how to cheat the merchant?මුදලාලිට පොල්ල තියන හැටි.

මුදලාලි කිව්වම අපිට මතක් වෙන්නේ බඩ තඩි තට්ටේ තියෙන කපටි පෙනුමක් තියෙන තල්මහෙක් වගේ මිනිහෙක්.මුදලාලි අපිට හැම විටම හොර කරන්න බලං ඉන්න මෝඩ ගෝලයො ඉන්න කෙනෙක් විදිහට සමහරු හිතනවා.ඉතින් අපේ අයියලත් බලන් ඉන්නේ කොයි වෙලාවෙද මුදලාලිට මොත්තේ දාන්නේ කියලා.මේ කතාවෙත් කියවෙන්නේ කට්ටියක් එක දිගටම මුදලාලිට මරුසිය දාපු විදිහක්.අදටත් මේ ක්‍රම පාවිච්චි කරලා බලන්න පුලුවන්.

Image

toriko.wikia.com

ඒ වුනාට ඇත්තටම වෙලා තියෙන්නේ නම් මීට අවුරුදු 20 කට විතර කලින් ලංකාවේ රට මැදට වෙන්න තියෙන සරසවියක කැන්ටිමකට සම්බන්ධව.වටේ යන්නේ නැතිව කතාවට බැස්සොත් මෙහෙමයි.

දවසක් එක කොල්ලෙක් දවල් දවසේ ලෙඩ වෙලා හොස්ටල් එකේ තමන්ගේ කාමරේට වෙලා ඉන්නවා.මේකට බඩේ අමාරුවක්.(කොල්ලට අපි නම දාමුකෝ ජයතු කියලා).මෙයා ඉතින් බඩේ මාරුවට MC එකට ගිහින් බේත් ගෙනල්ලා,එකත් ලාච්චුවේ දාගෙන හාන්සි වෙලා මනෝ ගගහ ඉන්නවා,සිවිලිම දිහා බලන්.දැන් වෙලාවත් ඇති දවල්  11ට විතර.ඔන්න ඔහොම ඉන්නකොට ජයතුගේ රූමා එනවා කාමරේට token එකකුත් අරං.ඒ දවස් වල මේ සරසවියේ කැන්ටිමේ කෑම ගන්න කලින් token එකක් සල්ලි දීලා ගන්න ඕන.එතකොට මුදලාලි එව්වා  ගානට තමයි බත් පැකට් සූදානම් කරන්නේ.ඉතින් ජයතුගේ යාලුවත් token එක අරං කාමරේට ආවා,ජයතුගේ ලෙඩ බලන්නත් එක්ක.ජයතුවට එච්චර අමාරුවක් නෑ කියපු හින්දා යාලුවා ගියා කොහාටද මන්දා.ඒ අතරේ ජයතුට පේනවා වසරේ සොයාගැනීම.

Image

glogster.com

අර token එක රෝස පාට කඩදාසියක අතින් ලියපු එකක්.ජයතුට බඩේ අමාරුවට MC එකෙන් දීපු බේත් ඔතලා දීපු කඩදාසියයි අර token කඩදාසියයි දෙකම එකයි.

ඉතින් ජයතු  කලේ හිමීට අර බේත් ඔතපු කොලේ අර token එක ගානට කපලා ඒකේ අර කැන්ටින්  මුදලාලිගේ අකුරු වලට සමාන විදිහටම “මාලු කෑම”” කියලා ලියන එක.දැං token දෙකයි.ජයතු බොරු එක මේසේ උඩින් තිබ්බ විදිහටම තියලා ඇත්ත එක ලාච්චුවට දැම්මා.යාලුවත් මොකුත් නොදැන අර බොරු token එක අරං කැන්ටිමෙන් කෑම එකක් අරං ආවා.යාලුවා කාමරේට ආවම ජයතු ඇහුවා

‘”මචං උඹ කෑම ගත්තද?””

“”ඔව්,ඇයි උඹට එපා කිව්වේ බඩ රිදෙනවා කියලා””

“”මං ඇහුවේ ඒක නෙවෙයි යකෝ,මේ බලපං උඹේ token එක.”

“ඈ,එතකොට මං අරං ගිය එක?”

“ඒක මං හදපු බොරු එකක්,බලපං මේ””

ජයතු පෙන්නලා කිව්වා මේ වැඩේ කරන හැටි.ඔන්න ඉතින් විනාඩි 5න් මුලු හොස්ටල් එකම දැන ගත්තා කතාව.ඔන්න ඊළඟ දවසේ කොල්ලො පෝලිමේ MC එක ගාව බඩේ අමාරුවලට බේත් ගන්න.

Image

annegallagher.com

අනික් පැත්තෙන් ජයතුවා බොරු token  හදනවා.අන්තිමට කැන්ටින් මුදලාලි ගාව token එකතු වෙනවා,සල්ලි නෑ.

ඒ පාර මිනිහා දෙමළෙන් ලියන්න ගත්තා token එක.මොන ජයතුවට දෙමළ බැරි වුනාට මිනිහට පුලුවන් ඕනම දෙයක් බලාගෙන ඒ ලෙසටම අඳින්න.

එක පැත්තකින් MC අය පුදුම වෙලා ඇයි මේ කොල්ලො ඔක්කොම බඩේ අමාරු හදාගෙන කියලා.කැන්ටිමේ මුදලාලි තක්කු මුක්කු වෙලා මේ වැඩෙ ගැන.

අන්තිමට මුදලාලි මේ token වැඩේ අතෑරලා දැම්මා.

හොඳ වෙලාවට මේ වැඩේ කෙල්ලො දැනං හිටියේ නෑ.මොකද එක කෙල්ලෙක් හරි දැන ගත්තනං අනිවාර්යයෙන්ම කෙල්ලො ජයතුවව පාවලා දෙනවා.අනික එක පාරට කෙල්ලො ඔක්කොම බඩේ අමාරු හදාගෙන MC ගාව හිටියානම් උන්ට තරු පෙනෙයි,යකෝ සතපුෂ්ප ඉල්ලන් එයිද දන්නේ නෑ කියලා.

මොනවා වුනත් මෙතනදි මුදලාලියට බකට් එකක් දීපු එක මං අනුමත නොකරන බව කියන්න ඕන.ඒ වුනාට මං මේක කියලා තියෙන්නේ මේ වගේ දේවලුත් වෙන්න පුලුවන් බව දැන ගන්න පුලුවන් වෙන්න.තව ,මේකත් කියන්න ඕන MC කියන්නේ  Medical Centre එක.

someone? or one?,එකෙක් ද? එකාද?

මේ කතාව සිද්ධ වුනේ කාර්මික අංශයේ කම්හලක.මේ කම්හලේ වැඩ ‍රැසක්ම සිදු කෙරුනේ යන්ත්‍ර සූත්‍ර වලින්.ඉතින් මේ යන්ත්‍ර කැඩුනොත් මුලු නිෂ්පාදන ක්‍රියාවලියම ඇණ හිටින්න පුලුවන්.

Imageදවසක් නොහිතපු විදිහට එක යන්ත්‍රයක් කැඩුනා.කළමනාකාරීත්වය වහාම කාර්මික ඉංජිනේරුවරයෙක්ව ගෙන්නුවා මේ ගැටලුව විසඳන්න.දැං ඔන්න අදාල කාර්මික ඉංජිනේරුතුමා ආවා හොඳට කිට මරලා එහෙම.මොකද මෙව්වා අර white collar jobs නෙ.එයා ඇවිල්ලා මුලු යන්ත්‍රය පුරාම හොඳට විමසලා බැලුවා මොකක්ද වෙන්න පුලුවන් කියලා.හැම කොටසක්ම එකින් එක බැලුවා.ඒත් ගලවලා බැලුවේ නෑ.යන්ත්‍රය තියෙන තත්ත්වයෙන්ම පණ ගන්වලා එහෙමත් බැලුවා,කොච්චර හොඳට වැඩකරනවද කියලා.දැං ඔන්න වැඩ සුපරීක්ෂකවරු එහෙමත් බලා ඉන්නවා මොකද කරන්නේ කියලා.ඉංජිනේරුතුමා බර කල්පනාවක.විනාඩි 15 විතර කල්පනා කරලා කිව්වා “හරි මෙන්න මේ ඇනය තද කරන්නකො” කියලා.ඉතින් යන්ත්‍රය බාරව ඉන්න කෙනා ඒ ඇනේ තද කලා.මෙන්න බොලේ යන්තරේ බබා වගේ වැඩ.හැමෝටම සන්තෝසයි.කළමනාකාරතුමත් බොහොම සන්තෝසවෙලා කතා කරලා ඇහුවා ගණන් හිලවු එහෙම කොහොමද කියලා.

“රු 15,000/=”.මේක ඇහුවම ඒ කළමනාකරුවා උඩ ගියා.”මොනවා,මේ එක ඇණයක් තද කරනවට රු 15,000/=???????????????” කට්ටියටම ලොකු පැණයක්.ඉංජිනේරුතුමා හිනාවෙලා කිව්වා,” නෑ,මං මේ ඇනය තද කරනවට ගන්නේ රු 10/= ගාස්තුවක්.””එතකොට ඉතුරු 14,990/=?”

මං ඒ ගාණ ගත්තේ මෙතන තියෙන ඇන දහස් ගාන අතරින් කොයි ඇනයද තද කරන්නේ කියලා හරියටම තීරනය කරන්න.”

 Image

දැන් කායික ශ්‍රමය මානසික ශ්‍රමයට වඩා උතුම් කියලා හිතන කෙනෙකුට මේක අහලා කියන්න පුලුවන් ඒක මේ අහවල් විෂමතාවයි අරක මේකයි,නමුත් ඒක තමා ඇත්ත.එතන තියෙන ඇනයක් තද කරලා අච්චර ලොකු ගානක් කිව්වම කෙනෙකුට හිතන්න පුලුවන් අපොයි ඕක මාත් කරන්නන්කො කියලා.ඒත් එයාට බැරි වෙන දෙය තමයි හරියටම කොයි ඇනයද කොච්චර  ප්‍රමානයකට තද කරන්න ඕන කියන එක තීරනය කරන එක.කායිකව කරන ශ්‍රමය යොදවද්දි අපිට ලැබෙනවා කොයි වැඩේ කොහොම වෙන්න ඕනද කියලා උපදෙස්.ඒ උපදෙස පිළිපැදීම තමයි ඒ ශ්‍රමිකයට කරන්න තියෙන්නේ.අනික ඔහුගේ කාර්යය මඟින් සෘජු බලපෑම වෙන්නේ බොහොම අඩු පරාසයකට.ඒත් මානසික ශ්‍රමය යොදවන කෙනෙකුගේ තීරනයක් මුලු පද්ධතියටම බලපානවා.අනික එයාට මානසික ශ්‍රමය යෙදවීමේදී කර කර ඒක හරිද වැරදිද කියලා බලන්න බෑ..ඒක හිතද්දිම බලන්න වෙනවා.

බේත් පෙට්ටිය ඔලුව උඩ තියාගෙන ඇවිදින හැමෝටම සිද්ධාලේප මුදලාලි වෙන්න බෑ.බස් වලට නැඟලා පොත් විකුනන හැමෝටම ගොඩගේ මුදලාලි වෙන්න බෑ.ඒකට හේතුව ඒ අයට වෙනත් අයට නැති සුවිෂේශී හැකියාවක් තියෙන එක.ඒකට සමහරු පින කියනවා.තවසමහරු දේව ආශීර්වාදය කියනවා.තව සමහරු ධනවාදයේ ඇති විෂමතාව කියනවා.

ඒත් මං නම් ඒකට කියන්නේ ඒක ඒ ඒ කෙනාගේ ව්‍යවසායකත්ව හැකියාව කියලා.අලුත් දෙයක් අලුත් විදිහට ඉදිරිපත් කිරීමේ හැකියාව.එතනදි හරි තීරන හරි වෙලාවට ගැනීමේ හැකියාව.එදා බිහි වුන සිද්ධාලේප මුදලාලි,ගොඩගේ මුදලාලිට වඩා අද බිහි වෙන තරුන ව්‍යවසායකයින්ට අර ගිනි දැල්ලෙන් පිච්චෙනවද කියලා අල්ල අල්ල ඉන්න ඕන නෑ.ඒකට වෙන ක්‍රම ඕන තරම් තියෙනවා.ඒත් මෙතනදිත් මං කියන්නේ එච්චර තියෙද්දිත් තමන් කරන්න ඕන මොකක්ද කියල තීරනය කිරීමත් එක් එක් කෙනාගේ හැකියාව.

සරලව කිව්වොත් දාහක් අතර කෙනෙක් නොව දාහකට කෙනෙක් වෙන්න.

Image