පූජනීයයි ආදරේ………..????????

කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාව,‍රැකවරණය.තමන්ට උපාධියේ තියෙන බර වැඩ ටික කර ගන්න එක.කෙල්ලෙකුගෙන් කොල්ලෙකුට ඕන තමන්ගේ රිපෝර්ට් ගොඩ දාගන්න එක,ඒ ඇරුනම වැඩ පුරුදු වෙන එක.මොකද මේ පරිසරයේ තිබ්බ මහා පාලුව,මාස ගනනකටවත් ගෙදර යන්න වෙන්නේ නෑ.හරියට ෆෝන් වල සිග්නල් වැඩ නෑ.මෙතනදි යාලු වෙච්ච බොහොමයක් අයට ආයි විවහයෙන් පස්සේ ඉගෙන ගන්න කියලා,අත්හදා බලන්න කියලා අලුත් දේවල් තිබුනේ නෑ.මොකද ඒවා එතනදිම අත් හදා බලලා තිබ්බ හින්දා.මේක ලංකාවේ අනික් සරසවි වලට වඩා බොහොම දරුණුවට මෙහේ තිබුනා.තමන්ගේ ජීවිතේ මුල්ම ආදරය අත් විඳපු පූජා කෙල්ලෙක් විදිහට තමන්ට උරුමවෙලා තිබ්බ හැම වටිනාකමක්ම අමිලට ඕනම වෙලාවක පූජා කරන්න ලෑස්ති වෙල හිටියා.ඒත් අමිලකියන්නේ සදාචාරවත් කොල්ලෙක් හින්දා ඌ කිසිම දවසක් රතු කට්ට පැන්නේ නෑ.ඒකට හේතු කීපයක් තිබුනා.අද එතන ඉඳං………..

Image

අමිල කියන්නේ ලංකාවේ ඈත දුෂ්කර ගමක ගොවියෙක්ගේ පුතෙක්.ක‍ටු මැටි ගහපු පොඩි ගෙදරක හිටපු කොල්ලෙක්.කෙනෙකුට හිතෙන්න පුලුවන් තමන්ගේ තරම නොදැන මහා උස ගහක තියෙන මලක් කඩන්න ඇයි අමිල ගියේ කියලා,ඒත් ඒ තමයි ආදරයේ ස්වභාවය.ඔයා ආදරය කරද්දි ඔයාට පේන්නේ ඔයාට දකින්න ඕන දේවල් විතරයි.අමිල පූජාව පූජනීය විදිහටම ‍රැක බලා ගත්තා.අව්වෙ ඉන්න වෙන,ඇවිදලා කරන්න වෙන ගොඩක් වැඩ වලදි පූජාගේ වැඩ කොටස කරලා දීලා තිබුනේ අමිල.අමිලට ඉංග්‍රීසි බැරි වෙන හැම වෙලාවකම අමිලව ගොඩ දාලා දුන්නේ පූජා.

අන්තිමේදී අන්තිම අවුරුද්දත් ආවා.කැම්පස් එකේ පළමු වසරේදි ගහපු කොකු ගොඩක් ඇද වෙලා කැඩිලා ගිහින් තිබුනා.ඒත් මේ සම්බන්ධය මෙහෙමම තිබුනා.දවසක් මේ කැම්පස් එකේ කට්ටියට පූජාගේ ගෙවල් පැත්තට යන්න ඕන කමක් වුනා.අමිලත් ආවා.එතන්දි තමයි අමිල වගේම බැච් එකේ ඔක්කොම පූජා කොච්චර ඉහල ධනපති පන්තියේ කෙනෙක්ද කියලා දැන ගත්තේ.අති විශාල තත්ත්වයේ නෑදෑයො ඉස්සරහ අමිලට තේරුනා තමන්ට මෙතන තැනක් නෑ කියලා.කොටින්ම මේ පරිසරයේදි පූජාගේ පවා වෙස් පෙරලුනා කියලා මුලු බැච් එකටම තේරුනා.

Image

ජීවිතේ හින්දි චිත්‍රපටි වලින් විග්‍රහ කරන්න පුලුවන්.ඒත් මේ මහ පොළොව උඩ පය ගහන මේ ජීවිතය හින්දි චිත්‍රපටියක් තරම් සුන්දර නෑ.තමන් මෙච්චර කාලයක් තිස්සේ පූජාවකට ගෙනියන මලක් වගේ ආරක්ෂා කරපු පූජාව මේ මහ පොලොවේ යථාර්තය හමුවේ අත හැර යන්න අමිල තීරණය කරා.පූජා හඬා වැ‍ටුනා.ඒත් හඬා වැටෙන මේ සමනලීව තමන්ගේ දෝතට අරගෙන ක‍ටු අත්තක දවටන්න අමිලට හිත් දුන්නේ නෑ.මොකද ඌ ඇත්තටම පූජාට ආදරය කරපු නිසා.පූජා හිතාන හිටියේ ආදරය කියන දේ හමුවේ ඔය කියන හැම බාධකයක්ම සුණු විසුනු වෙලා යයි කියලා.අන්තිමේදී මේ ප්‍රශ්නය මුල් කරගෙන බෙච් එක දෙකට බෙදුනා.කොල්ලො ගත්තෙ අමිලගේ පැත්ත.උන් කිව්වේ බැඳලා දුක් විඳිනවට වඩා මෙහෙම අයින් වෙන එක හොඳයි කියලා.ඒත් කෙල්ලො ටික කිව්වේ මෙච්චර කාලයක් ආදරය කරද්දි මේ පන්ති බේදය ගැටලුවක් නොවුනා නම් දැන් මොකක්ද ප්‍රශ්නේ කියලා.මෙතනට කට දාපු අපේ ඩෙඟා “උඹලට මේකේ සංදර්භය තේරෙයි යකෝ උඹලත් බැඳලා පඩි පෙලවල් ගහද්දි ” කියලා අන්තිමට මේක දිගටම ගිහිල්ලා ගහලා තිබ්බ අනික් කොකු කීපෙකුත් කඩලා ගියා.

මේ ඔක්කොම වෙද්දි පැත්තකට වෙලා අඬ අඬ හිටපු පූජාගේ ආදරය වෛරයක් වෙන්න වැඩි කලක් ගියේ නෑ.මං මේ වගේ ප්‍රතික්ෂේප වෙන්න ඕන කෙනෙක් නෙවෙයි කියන පූජාගේ මමත්වය උපරිමයටම නැග්ගා.පූජා අමිලගෙන් පලි ගන්න ගත්තා.කැම්පස් එකේ අවුරුදු 4 ම ඉවර හින්දා ඇතුලේදි ලොකු දෙයක් කරන්න බැරි වුනා.පූජා ගියා මූනු පොතට.ඒත් අමිල ඒ වෙනකොට තමන්ගේ account එක  delete කරලා තිබුනා.පූජා ඊළ්ඟට කලේ අමුතුම වැඩක්.එයා බැන්දා ලොකු කෙනෙක්ව.

Image

දෙන්නා හරියට කිංකොං එක්ක නයොමි වැට්ස් වගේ තමයි.ඒ වෙඩින් එකට ඔක්කොම බැච් එකට ආරාධනා කරලා තිබුනා අමිලටත් එක්කම.ඒත් කොල්ලො එකෙක්වත් ආවේ නෑ.ඒකේ පූජා තමන්ට කරන්න පුලුවන් අති දැවැන්තම විච්චූරණ ටික කරලා තිබුනා.ඒත් ඒ එකකින්වත් පූජාගේ වෛරය යටපත් වුනේ නෑ.පස්සේ දවසක් පූජා තමන්ගේ මිනිහගේ හයිය අරන් කට්ටියක්ව යවලා තිබුනා අමිලව බලලා එන්න.ඒත් ඒ වෙනකොට අමිල රට ගිහින් තිබුනා රස්සාවකට.පූජාට අදටත් එයාගේ හිතේ තියෙන වෛරය යටපත් කර ගන්න පුලුවන් වෙලා නෑ.  

දැන් පූජා කරන්නේ තමන්ගේ ධනයෙන් බලයෙන් ආඪ්‍ය වූ ජීවිතයේ සුඛ විහරණය මූනු පොතේ දිග අරින එක.එයා හිතන්නේ ඒක යම් කිසි දවසක අමිල දැක්කම අමිලගේ හිත රිදෙයි කියලා වෙන්නැති.

ඒත් අමිල මේ වෙනකොට තමන්ට ගැලපෙන ඒත් පූජා තරම් ලස්සන නැති එයා තරම් පෝසත් නැති ගෑනු ලමයෙක්ව  බැඳලා පූජාගේ  පවුල් ජීවිතයට වඩා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා කියලා පූජා දන්නේ නෑ.

ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්

මේ කතාව කෙනෙකුට වේදනාවක් වෙන්න පුලුවනි.තව සමහර කෙනෙකුට විහිලුවක් වෙන්නත් පුලුවනි.මොක වුනත් මේක ලියන්නේ මේ වගේ වැඩත් වෙන්න පුලුවන් කියලා දැන ගන්න.

Image

realsimple.com

මේක සරසවි කතාවක්.මේක කියවලා ගමේද වුනේ,ගෙදරද වුනේ වගේ අජූත ප්‍රශ්න නම් අහන්න එපා.සරසවියේ ඉන්න කොට කැටයක් කියන්නේ හරි අපූරු අත්දැකීමක්.කැටය දවසට ගෑනු ලමයි කණ්ඩායමක් පිරිමි ලමයි කීපදෙනෙකුගේ ආරක්ෂාව හා භාරය යටතේ කොහේ හෝ නගරයකට යැවෙනවා කැට හොල්ලලා සල්ලි හොයා ගන්න.මේක කෙල්ලො ටිකක් එක්ක කොල්ලො ටිකක් ආතල් ගන්න යන ගමනක් නෙවෙයි.ඒත් සමහර වෙලාවට මේ යන අය අතර ඊට පස්සේ ප්‍රේම සබඳතා ඇති වෙන්න පුලුවන්.විශේෂයෙන්ම ඒ වැඩේ එහෙම වෙන්න හේතුව ගෑනු ලමයෙක් මේ වයසේදි පිරිමි ලමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන ආරක්ෂාව,‍රැකවරණය කියන දේවල් කොච්චර දුරට ලැබෙනවද කියන එක ඒ ගෑනු ලමයගේ ඇස් දෙකින්ම දකින්න පුලුවන් වීම.කතාවට බහිමුකො මුලින්ම.දවසක් අපේ කැම්පස් එකේ කට්ටියකුත් මේ වගේ කැටයකට යන්න සෙට් වුනා.

කට්ටිය ගියේ මාතර.ගමන ගැන ලොකු කතාවක් කියන්න ගියොත් මේක දික් වෙන් හින්දා මං කට්ටිය ආපහු ආපු තැන ඉඳන් කතාව කියන්නම්.දැන් ඔන්න කට්ටිය ආවා කියමුකො.හොඳටම හවස් වෙලා කලුවර වැටිලා.දැන් බෝඩිම් වල ඉන්න ගෑනු ලමයින්ට තනියම යන්න බයයි.බයටත් වඩා ඒ කෙල්ලන්ගේ හැටි.ඉතින් ඔතන හිටපු අචිනිට (මේ යුවතියට මං අචිනි කිඅයන්නම්) එයාගේ බෝඩිමට යන්න බය වුනාට ඒක අපූරු බයක්.මෙයාට අනික් පිරිමි ලමයි එක්ක යන්නත් බයයිලු.ඒ වුනාට අපේ පැරා එක්ක යන්න බය නැල්ලු.(අපිට ඔය කතාව ඇහුවම පැරාගේ ස්ත්‍රී පුරුෂ භාවය ගැනත් ප්‍රශ්නයක් ආවා).

Image

wikihow.com

ඉතින් අපිත් ඔන්න ඉතින් පැරා ගොඩ කියලා පැරා එක්කම අර අචිනිව යැව්වා.දැන් ඔන්න ඔහොම වුනා කියමුකො.අචිනි සාමාන්‍යයෙන් නිතර ගෙදර යනවා.ඉතින් ගෙදර ගිහිල්ලා එද්දි අචිනි දැන් හැමදාම අපේ පැරාට වෙනමම බත් එකක් ගේනවා.ඒක හොඳට සරුසාර බත් රාජයෙක්.ඉතින් අපිට තේරුනා අචිනිගේ හිතේ පැරා ගැන පිළිබඳ සිතක් පහල වෙලා කියලා.අපි ඉතින් හරි බරි ගැහිලා හිටියේ මුන් දෙන්නව කොයි වෙලේද මල් බකට් කරන්නේ කියලා.ඒ වුනාට පැරා මේකේ වගේ වගක් නෑ.ඒ මදිවට අපේ සෙට් එකකුත් අචිනි පස්සේ කැරකෙනවා,උන්ටත් අවුල් මොකද අචිනිගේ හිත පැරාට ගිහින් හින්දා.දවසක් ඉන්නම බැරි තැන අචිනි අඬ ගහලා කිව්වා පැරාට

“අයියේ,මේ කැම්පස් එකේ ගොඩක් ලමයි මං පස්සේ එනවා.ඒත් මං ඒ එක්කෙනෙක්වත් ගනන් ගන්නේ නෑ.ඔයා ගොඩක් හොඳ කෙනෙක්.ඔයා දන්නවද ඔයාගේ යාලුවා මහිම ඔයා තරම් මට කිට්‍ටු වෙලත් නැති කොට එයා මගෙන් ඇහුවා යාලුවෙන්න”……………හිස් තැනක් තිබ්බේ ගෑනු ලමයෙක් හිස්තැනකින් කියන දේවල් දන්නේ එයාලම හින්දා.පැරා කියපි

“අයියො නංගි,ඌ හොඳ එකා,ඔයා ඌට කැමති වෙන්න,මටත් කෙල්ලෙක් ඉන්නෙ” මේ කතාව කිව්වා විතරයි අචිනිගේ ඇස් වල කඳුලු පිරෙනවා මේක ඈත ඉඳන් බලා හිටපු මාත් දැක්කා.කෙල්ල එහෙම්මම ඉද්දි පැරා එන්න ආවා 

ඌට මේ කෙල්ලගේ හදවතේ තෙරපෙන දේ තේරුම් ගන්න බැරිව ගියා,අචිනි බලා ඉඳලා හූල්ලලා යන්න ගියා.ඊළඟ සතියේ අපි දැක්කා අචිනි අපේ මහිම එක්ක ආදර මාවතේ පියමනින හැටි.දැන් මහිමත් අචිනිත් ලස්සන පෙම්වතුන් යුවලක්.ඒත් ටික දවසක් යනකං අචිනි පැරාව දැක්කම් මඟ අරින්න ගත්තා.පස්සේ ඒක මග ඇරුනා.හරියටම අන්තිම අවුරුද්දේ (හොඳ වෙලාවට ඉවර වෙලා) අචිනි පැරා එක්ක දවසක් තනියම කතා කරා.අචිනිට ඕන වුනා පැරාගේ හිත ගත්ත ඒ වාසනාවන්ත කෙල්ලව දකින්න.එතකොට අචිගේ හිත හැදිලා තිබ්බේ.ඒත් පැරා කියපු කතාව.

“අයියෝ නංගි ඒ මම විහිලුවට කිව්වේ,මට කෙල්ලෙක් නෑ”

Image

hdwallpapersinn.com

 

මේ කතාවෙන් පස්සේ අචිනි ගල් ගැහිලා වගේ පැරා දිහා බලා ඉන්නවා මං දැක්කා.

අචිනි මහිමව බැන්දද ? මමනම් දන්නේ නෑ.ඒත් අර පැරානම් අපත වැඩ කර කර ඉන්නවා.මම අචිනිවත් මහිමවත් එදායින් පස්සේ දැක්කේ නෑ.

මේ කතාව මට මතක්වුනේ ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරින්ගේ “ආදර හැඟුම්” ගීතය මතක් වුන හින්දා.