උත්තර.

මොකක්ද සුද්දා අහපු ප්‍රශ්නය?

Image

orcl.lk

“what’s height of the tallest building in your country?”(මේ වගේ එකක් තමයි ඇහුවේ,කොහොමහරි සුද්දට ඕන වෙලා තිබුනේ ලංකාවේ උසම ගොඩනැගිල්ලේ උස ලංකාවේ එකෙක්ගෙන් අහගන්න,ඌටත් තියෙන ප්‍රශ්න)

මේකා අහපු ගමන් අර අයදුම්කරුවො උඩ බිම බලනවා.කවුරුහරි කිව්වොත් “250 m” කියලා සුද්දා අනික් පැත්තට අහනවා “How do yo say so?are you sure?” ඔය වගේ ප්‍රශ්නයක්.එතකොට ඉතින් කියපල්ලකො කොහොමද මැන්නේ කියලා.අන්තිමට අර පරීක්ෂණ මණ්ඩලේ එවුන්ටත් හොල්මන්,මේ අද ලංකාවට ආපු සුද්දා මේ ටිකට මේකේ උසත් මැන්නද?මූ මොකාටද මේ එන්න හදන්නේ කියලා,කවුද දන්නේ මිනිහා ඊට වඩා උස එකක් හදන්න යනවද දන්නේ නෑනේ.

කොහොමහරි අන්තිමට මේක ඉවරවෙලා සුද්දගෙන් කට්ටිය ඇහුවා ඇත්තටම එකේ උස කීයද කියලා”

සුද්දා කියපි “Even I do not know,that’s why asked it from you” කියලා.ඇත්තනේ කතාව ලංකාවේ අපි දැනගන්නෙ එපායැ ලංකාවේ තරම.

අන්තිමට සුද්දා කියනවා.(ඉංග්‍රීසියෙන් හොඳේ)

මට ඔයාලගේ රටේ උසම කුළුණේ උස දැනගෙන වැඩක් නෑ.ඒ වුනාට ප්‍රධාන විධායක නිලධාරියා විදිහට මේ සමාගමට පත් වෙන කෙනාට තියෙන්න ඕන තාර්කික බුද්ධිය කියලා දෙයක්.WTC එකේ උස මෙන්න මෙච්චරයි කියන එක නෙවේ වැදගත් ඒ උත්තරේ ගත්තේ කොහොමද කියන එක.අඩු ගානේ එක තට්‍ටුවක උස මෙන්න මෙච්චර විතර එතකොට තට්‍ටු මෙච්චරක් තියෙනවා ඒ අනුව උස මෙන්න මෙච්චර විතර ඇති කියන එක කියාගන්න පුලුවන් වුනා නම් එච්චරයි කියලා සුද්දා කිව්වා.

ඒ කියන්නේ ඇත්තටම සුද්දා කියපු දෙයින් පැහැදිලි වුන දෙයක් තමයි.ඔයා දෙන උත්තරේ කොච්චර දශමයටම නිවැරදිද නොව ඔයා ඒ උත්තරේ ගත්තේ කොහොමද කියන එක තමයි වැදගත්.තමන් කියන දේ පදනමක් ඇතුව කියනවා වගේම ඒ දේ වෙනුවෙන් තමන් පෙනී ඉන්න ඕන කියන එක.

ඒක තමයි ප්‍රධාන විධායක නිලධාරියකුගේ ප්‍රධානම වගකීම.

අඩුවක් වෙයි කියලා හිතන හින්දා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ගැන විස්තර ටිකකුත් දාන්නම්.

Image

wtc.lk

මේකේ උස 152m විතර.තට්‍ටු 39 තියෙනවා.කුළුණු දෙකයි.පහළ තියෙන කොටසේ කොටස් 4කට වෙන් කරලා තියෙන්නේ.තියෙන ස්ථානය එචිලන් චතුරස්‍රය කියලා තමයි කියන්න වෙන්නේ.(කොළඹ 01)

මේ ආයතනය ඉදිකළේ (හැදුවේ මිනිස්සු බව මතක තබා ගන්න.) Overseas Reality (Ceylon) PLC.දැනට කළමනාකරණය කරන්නෙත් එයාලාමයි.එයාලා සිංගප්පූරු සමාගමක්.

ඇතුලට යවන්න පණ නැති පිරිමි

දැන් අපි පරිගණක කියන එව්වා එකී නොකී මෙකී හැම දෙයකටම පාවිච්චි කළාට ඉස්සර පරිගණක කියන්නේ මහ පුදුම භාණ්ඩයක් විදිහටනේ සැලකුනේ.පරිගණක අංශයේ වැඩ කරන අයත් මහා ලොක්කො වගේ තමයි හිටියෙත්.මං මේ කියන්න හදන්නේ ඒ වගේ කාලෙක සිද්ධ වෙච්ච වැඩක්.

ඔන්න එක්තරා රාජ්‍ය ආයතනයකට පරිගණකයක් ගේන්න සැලසුම් කළා.අද වාගේ නෙවෙයි ඒ දවස් වල පරිගණකයක් ගන්නවා කියන්නේ අද හරියට මහා ගොඩනැගිල්ලක් ගන්නවා වගේ වැඩක්.අනික මේ කියන ආයතනය තිබුනේ අනුරාධපුරේ.ඉතින් එයාලගේ මූලස්ථානය එක්ක කතාකරලා පරිගණකය ගන්න වැඩේ කර ගන්න මාස ගානක් දත කෑවා.කොහොම හරි දැං ඔන්න ඔය පරිගණක රාජයා නමෝවිත්තියෙන්ම වැඩියා.

Image

අර අනුරාධපුරේ කට්ටිය දන්න සෙල්ලම් ටික දාලා ඒක ඇටෙව්වා.ඒ වුනාට ඔක්කොම කළාට පස්සේ ඒක වෙන්නේ නෑ.එකට කොච්චර ඇන්නත් එක විදිහයි.පස්සේ ඉතින් ඔය රාජ්‍ය ආයතනවල අරයට මෙයාට ලියුම් ගහලා ඒවට සිහි කැඳවීම් ගහලා වැඩ කෝටියයි.කොහොම හරි කොළඹට කියලා අර ගත්ත සමාගමෙන් නියෝජිතයෙක් ගෙන්ව ගත්තා මේ අර්බුධය විසඳන්න.ඒකටත් කාලයක් ගියා,මොකද එයාලා ඒ වැඩේටම අනුරාධපුරේ යන්න එපායැ.ඔන්න ඉතින් අර නියෝජිතයා උදේ ‍රැයින්ම ගියා කොළඹින් අනුරාධපුරේට.ඒ වුනාට ඔන්න ගිය මනුස්සයා එදා හවසම එනවා ආපහු කොළඹ office එකේ අය ඇහුවා

“මොකද ගිය වැඩේ හරිද?මෙච්චර ඉක්මනට” මොකද කියනවනම් අනුරාධපුරෙට ගිහිල්ලා මේ වැඩේ කරගෙන එන්න දවස් එක් හමාරක් duty දාලා තිබ්බ හින්දා. මේ හිනාවෙලා කියනවා”මොන වැඩක්ද? එතන පණ තියෙන පිරිමියෙක් ඉඳලා නෑනෙ.”

Image

 

දැන් ඒකේ කෙල්ලනට මාර ඇම්ම.(ඒ කාලේ කෙල්ලන්ට,දැන් ඇන්ටිලා) මොකක්ද මේ පණ නැති පිරිමි කතාව කියලා දැන ගන්න.බලද්දි වෙලා තියෙන්නේ මේකයි.අර අනුරාධපුර office එකේ කට්ටිය පරිගනකය එකලස් කරලා වයර් එක ප්ලග් එකට ගහලා.ඒ ප්ලග් එකේ ලෙඩක් හින්දා ඒක එක පාරට ඇතුලට ගිහිල්ලා නෑ.ඉතින් හරියට power එක එන්නැතුව කොහොමද පරිගණකය on වෙන්නේ.ඉති  අර කියලා තියෙන්නේ හයියෙන් ඇනලා අර ප්ලග් එක ඇතුලට යවන්න පිරිමියෙක් ඉඳලා නෑ කියලා.ඒක හින්දා මාස ගානක් පරිගනකය කොට උඩ.

Image