හිටියොත් දෙකට නැවී…kick your self

ප්‍රශ්න.මේ ලෝකේ ප්‍රශ්න නැත්තේ කාටද?ඒත් ඇත්තටම ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද?සාමාන්‍ය විග්‍රහය අනුව ගත්තොත් අපි යමක් ගැන අපේක්ෂා කරන මට්ටමයි,සත්‍ය මට්ටමයි අතර වෙනසක් තියෙනවා නැත්නම් වෙනසක් තියෙනවා කියලා අපි හිතුවම ඒක අපි දන්න විදිහට නරකයි කියන එක ප්‍රශ්නයක් කියලා කියන්න පුළුවන්.ඒත් ඇත්තටම ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද කියන එකට තව අයට වෙන වෙන නිර්වචන තියෙනවා වෙන්න පුලුවන්.කොහොමහරි ප්‍රශ්නය ඇතුලේ අපිට අපේක්ෂා පරතරය කියන එකක් තියෙනවා.අපි යමක් සැලසුම් කරලා ඒක ඒ විදිහටම සිද්ධ නොවුනම අපිට ගැටලුවක්.නමුත් ගැටලු ආවම අපි දන්නවා කොහේ හරි මොකක් හරි වැ‍රැද්දක් වෙලා තියෙනවා කියලා.

Image

එතකොට එක්කෝ වැ‍රැද්ද නිවැ‍රැදි කරන්න නැත්නම් වැ‍රැද්දට අදාළ යැයි හිතන කෙනා හොයලා එයාට බැටේ දෙන්න පියවර ගන්නත් පුලුවන්.

ගොඩක් වෙලාවට වෙන්නේ දෙවැනි එක.තේරෙන සිංහලෙන් කිව්වොත් කොන් හොයන එක.රාජ්‍ය ආයතනයක වුනත් පුද්ගලික ආයතනයක වුනත් ඔයා වැඩ කරද්දි දැකලා ඇති මොකක් හරි වැ‍රැද්දක් වෙච්ච ගමන් හොයන්නේ ඒ වැ‍රැද්ද නිවැ‍රැදි කරනවට වඩා ඒකට අහුකරන්න පුලුවන් කෙනෙක් හොයලා දඬුවම් දෙන එක.

අර බල්ලා කුස්සියේ වළ‍ඳෙන් හොස්ස දාලා කන එකට කරන්න පුළුවන් දේවල් අතරින් බල්ලා කාගේද වළඳ කාගෙද කියන එක මත ගන්න පියවර තීරණය වෙනවනේ.

බල්ලා තමන්ගේ නම් කරන්නේ වළඳ බිඳින එක.වළඳ තමන්ගේ නම් කරන්නේ බල්ලට ගහන එක.ඒත් වළ‍ඳෙන් බල්ලට කන්න බැරි වෙන්න වළඳ පැත්තකින් අරං තියන්න හරි බල්ලට එන්න බැරි වෙන්න දොර වහලා තියන එක හරි මේ එක ලොක්කෙකුටවත් තේරෙන්නේ නෑ.එහෙම නැත්නම් කවුරුහරි ඇවිල්ලා මේක විසඳලා දෙන්න කියලා උඩ බලාගෙන ඉන්නවා.

අද මේ වැඩේ ලංකාවේ හරි ජනප්‍රිය වැඩක් වෙලා.ඒ තමයි ප්‍රශ්නයක් වුනාම උඩින් එන බලවේගයකින් මේක විසඳලා දෙන්න ඕන කියන එක.සමහරවිට ඒක අදෘශ්‍යමාන බලවේගයක්.තමන්ට අද්භූත බලයකින් කරවගන්න ඕන කියලා හිතෙන ඒ කියන්නේ හොඳටම පායන කාලෙක වස්සන්න වගේ තමන්ගේ සිතීමේ සීමවාකින් ඔබ්බේ තියෙන දෙයක් සම්බන්ධයෙන් නම් කමක් නෑ කියමු.

ඒත් තමන්ගේ හැම වැඩකටම “”රජයේ මැදිහත්වීමක් “” ඕනේ කියන එක.ඒක මොන වගේ දෙයක්ද?

සත පහක් නොවටිනා කලා නිර්මාණ කරන පුද්ගලයට ඒ වෙනුවෙන් යමක් කරන්න බෑ කියලා ඔහු ඉල්ලනවා මේක රාජ්‍ය මැදිහත්වීමක්.ඇත්තටම තමන්ගේ හිපා‍ටු කමට රටක රාජ්‍යය පලිද?

තමන්ගේ හිපා‍ටු කලා නිර්මාණය කියලා කියන එක විකුණ ගන්න එක තමන්ගේ වගකීමක් කියලා මේ මිනිස්සුන්ට නොතේරෙන්නේ ඇයි?

හේතුව වැරදි පූර්වාදර්ශය.වැ‍රැද්දක් වෙනවට වඩා දරුණුම දේ වෙන්නේ වැරදි පූර්වාදර්ශයක් දෙන එක.ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නවා තමන්ට කොහෙන් හෝ අයුතු ප්‍රතිලාභයක් ලැබිය යුතුයි කියලා.

හේතුව තමන් තමන් හින්දා.

තමන් දේශපාලුවෙක් වෙන එක මේ රටේ නීතිය බල්ලට දාලා වැඩකරන්න තමන්ට ලැබෙන ලයිසන් එකක් කියලා හිතන මිනිස්සු ඉන්නවා.තමන් කලාකරුවෙක්,මාධ්‍යවේදියෙක් වෙන එක මාර්ග නීති කඩ කරලා තමන් අහවල් කෙනා කියලා නීතියෙන් ලිස්සලා යන්න හේතුවක් කරගෙන,ඒ වගේම ඒක ප්‍රසිද්ධ මාධ්‍යයේ කියන තරමට තුච්ච වෙලා.

ලංකාවේ යුද්ධේ තියෙන දවස් වල තමන්ට මාර්ග පරීක්ෂාවක තරමක වෙලාවක් ඉන්න වුනා කියලා ඩෝං ගිය එක්තරා ලොක්කෙක් ඒක කොච්චර අසාධාරණද කියලා පේන විදිහට (හැබැයි තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් විතරයි) නිර්මාණයක් කරලා තමන්ගේ තියෙන සබඳතා මඟින් රාජ්‍ය නාලිකාවකම පෙන්නුවා.ඒත් මේ බක්කට නොතේරුනු දේ තමයි එතකොට මේ වැඩේ හින්දා ලංකාවේ අනික් මිනිස්සු කොච්චර දුක්  වින්දද කියන එක.

මිනිහා කියන විදිහට එක එක්කෙනා එයාලගේ වාහන වල තියෙන ලකුණු බල බලා පාරේ ඕන ඕන විදිහට යන්න දුන්නොත් මොකක් වෙයිද?ඒක එයාලට කමක් නෑනේ.මොකද තමන්ගේ වැඩේ වෙනවනම් අනික් මිනිහා මළත් කමක් නෑ,මොකද තමන් හෙන බක්කෙක්නේ.

ම මුහුණ දීපු එක්තරා අත්දැකීමක් කියනවානම් දවසක් ලංකාවේ එක්තරා නම ගිය හාස්‍ය ශිල්පියකු මට හම්බවුනා එක්තරා අධ්‍යාපන ආයතනයකදි.එයාලා ඒකට ඇවිල්ලා තිබුනේ වැඩසටහනක් කරන්න.මේ කෙනා ඇවිල්ලා හඳුන ගන්න පුලුවන් ලේසිම ක්‍රමය තමයි එයාගේ ඔලුව.

මෙයාව එතන හිටපු සමහර අය ආ අර මේ අර නළුවනේ කියලා හොඳට පුම්බලා තිබුනා.එයා ඒ අර තමන්ව ලොකු කලාකරුවෙක් කියලා හඳුනගත්ත අයට හොඳට gas පෙන්නලා තිබුනා.ඔහු එතනින් යද්දි වුනත් හරියට ජනාධිපති යනවා වගේ තමයි ගියේ.

මොහුගේ රංගනය ගැන මට යම් පැහැදීමක් තිබුනත් මෙයා මට මහා පෞරුෂයක් වුනේ නෑ.ඒ හින්දා මූණටම හම්බු වෙච්ච මෙයාව මං සාමාන්‍ය කෙනෙකුට වඩා ගණන් ගත්තේ නෑ.ඒකට මෙයාට අවුල් ගියා.(සමහර විට මෙයා මට වඩා ගොඩක් මිටි හින්දාද දන්නේ දන්නේ නෑ,මොකද මං මෙයා දිහා බලනවා නම් බලන්න වුනේ ඔලුව පහලට නවලා,එතකොට මට පේන්නේ මෙයාගේ දිලිසෙන තට්ටය)

මං මහා ලොකු චරිතයක් නෙවෙයි,ඒත් මං මහා ලොකු චරිතයක් නොවෙච්ච පලියට මං එයාව දැක්කම හරියට ජනාධිපති දැක්කා වගේ වැඳ වැටෙන්න ඕන නෑනේ.ටික වෙලාවක් යද්දි මිනිහගේ ‍රැස් ටික ටික බැස්සා.ඒකන් මං තේරුම් ගත්ත එක දෙයක් තිබ්බා.අපි තමයි මේ සොකඩයින්ව පොරවල් කරන්නේ.

තමන්ව නැත්නම් තමන්ගේ ලමයව රූපවාහිනියේ ලොකුවට රටටම පෙන්න ගන්න එක තමයි ලොකුම වැඩේ කියලා හිතන් ඉන්න ලංකාවේ මිනිස්සු, මාධ්‍ය සොකඩයින්ව,කලා හෙංචයියන්ව පොරවල් කරනවා.ඉතින් එතකොට උන් අපිට තියලා අරින එක අහන්නත් දෙයක්ද?

කවුරු හරි මේ වගේ සොකඩයෙක්ව වැඩසටහනකට ආපු ගමන් ගන්නවා කෝල් එකක් කියනවා අනේ මං මේ ඔයාට සුභ පතන්න ගත්තේ කියලා.යකෝ රුපියල් 100 දැම්මම ඒකෙනුත් 25 බදු ගහන් රටේ, අපේ සුභ පැතුමෙන් තමා මේ සොකඩ සංවේදී කලාකරුවා ජීවත් වෙන්නේ???????????

වාචාලයා වගේ දොඩවන එකාට කියනවා අනේ ඔයා හරි ලස්සනට program  එක කරනවා කියලා.(කණ්නාඩිය ඉස්සරහට ගිහිල්ලා ඒකේ ඉන්න ඩයිනෝසරයට කියහංකෝ ඒක,සල්ලි වියදම් කරං ඒක ඌට කියන්න යන්නේ.මොකද ඒක හොයන්නේ ඒ ආයතනයේ නිලධාරීන් ඉන්නවා)

හිස් බැලුමක් අපි උඩ යවන්න යවන්න ඒකට අපිව පේන්න ගන්නේ පුංචියට.එතකොට අපි කොච්චර කෑගැහුවත් අපිව ඒකට ඇහෙන්නේ නෑ.සොකඩයින්ව උඩ දාන්න දාන්න වෙන්නෙත් අන්න ඒක.

ඒත් අන්තිමට අප විසින් උඩදාපු හිස් බැලුම්, අපිටම කෙළින්න ගන්නවා.පුදුමේ කියන්නේ ඒකවත් මිනිස්සුන්ට තේරෙන්නේ නැති එක.