රාවණා සීතා හා කැඩිල්ල.Ravanna,Seetha and bow.

රාවණා වගේම රාවණාගේ දුන්නක් කඩපු කතාවක් ළඟක ඉඳන් ලංකාවේ සිංහල අන්තර්ජාල කියවන්නන් අතර පැතිරිලා යනවා.රාවණා කෙසේ වෙතත් රාවණාගේ දුන්නක් කඩපු කතාව පැතිරිලා යන්නේ විහිළු කතාවක් විදිහට.

ඒත් ඇත්තටම රාවණාගේ දුන්න මොකක්ද?කවුද රාවණාගේ දුන්න කැඩුවේ?

මේ සියලු ප්‍රශ්න එහෙමම තියෙද්දි අදාල කතාව නිකං ලාමක ටිං ටිං විදිහට අරං හිනා වෙලා අමතක කරලා දානවා.

අද මං මේ කතාව ලියන්නේ මේකේ මුල්ම ඒ කියන්නේ original කතාව කියවන ඕනම කෙනෙකුට දැන ගන්න.ඒත් මං කියන්න ඕන මේ කතාව මගේ නිර්මාණයක් නෙවේ.මං මුලින්ම මේ කතාව කියෙව්වේ “”ගුරු සේවයේ රස කතා”” කියන පොතෙන්.මේ පොතේ  ප්‍රකාශකයා  මට අමතක වීම ගැනත් මං මගේ කණගා‍ටුව පළ කරනවා.

Image

sinhalapothak.blogspot.com

ඔය ලංකාවේ පාසල් ක්ෂේත්‍රයේ තියෙන එක පාලන ක්‍රමයක් තමයි ඉස්කෝල වලට කාලෙන් කාලෙට පරීක්ෂකවරු එවලා හොයලා බලන එක.මෙතනදි ගුරුවරු හොඳට උගන්වනවද කියන එක මූලිකව ඉස්කෝලේ ඉන්න අදාළ රාජ්‍ය සේවකයින් තමන්ගේ රාජකාරී හරියට කරනවද කියන එක බලලා යනවා.

ඔන්න දවසක් එක ඉස්කෝලෙකට ආපු පරීක්ෂකවරයෙක් ගුරුවරු හොඳට උගන්වනවද කියලා හොයලා බලන්න ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න ගත්තා.මේ පරීක්ෂකවරයගේ තියෙන එක පුරුද්දක් තමයි කොහොමහරි මොකක් හරි වැ‍රැද්දක් හොයන් අධ්‍යාපන කාර්යාලයට වාර්තා කරන එක.ඉතින් මෙයා එක එක විදිහට ප්‍රශ්න ඇහුවත් ළමයි ඉතින් කොහොමහරි උත්තරයක් ගැට ගහලා කිව්වා.ඉතින් මේ පරීක්ෂකවරයගේ හිතට හරි නෑ.ඒ පාර මෙයා ලමයින්ගේ සිංහල පොත පෙරලලා බැලුවා.ඒකේ තියෙනවා රාමායනය කතාවේ කොටසක්.

ඉතින් ඔය රාමායනය කියන කතාව දන්න අය දන්නවා ඒකේ තියෙන විදිහට සීතා කුමරිය, අම්මා තාත්තා නැතුව උපදින විදිහට තමයි ලියලා තියෙන්නේ කියලා.ඒ කියන්නේ ජනක කියන රජතුමා වප් මඟුල් උත්සවයට සහභාගී වෙලා ඉන්න අතර තුරදි සාන ලද බිමෙන් කුඩා දැරිවියක් හමු වුනා.ඇය සීතා කුමරිය විදිහට රජතුමා තමන්ගේ දියණියක් විදිහට හදා වඩා ගත්තා.නමුත් ඒ ගමන් ජනක රජතුමා හරි අපුරු ක්‍රීඩාවකුත් නිර්මානය කරලා තිබුනා යම් හෙයකින් මේ කුමරියගේ අයිතිකරුවෙක් ආවොත් කාට හිමි වෙනවද කියලා ‍තෝරගන්න.මොකද ඒ කාලේ ජාන ඉංජිනේරු විද්‍යාව දියුණු මට්ටමක තිබුණු බවක් වාර්තා වෙලා නෑ.

මේ සෙල්ලම තමයි ජනක රජතුමා සතුව තිබ්බ විසාල දුන්නක් තදින් ඇදලා ඒකට දුනු දිය එහෙම යොදලා ඒ දුන්න කඩන්න.

මේ දුනු කතාව කියද්දි මට මතක් වෙන්නේ යුලිසිස් කතාව.ඒකෙදිත් ඒ කියන්නේ හෝමර් විසින් රචිත ඔඩෙසි කියන කතාවේ පරිවර්තනයකට අනුව දීර්ඝ සමුද්‍ර ගමනකින් පස්සේ සිය රට බලා එන යුලිසිස්ට විතරක් අදින්න පුලුවන්වෙලා තිබ්බ දුන්නක් ගැන කතාවක් තිබුනා.කොහොමහරි අපි රාමායනේ කතාවට ආවොත් මේ දුන්න කඩා දමන, ඒ කියන්නේ අල්ලලා පොළේ ගහලා නෙවෙයි,ඇදලා නියම ක්‍රමය කඩන කෙනාට සීතා කුමරියගේ අයිතිය හිමි  වෙනවා.කතාව එලෙසම ගොඩක් කුමාරවරු ආවත් අපේ කතාවේ ප්‍රධාන චරිතය වෙන රාම කුමාරයා එනකන් කාටවත් බැරි වෙනවා ඒ දුන්න කඩලා දාන්න.ඉතින්  රාම කුමාරයා ඇවිල්ලා දුන්න කඩන්නෙත් සීතා කුමරිය ලස්සන කෙල්ලක් වෙලා ඉන්න කාලෙලු.ඒ කාලෙට ඉතින් සීතා කුමරිය හිමි කරගන්නේ කිරි පොවන්න නෙවෙයිනේ.ඉතින් රාම කුමාරයා සීතා කුමරියව බැඳ ගන්නවා.සමහරු කියන විදිහට නම් රාම කුමරයා එන කාලේ වෙන කොට අර ජනක රජුගේ දුන්න මලකඩ කාලලු තිබ්බේ.ඒක ඉතින් මං දන්නේ නෑ,කොහොමහරි රාම කුමාරයා ජනක රජුගේ දුන්න කඩලා සීතාව හිමි කරගත්තා.

දැන් අපේ කතාවට එමුකෝ.ඉතින් මේ පරීක්ෂකවරයා කල්පනා කරා මේක අහන්න.ඒත් එයා මේක ඇහුවේ වෙනස් විදිහකට.

“””ජනකගේ දුන්න කැඩුවේ කවුද?””

මතක තියාගන්න මෙතනදි මේ පරීක්ෂකවරයා මේ ප්‍රශ්නයට පසුබිම් වෙච්ච කිසිම දෙයක් කිව්වේ නෑ.ඒ ටික එයාගේ හිතේ.ඒත් ලමයි දකින්නේ තනි ප්‍රශ්නයක්නේ.ඒතමයි ජනක්ගේ දුන්න කැඩුවේ කවුද කියන එක.ඉතින් ලමයි තක්බීර් වුනා.

පරීක්ෂකවරයට සතු‍ටුයි.මොකද ලමයි කොර වුනානේ.ඒ පාර පරීක්ෂකවරයා සිංහ නාද කරලා ගුරුවරුන්ගෙනුත් ඇහුවා.එයාලත් දන්නේ නෑ.අන්තිමට පරීක්ෂකවරයා ඉස්කෝලේ ලොග් පොතේ සටහනක් දැම්මා “”පාසලේ අධ්‍යාපන කටයුතු අසතු‍ටුදායකය.ජනකගේ දුන්න කැඩුවේ කවුද කියා කිසිවෙක් නොදනිති””කියලා.ඒ වගේම ඒ සටහනේ පිටපතක් අධ්‍යාපන කාර්යාලේ අධ්‍යක්ෂකට එවන්න කියලත් කියලා ගියා.ඉතින් විදුහල්පතිවරයා ඒ කියපු විදිහටම සටහනේ පිටපතක් අධ්‍යාපන කාර්යාලෙට යැව්වම ඒ ලිපිය විවෘත කරේ ලේකම්.ඉතින් ලේකම් බැලුවා ආ මේ ඉස්කෝලේ උපකරණයක් කැඩිලා කියලා එයා එව්වා විදුහල්පතිට ලිපියක් මෙහෙම.

“පාසල් පිරියත හා උපකරණ නඩත්තු හා අලුත් වැඩියා කිරීමේ ටෙන්ඩරය තවම කැඳවා නොමැත.එතෙක් කැඩුනු කොටස් ඉන්වෙන්ට්‍රියෙන් ඉවත් කර වෙනම තබන්න””කියලා.

ඔන්න ඕක තමයි කතාව.එහෙම නැතුව රාවණාගේ දුන්නක් කැඩුවේ නෑ.

ඒ වගේම මේ කතාව ලාමක ටිං ටිං කතාවකුත් නෙවෙයි.මේ කතාවෙන් අපිට දෙන ආදර්ශය තමයි ප්‍රශ්න අහද්දි තමන්ට ඕන උත්තරේ හිතේ තියන් විවෘත ප්‍රශ්න අහලා වැඩක් නෑ කියන එක.

ඒ කියන්නේ විවෘත ප්‍රශ්න අහනවා එක එක විදිහේ උත්තර එන්න පුළුවන්.ඒත් ලකුණු දෙන්නේ එක උත්තරයකට.

උත්තරේ සිට ප්‍රශ්නය හැදුවට ප්‍රශ්නය විතරක් අරගෙන හිතන්නේ නෑ ප්‍රශ්න හදන කට්ටිය.ඔය සමාජ විද්‍යාවන් හදාරන කට්ටිය මේ තත්ත්වය අනන්තවත් දැකලා ඇති.

ඉතින් ඔය ඇකඩිමියාව වැළඳිච්ච කට්ටිය දිගටම අහන්නේ එකම ප්‍රශ්නය.

Image

ජනකගේ දුන්න කැඩුවේ කවුද?

cheating teachers ලංකාවේ ගුරු හොරු.

මේක ලිව්වට පස්සේ තැලෙන යකඩෙට උඩ පැන පැන දීමක් වෙනවා.ඒ වුනාට කමක් නෑ කියන්න තියෙන දේ කියලම දානවා.මේක ඇවිල්ලා ලංකාවේ ඉස්කෝල ක්‍රමය නැත්නම් පාසල් අධ්‍යාපන ක්‍රමය ගැන තමයි.මෙතනදි වෙච්ච දේ හැමෝටම වෙනවා කියලා කියන්නේ නෑ.ඒ වුනාට වෙන්න පුළුවන්.ඉස්කෝලවල පහළ පන්තිවලදි හරියට වෙන වැඩක් තමයි සමාන පද,විරුද්ධ පද,ඡ්ත්‍ර පද අරවා මෙව්වා හොය හොයා ලියන එක.

දවසක් මං  පොඩි කාලේදි  අම්මට සමාන පද ලියන්න කියලා ඉස්කෝලෙදි වැඩක් දුන්නා.කොහොමත් හැකි තරම් ලියන්න ඕන හින්දා මං ඉතින් දන්න හැම වචනයක්ම ලියුවා.මෙන්න පොත් බලද්දි  මං ලියපු එක වචනයකට වැරදි දාලා.මොකක්ද වචනය

“ජනනී”.

හේතුව අදාල ගුරුවරිය දන්නේ නෑ අම්මට සමාන පදයක් තමයි ජනනී කියන එක කියලා.

Image

මේ ගුරුවරීම තමයි පස්සේ වෙලාවක වතුරට අඹ කියලා ලියුවම ඒකට පොල් සයිස් එකේ වැ‍රැද්දක් දැම්මේ. ඇත්තටම ඒ වෙලාවේ මං ඒ ගැන තර්ක කරන්න ගියේ නෑ.ඒක කරබාගෙන හිටියා.පස්සේ කාලෙක මට තේරුනා ඒක ඒ ගුරුවරීගේ නොදැනීම කියලා.

පස්සේ කාලෙක මේ සිදුවීම මං තවත් යාලුවෙකුට කියද්දි එයාටත් ඒ වගේම අත්දැකීමක් වෙලා තිබුනා.ඒ සාමාන්‍ය පෙලදි.භාගික ආසවනයෙන් තෙල් හිඳීමට පාවිච්චි කරන පත්‍ර වර්ග ලියද්දි ඒ ලමයා පැඟිරි කියලා ලියුවම අදාල ගුරුවරී ඒකට ලකුණු දීලා තිබුනේ නෑ.මොකද ඒක ඒ ගුරුවරී නොදන්න හින්දා.

ඒ විතරක් නෙවෙයි විභාගේ වෙලාවෙදි පස්සේ වාර වලදි කියන් යනවලු “ලමයි අපි උගන්නපුවට විතරයි ලකුණු දෙන්නේ” කියලා.

ඇත්තටම ඉස්කෝල කියන්නේ දැනුම සැරිසරන තැනක් වෙලත් මේ වගේ ගල් යුගයේ චින්තනයක් තියෙන ගුරුවරු ඒක ඇතුලේ ඉන්නේ ඇයි?

ලංකාවේ ගුරු වෘත්තිය කියන්නේ පඩි අතින් ගත්තොත් අඩුම මට්ටමක තියෙන ඒත් ප්‍රතිලාභ අතින් උපරිම මට්ටමක තියෙන රස්සාවක්.ඒ හින්දා ඒක අර ‍රැකියාවක් විදිහට මොකක් හරි කරගෙන ඉන්න ඒ කියන්නේ ශේප් එකේ ඉන්න අයගේ සොඳුරු රජ දහනක් වෙලා.

තමන්ට අනික් අයට උගැන්වීමේ හැකියාව තියෙන නිසා නොව විවේකයෙන් රස්සාවක් කරන්න ඕන හින්දා ගුරු වෘත්තියට ආපු අය ගුරුවරු විදිහට පන්තියට ගියාම ඒ අයගේ පුද්ගලික ඕනම ප්‍රශ්නයක් ලමයි පිටින් යනවා.

අනික ගුරුවරයා කියන තත්ත්වය තුලම නායකත්වයක් ඔබ්බවන හින්දත් ඒ නායකත්වය කිසිම පෞරුෂයක් නැති නපුංසකයෙකුට දරා ගන්න බැරි හින්දත් ඒ නපුංසකයො ඉස්කෝලවල ලමයි මරාගෙන කන්න හදනවා.අපචාර කරනවා.

ඉස්කෝලෙට තෙල් ගාගෙන එන්න හොඳ නම් ජෙල් ගාන්න නරක ඇයි?

ඉස්කෝලෙට ලමයින්ට ජංගම දුරකථන අරං එන්න නරකයි නම් පන්ති කාමරේ ටීචර්ලා මල් කඩන්නේ ඇයි?

 

ලමයි අසභ්‍ය වචන කතා කරන්න හොඳ නැත්නම්, ඉස්කෝලවල staff room වල කුණුහරුප කතා පිරී ඉතිරී යන්නේ ඇයි?

ගුරුවරු කරන්නේ ඉගැන්වීම/ඉගෙන ගැනීමට මඟ පෙන්වීම නම් ඊට ඉස්සර ඒ ගුරුවරයාට ඒ විෂය ඉගෙන ගන්න බැරි ඇයි හරියට?

 

ලංකාවේ  ප‍ටුම සිතුම් පැතුම් ඇත්තේ ගුරුවරුන්ටද?

පාසල් වියේදී ඇතිවන ප්‍රේම සබඳතාවන්ට අත දාලා ඒ ලමයි සමාජය ඉදිරියේ අපරාධකාරයො කරවන්න ඒ ගුරුවරුන්ට අයිතියක් තියෙනවා නම් සිසුවො ඒ ගුරුවරුන්ගේ ප්‍රේම සබඳතාවන්ට අත දැම්මොත් මොකක් වෙයිද?

සිසුන්ගේ ජීවිත අවුල් කරන ගුරුවරුනි,විදුහල්පතිවරුනි,

ඔබ සැම ගුරුවෘත්තියෙන් සමු ගන්නා දිනයක් ඇත.ඔබ පිටින් නොයනා ඔබ කළ කරුම ඔබේ දරුවන්ට උරුම වනු දැකීමට ඔබ කැමති විය යුතුය.මන්ද පාසල තුල ඔබ මොන කෙරුමා වුවද සමාජය තුල ඔබ තවත් එක් පුද්ගලයෙකු පමණි.ඔබෙන් පීඩිත වූ සිසුවා සමඟ ඔබ ගනුදෙනු කළ යුත්තේද ඒ සමාජය තුලමය.

අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ.narrow minded teachers

ගුරු වෘත්තිය කියන්නේ ලංකාවේ ඉතා ඉහලින් පිළිගන්න වෘත්තියක්.අපි හැම කෙනෙක්ටම වගේ ඉස්කෝලේ ගිහින් තියෙනවනම් ගුරුවරු ගැන අපරිමාණව අත්දැකීම් ඇති.සමහර ඒවා හිතට සන්තෝෂ හිතෙන ඒවා වගේම තව සමහර ඒවා අදටත් අපිට තරහ ගෙනදෙන ඒවා වෙන්න පුළුවන්.අපි අදටත් අකමැති සමහර විෂයන් ඒ කාලේ හොඳ ගුරුවරු විසින් ඉගැන්වූවා නම් කියලා හිතෙන වෙලාවලුත් ඇති. මං අද කියන කතාව කෙනෙකුට අවශ්‍ය නම් අර සාමාන්‍ය විදිහටම මේ සමහර අය විතරයිනේ.අපිට හම්බවෙච්ච අය මෙහෙම නෑනේ.හොඳ අයද සිටිති කියලා කියන්න පුලුවන්.මොකක් වුනත් මං මේ කතාව කියන්නේ මේ කතාව කියවන කෙනෙක් අඩුම ගානේ මේ වගේ දෙයක් ඉස්සරහට නොවෙන්න වග බලාගනීවත් කියන අදහසින්.

Image

මේ සිද්ධිය වුනේ ලංකාවේ අතිශය සුප්‍රකට බාලිකා පාසලක.ඉස්කෝලේ නම කියන එක හොඳ නෑ.මොකද අර එක මකුණනේ කන්නේ තර්කය ගේන හින්දා.

ඔයාලා දන්නවා ඔය ඉස්කෝලවල ඉන්න ගුරුවරු විදුහල්පතිවරු හැමෝටම හවස 1.30ට සේවය නිම කර නිවස බලා යාමේ අවස්ථාව ලැබෙනවා කියලා.ඉස්සර නම්  හවස 2.00ට.ඉතින් මෙයාලා හිතන්නේ සේවය නිම කර යාමේ වෙලාව මෙයාලට 1.30 නිසාත් සෙනසුරාදා ඉරිදා නිවාඩු නිසාත් මේ ලංකාවේ ඉන්න අනික් අයටත් එහෙමම ඇති කියලා.

වෙලාවට අරින කාලෙකුත් තිබුනා.

ඔන්න දවසක් මේ කියන ඉස්කෝලේ 7-8 වගේ වසරක ඉන්න පංති භාර ගුරුවරී බොහොම සද්දෙන් තග දාගෙන පන්තියටම දානවා සත්තම.හෙට ඉස්කෝලේ මොකක්ද ‍රැස්වීමක් තියෙනවා,ඒකට සියලුම ළමයින්ගේ අම්මා හෝ තාත්තා පැමිණීම අනිවාර්යයි කියලා.ඒකත් කියන්නේ අද.

දැන් ගුරුවරී හැම ළමයෙක්ගෙන්ම අහනවා අත දික් කරලා නැඟිට්ටවලා “හ්ම්,ඔයාගේ කවුද එන්නේ,ඔයාගේ කවුද කියලා”

යුවනි මේ පන්තියේ හිටපු ටිකක් නිශ්ශබ්ද ලමයෙක්.ගුරුවරී යුවනිවත් නැගිට්ටෙව්වා.මොකද යුවනිගේ දෙමව්පියො කොහොමත් ඉස්කෝලෙට එච්චර ආවෙ නෑ.මේක ගුරුවරීට මතක තිබුනා.

“යුවනි,හෙට කාවද එක්කන් එන්නේ?”

“මිස්,……….”

“ඔව්,ඇයි මිස් මිස් ගාන්නේ”?

“මිස්,හෙට නිවාඩු ගන්න බැරි වෙයි,මිස්”

“නිවාඩු  නෑ….ඒ තාත්තටනේ.ඇයි අම්මට මක් වෙලාද?”

“………”

යුවනි ටිකක් වෙලා බලං හිටියා,නැගිටලා ඉන්න ගමන්ම.යුවනිගේ ඇසින් වැටිච්ච කඳුළු බින්දුව ඒ ගුරුවරීගේ ඇසට සංවේදී වුනේ නෑ.ඒත් යකඩ පන්නරය ලබන්නේ ගින්නෙන්,වතුරෙන් සහ තැලීමෙන් කියන හැම එකෙන්ම කියන එක මෙතනදිත් ඔප්පු වුනා.යුවනි තමන්ගේ හඬ අවදි කළා.

“මිස්,මට තාත්තා විතරයි ඉන්නේ.අම්මා මාව දාලා ගියේ මං ඉපදිලා අවුරුද්දෙන්”

Image

ගමේ කෙල්ල හා බැලේ නැ‍ටුම.Ballet dance in Sri Lanka????????????

සමහර දේවල් තියෙනවා අන්තිමට හොඳ කරන්න ගිහිල්ලා අපි අපිවම බයිට් කර ගන්න.පහුගිය දවසක මේ මංතුමාටත්  වඳින්න ගිය දේවාලයක් ඉහේ කඩාගෙන වැ‍ටුනානේ.

අපේ ගෙවල් ගාව අලුතින් බෝඩිමක නවතින්න ආවා ඉටිකිරිස් යුවතියක්.මට වඩා අවුරුදු 3-4 විතර බාලලු.මමත් ඉතින් ඒ ළඟ පාතින් යන එන ගමන් ඒ පැත්තට රබර් ඇහැ දාලා බැලුවා මොකද අර බයිබලෙත් කියලා තියෙනවලුනේ “අසල්වැසියාට ප්‍රේම කරන්න “කියලා.

කෙල්ල නම් ලස්සනයි.හැබැයි ඒක ග්‍රාමීය ලස්සනක්.ඒ කියන්නේ අර ගැමි ළඳක්.කෙල්ලට අපේ පැත්තේ ඉස්කෝලෙක ගුරු පත්වීමක් හම්බවෙලා.ඒ කියන්නේ ඇය ගුරුවරියක්.(කොහොමත් ඔය මිස්ලට කොල්ලො හරි මනාපයිනේ,මොකද එයාලා හැමදාම කියන්නේ ඊයේ නවත්තපු තැනින් අද ආයි පටන් ගමු කියලනේ)

කොහොමින් කොහොමින් හරි මේ යුවතිය එක්ක බාසාව දාගන්න මට පුළුවන් වුනා.මොනවා වුනත් මේ කෙලි පැටික්කි අර නියම ග්‍රාමීය විදිහට හැදිච්ච කෙල්ලක්.යම් විදිහකට කිව්වොත් හද්ද ඩොටේක හැදිච්ච වැඩිච්ච කෙල්ලක්.එක පාරට කතා නොකරත් මට මං දන්න ජිල්මාට් දාලා කෙල්ල මගේ නංගී ගාණට සෙට් කරගන්න හැකි වුනා කියමුකෝ.

නංගී විදිහට විතරයි,වෙන මොනවත් නෑ.

මෙයාගේ නම තමයි වත්සලා.අපේ පැත්තේ ඉස්කෝලෙක නැ‍ටුම්  තමයි උගන්වන්නේ.ඔන්න දවසක් එයා ඇවිල්ලා මගෙන් පොඩි උදව්වක් ඉල්ලුවා.

මොකක්ද උදව්ව.මොකද ඕනම කොල්ලෙක් බලන් ඉන්නේ කවුද අද මගෙන් උදව් ඉල්ලන් කෙල්ල කවුද කියලනේ,ඇයි කොල්ලො එච්චරම පරිත්‍යාගශීලීයිනේ,නේද?

කෙල්ලට ඕන වෙලා අපේ අර ඉස්කෝලේ (මතක තියාගන්න මේ ඉස්කෝලේ බාලිකා පාසලක්,නිකං නෙවෙයි ජනප්‍රිය ගනයේ එකක්) පොඩි පන්තිවල ලමයි ටික අල්ලන් එක වසරට ලමයි ගන්න දවසට තියන පිළිගැනීමේ උත්සවයේ බැලේ නර්තනයක් නටවන්න.(මට බැලේ නර්තනයක් කිව්වම එක පාරට තේරුනේ අනේ මට මේ නටන්න යන්න කතා කරනවා කියලා,කොහෙද?)

ඉතින් මට කියන්නේ,මොකද මං නැට්‍ටුක්කාරයෙක් කියලාද මේකි හිතාන ඉන්නේ?

නෑ.වත්සලාට ඕන කරලා තියෙන්නේ ඒකට බැලේ සංගීතයක් මං ලව්වා අන්තර්ජංජාලයෙන් හොයා ගන්න.කෙල්ලට එච්චර ඔය කෙහෙල්මල් තේරෙන්නේ නෑ, ඒහින්දා මට කිව්වා.ලංකාවේ ග්‍රාමීය හා නාගරික අධ්‍යාපනයේ බෙදීම් නිසා මේ වගේ දෙයකට මගේ උදව් ඉල්ලන එක මං එච්චර හෙළාදකින්නේ නෑ,අනික මොක වුනත් මේ වගේ ඉටිකිරිස් කෙල්ලෙක් උදව් ඉල්ලුවම මොන කොල්ලද නොකරන්නේ.

අනික පාර ඇහුවම මෝඩයා වගේ Google maps බලන්න කියන්නේ නෑ මං තුමා.දන්නවනම් එක්කගෙන ගිහිල්ලම පාර පෙන්නනවා මිසක් ෆෝන් එකේ වැඩ දාන්න ඕන නෑනේ.මොකද කෙල්ල පාර ඇහුවේ අපෙන් මිසක් ෆෝන් එකෙන් නෙවේනේ.

ඔන්න ඉතින් මාත් අන්තර්ජංජාලය පුරා අරහෙන් මෙහෙන් හොයලා ‍තෝර ගත්තා අර ඉස්කෝලෙ පොඩි ලමයින්ට හොඳ බැලේ සංගීතයන්, නාට්‍ය අරව මෙව්වා.

ඔන්න ඉතින් මං ඒක පෑනක දාගෙන අර ගෑනුලමයා ඉන්න බෝඩිමට හවසක ගිහින් ඒ ගෙදර පරිගණකයට දාලා දුන්නා.(මතක තියා ගන්න,මං ඒ කෙල්ලගේ කාමරේට එහෙම නෙවෙයි ගියේ,ඔන්න)

මං මුලින්ම බැලේ ඔපෙරාවක වීඩියෝවක් පෙන්නුවා.කෙල්ල ඉන්නවා හරියට පිටසක්වල ජීවියෙක් දිහා බලා ඉන්නවා වගේ.”අය්යෝ ඔය මොකක්ද,ඕවාද බැලේ කියන්නේ?”

“ඔව් නංගී, මේ අර එංගලන්තේ බැලේ වෙනුවෙන්ම පිහි‍ටුවලා තියෙන ඇකඩමියක ලමයි තමයි මේ රඟ පාන්නේ.බැලේ කියන්නේ අපේ රටේ දේශීය නර්තන කලාවට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්නේ.අපි දේශීය නර්තනයේදී පාදයේ පතුල මුළුමනින්ම පොළොව මත තියනවා.ඒත් බැලේ වලදි පොළොව මත ඇඟිලි තුඩු විතරක් තියලා අවකාශය මත රංගනයක් තමයි යන්නේ.එතනදි තමන් නිදහස් අවකාශයට තමයි තමන්ගේ නර්තන වින්‍යාසයන් විහිදී යන්නේ”මාත් ඉතින් මගේ දැනුම පෙන්නුවා.

ඒ වුනාට අපේ ඉස්කෝලේ බැලේ කියලා කළේ ඔය වගේ එකක් නෙවෙයිනේ.

මොකක්ද _____________,(මං අර ජනප්‍රිය ඉස්කෝලේ නම කිව්වා)

නෑ,මං ඉගෙනගත්ත එක,___________(ඒ කෙල්ල ඉගෙන ගත්ත ඉස්කෝලේ නම කිව්වා ඒකත් නම විතරයි,මං ඒ ඉස්කෝලේ නම ඇහුවෙත් එදාමයි)

 

ආ කාරි නෑ,මොනාද ගත්ත සංගීත කියන්න”

මාත් ඉතින් දාලා පෙන්නුවා අර සම්භාවනීය සංගීත රිද්ම කීපයක්.

ආපෝ,ඔය අර හවසට යන චූං පාං ලොරියේ සංගීතෙනෙ.

මොකා,

මෙය නම් අලුත් සොයාගැනීමකි.යුරෝපයේ 18 සියවසේ නිර්මාණය වූ සංගීත රිද්මයන් චුං පාං ලොරිවල රියදුරන් විසින් සොයාගත් එකක් බව මා දැන ගත්තේ එදාය.

ඔන්න එහෙමයි කතාව.අන්තිමට මං මෙන්න මේ සොයාගැනීම කිපයද වත්සලා එක්ක කතා කරලා දැන ගත්තා.

“චිත්‍රසේන යනු චිත්‍ර ශිල්පියෙකි(ඒකත් ශුවර් නැල්ලු)

ප්‍රේමසිරි කේමදාස යනු ප්‍රේමදාස ජනපතිගේ නෑයෙක් විය හැක.

ඇනා පැව්ලෝවා යනු ලංකාවේ ඉන්නා රුසියානු කෙල්ලෙක් විය හැක.

බැලේ නටන්නේ ඔලුව නැටවීමෙනි.

යකෝ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටිච්ච එකාට වඩා බයිට් එකක්නේ මට සෙට් වුනේ.

මේ කෙල්ල බැලේ ගැන මෙලෝ මලදානයක් නොදැන ටවුමක ඉස්කෝලෙක පොඩි එවුන්ව බැලේ නටවන්න හදනවා.

මටත් තිබුනේ අර බස්වල දාගෙන ඉන්න පජාත් ඉංග්‍රීසි සින්දු ටිකක් හොයලා දෙන්න,කෙළවෙලා යන්න කියලා.

කොහොමහරි වත්සලා ඒ ඉස්කෝලේ බැලේ කොහොමවෙතත් ඒ වගේ එකක් නැටෙව්වා කියලා නම් පස්සේ ආරංචියක් ආවා.ඒකෙන් පස්සේ කෙල්ල මට මූණ දෙන්නේ නෑ.බැලේ ශිල්පියෙක් වලෙන් නැගිටලා ආවවත්ද?

මේක අහපු තව යුවතියක් මට කිව්වේ “තමන්ට ගැලපෙන අය ආශ්‍රය කරන්න කියන්නේ ඒකනේ”කියලා.බලන් ගියාම ඒකත් ඇත්ත අප්පා.1 වසරේ ප්‍රශ්නයට 13 වසරේ උත්තර දෙන්න ඕන නෑනේ.