sing a song with your boss,ලොක්කාට සින්දු කීම

මගඩි වැඩක් දීලා ලොක්කට මාට්‍ටු වුනාම වෙන්නේ මොනවද කියලා ලොක්කෙක් යටතෙ වැඩ කරලා තියන අය දන්නවනේ.ඉතින් ඒ වුනාට අන්තිමට ලොක්කටම පරාජය භාරගෙන අකුලගෙන යන්න වුනාම ඒක ඊට හපන් චාටර් කිරිල්ලක් වෙනවා.අද කතාව ඒ ගැන.

Image

jokeroo.com

අපිට වසරකට විතරකලින් මාසෙකට සැරයක් වගේ අපේ HR එකෙන් නිතරම පුහුණු වැඩසටහන් සංවිධානය කරලා අපිට එන්න කියන පුරුද්දක් තිබුනා.ගොඩක්ම වුනේ එන්න කියනවට වඩා පැමිණීම අනිවාර්යයි කියලා ලියුමක් එවන එක.ඉතින්  මේ වැඩසටහන් ගොඩක් වෙලාවට තිබුනේ හවස.

අපි ඉතින් අපේ දෛනික වැඩ ටික ඉක්මනට අහවර කරලා දුවගෙන යන්න ඕන head office එකට.අපි හිටියේ ටිකක් ළඟ වුනාට හවස 5 පස්සේ කොළඹ පාරවල්වල තදබදය ගැන දන්නො දනිති.

ඒ වුනාට ලොක්කාට ඒවා අදාල නෑනේ.මොකද මිනිහාට තියෙන්නේ ඒ පැත්තේ කාමරේ ඉඳන් මේ පැත්තට එන එක. අනික ආවට පස්සේ ලොක්කගේ පුරාජේරුව අහන් ඉන්න තමයි වෙන්නේ.

ඊටත් වඩා ලොකුම බයිට් එක වුනේ මේකට පරක්කු වෙලා ආවොත් උන් අනිවාර්යයෙන්ම ලොක්කගේ බයිට් එකට අහුවෙනවා.මිනිහා පරක්කු වෙලා එන අයට කියනවා සද්දෙන් සින්දුවක් කියන්න කියලා ඔක්කොටම ඇහෙන්න.

එතන ඉඳන් සින්දුවක් කියනවා කියන්නේ මුළු HR එකටම කිව්වා වගේ තමයි කනේ තිබ්බ වගේ ඇහෙනවා.අනික ලොක්කා එහෙම සින්දු කියන්න බැරි වෙන එවුන්ව අන්තෙටම චා කරනවා.

විශේෂයෙන්ම ඔය කෙල්ලන්ට එහෙම හරියකට සින්දුවක් කියා ගන්න බැරි වෙනවා.ඔන්න ගිහිල්ලා මං තුමාටත් සෙට් වුනා මේ වැඩමුළුවකට හෙවත් ලොක්කාගේ පොර ටෝක අහන් ඉන්න යන්න.මං කොච්චර හිතන් හිටියත් කලින් යන්න office එකෙන් යද්දිම හවස 5.00යි.

දුවලා දුවලා යනකොට තව පරක්කු වෙච්ච වෙන කෙල්ලො දෙන්නෙකුත් මුණ ගැහුනා.දැන් ඔය වැඩමුළුව තියෙන්නේ ඒ තට්‍ටුවේ කොණක.අර කෙල්ලො දෙන්නා මෝඩ කමටද මන්දා කෙලින්ම ගිහිල්ලා අර වීදුරු දොරෙන් ඇතුලට බැලුවා.

මං නිකං පේන නොපෙනෙන ගානට හොරාට බැලුවා.බලද්දි ලොක්කා දේශනේ පටන් අරන්.මිනිහා දැක්කා අපිව.

එනවා ඇතුලට” ලොක්කා දෙසුවා.දැන් ඒ වෙද්දිම මං ඔලුව පස්සට අරං,මිනිහට එක පාර නෝට් වුනේ කෙල්ලො දෙන්නා විතරයි.

මං ඒ සැනින් දිව්වා wash room පැත්තට.මොකද මේකට ටයි දාගෙනනේ එන්න ඕනේ.මොකක් හරි මඟුලක් වුනොත් ඒකට ගියා කියනවා කියලා මං හිමීට ටයි එහෙම දාගෙන ආපහු ආවා.

එතකොට ලොක්කා අර කෙල්ලො දෙන්නා බයිට් කරනවා.දැන් මාත් ආවනේ මං හිතුවා ආ දැන් යුග ගීතයක් තමයි කියන්න වෙන්නේ මට නිකං කට හෙල්ලුවම හරිනේ කියලා.

Image

24wired.tv

කෙළියා තාප්පෙටම,අර කෙල්ලො දෙන්නා කියපි

“සර් මෙයත් අපි එක්ක තමයි ආවේ,අපිට ඒකයි පරක්කු වුනේ කියලා.

දැන් හරි බොසාට.මං අරුන් දෙන්නටත් පස්සේ ආවාට මදිවට උන් මාව පාවලාත් දුන්නනෙ ඔක්කොම ඉස්සරහ.(ලොක්කා හරි කැමති පාවලා දීම් වලට)

ලොක්කා මාව ගෙන්නුවා ඉස්සරහට.මිනිහා දුන්නා මට හොඳ ලෙක්චර් එකක්.දැන් අර කෙල්ලො දෙන්නවත් පරක්කු කළා කියලා මට දුන්නා සින්දු 3ක් කියන්න.

මම

පටන් ගත්තා සින්දුවක් කියන්න.ලොක්කා කවදාවත්ම ආයෙත් මේ වැඩේ නොකරන්නම.

Image

සින්දුව තමයි මොහිදීන් බෙග් මාස්ටර්ගේ බුද්ධං සරණං ගච්ඡාමි ගීතය.මේක බොහොම උච්ච ස්වරයකින් යන එකක්නේ.අනික විනාඩි 15 විතර දිගයි.මං ගිරිය පුප්පලා මහ සද්දෙන් මේක කියන්න ගත්තම තට්‍ටු දෙකක් නෙවෙයි එලියටත් ඇහෙන්න ගත්තා.

දැන් HR එකේ උනුත් බය වෙලා ඇවිල්ලා වීදුරුවෙන බලං ඉන්නවා.

ලොක්කා තක්කු මුක්කු වුනා.මේකා සින්දුව කියන්න කියපු හින්දා නවත්තන්න කියන්නත් බෑ.සවුත්තුවනේ.මං ඉති ඇද ඇද විනාඩි 10 විතර කියන්න ගත්තා.අනික මං  ඉස්කෝල කාලෙදි සංගීතෙ කරලා තිබුනේ නැති හින්දා මේක හරියට තල් අත්තට බොරලු වැටෙන්නා වගේ තිබුනා.

කොහොම හරි මගේ දීර්ඝ සින්දුව අවසාන වෙනවත් එක්කම ලොක්කා surrender වෙලා වැඩමුළුව පටන් ගත්තා.

මේකෙන් පස්සේ මට මේ කරදරකාර වැඩ මුළුවට එන්න කියලා කිව්වෙත් නෑ.සින්දු කීමත් නැවතුනා.අර මාව පාවලා දුන්න කෙල්ලො දෙන්නට මම රිටන් එක දුන්නා.ඒක පස්සේ කතාවකින්.

I don’t know why?එහෙම වෙන්නේ ඇයි?or I do know why?

යෝධයාගේ මල් උයන ලියපු ඔස්කාර් වයිල්ඩ්,සදාචාරවාදීන්ට අනුව අපචාරකරුවෙක්.රෙගේ සංගීතයේ අමරණීය සලකුණ බොබ් මාලේ,සම්ප්‍රදායික සංගීතකරුවො කියයි ගංජා කාරයෙක් කියලා.සාපේක්ෂතාවාදයේ පියා ඇල්බට් අයින්ස්ටයින්,කුණු හොයන්නො කියයි පිස්සෙක්,වල් මිනිහෙක්,ඉරිසියා කාරයෙක් කියලා.මහල්ලා සහ මුහුද ලියූ අර්නස්ට් හෙමිංවේ,(මතක තියා ගන්න ගීද මෝපසාං නෙවෙයි)සමහරු කියයි බේබද්දෙක් කියලා. ලංකාවෙත් ඕනතරම් ලමා අපචාරකරුවො,ගංජා කාරයො,වලත්තයො,ඉරිසියාකාරයො,පිස්සො,බේබද්දො ඉන්නවා.ඒත් මං කලින් කියපු චරිත වගේ වෙන්න එයාලට බැරි වුනේ ඇයි?මේක මේ ක්‍රමයේ වැ‍රැද්දක්ද?ධනවාදයේ වැ‍රැද්දක්ද?කරුමෙද? මොකක්ද?

Image

rapgenius.com

Image

wikipedia.org

පීසා හට් එකේ පීසා රස නෑ,ගොඩක් අය කියනවා.සමහරවිට ඒ කියන අයගේ බිරින්දෑවරුන්ට ඊට වඩා රස පීසා එකක් හදන්න පුලුවන්.ඒ වුනාට මිනිස්සු පීසා කන්න පීසා හට් යන්නේ උන්ට පිස්සු හින්දද?බෲස්ලිට වඩා හොඳ සටන් කරුවෝ හොංකොං වල වීදි වල ඉන්නවා වෙන්න පුලුවන්.ඒත් ඒ හැමෝටම බෲස්ලි වෙන්න බෑ.බිල් ගේට්ස්ට වඩා පරිගණක ගැන දන්න අය ලංකාවෙත් ඉන්න පුලුවන්.ඒත් ඒ කාටවත් බිල් ගේට්ස් වෙන්න පුලුවන්ද?

Image

digitalspy.com

ඇත්තටම අහවලාට වඩා දක්ෂ අය ඉන්න කොට අහවලාට වඩා ලොකු චරිතයක් වෙන්න ඒ අයට බැරි ඇයි?

මේ කතාව පැහැදිලි කරන්න වෙන්නේ ලංකාවේ අදටත් ජනප්‍රියම ගායකයා වෙන ජෝතිපාල මහතාගේ කතාවෙන්.(මේක ලියන මං ඇවිල්ලා ජෝතිපාල රසිකයෙක් නෙවෙයි,මම ජෝතිපාලගේ සින්දු මගේ රසවින්දනයෙන් බැහැර කරලා තියෙන්නේ).ජෝතිපාලට ලස්සන කටහඬක් තිබුනා.ඒ වුනාට ඒක හොයාගන්න අසීරු අමුතුවෙන් ප්‍රගුණ කරලා හදාගත්තු,ඒ කාලේ හැටියට ඉන්දියානු රාගධාරී සංගීතමය කටහඬක් නෙවෙයි.කොටින්ම කිව්වොත් ජෝතිපාලගේ වගේ කටහඬ තිබුනු මිනිස්සු ඕනතරම් ඒ කාලේ හිටියා.අදත් ඉන්නවා.එහෙනම්   තවමත් ජෝතිපාල ඇයි මෙච්චර ජනප්‍රිය?

අර ජෝතිපාල වගේ (වෙන්න ජෝතිලා) සින්දු කියන අය එච්චර ජනප්‍රිය නැත්තේ ඇයි?

හේතුව තමයි අනන්‍යතාව.තමන් තමන්ට අනන්‍ය නොවුනම තමන්ගේ ප්‍රතිරූපය අනුන්ගේ කොපියක් වුනාම තමන්ගේ තියෙන ස්වීයත්වය නැතිවෙන්න ගන්නවා.

Image

wix.com

තේරෙන සිංහලෙන් කියනවානම් තමන් අර, රෙදි දුන්නහම කපලා මහලා තමන්ම ඇඳ ගන්න තරමේ කෙනෙක් වෙනවා කියන එක තමන්ටම නොතේරෙන තත්ත්වෙට වැටෙනවා.මොකද තමන් උත්සාහ කරන්නේ අහවල් කෙනාවගේ වෙන්න මිසක් තමන්ම ගොඩ නැ‍ඟෙන්න නෙවෙයි.එතකොට තමන් කොච්චර දක්ෂයෙක් වුනත් තමන්ට යන්න පුලුවන් උපරිම දුර අර වෙනත් ප්‍රතිරූපයක හෙවනැල්ලට සීමා වෙනවා.

අනික් කාරණේ තමයි තමන්ට කොච්චර දක්ෂතා තිබුනත් ඒ දක්ෂතා තමන් කොහොමද අලෙවි කරන්නේ කියන එක මාර වැදගත්. මොකද ජෝතිපාල වගේම කටහඬ තියෙන මිනිස්සු ඒ කාලේ කොච්චර ඉන්න ඇත්ද?ඒ එක මිනිහෙක්ටවත් තමන් මේ කට හඬ සින්දු කියන්න යොදාගෙන කට්ට කාගෙන බැණුම් අහගෙන චාටර් වෙවී ගායකයෙක් වෙන්න එක්කො ඕන කම තිබිලා නෑ,එක්කො ඒ එන බාධක ඉදිරියේ උත්සාහය අතෑරලා.ඒත් උත්සාහය දිගටම අරගෙන ගිය කෙනා අන්තිමේදී ජයග්‍රහණය කළාම අයියෝ ඕක මටත් පුලුවන්නේ කියලා කියන්න අය ඕනතරම් ඉන්නවා.

ලංකාවේ සුලු පරිමාණ ව්‍යවසායකත්වය නග්ගලා ගන්න හදන ගොඩක් උත්සාහයන් වතුරේ යන්න එක හේතුවක් ඕක.මොකද ගමේ එක්කෙන්ක් කඩයක් දැම්ම්ම අනික් අයත් හදනවා ඒ වගේම කඩයක් දාන්න,ඒත් ඊට වඩා හොඳ කඩයක් දාන්න,ඊට වඩා වෙනස් දෙයක් දෙන්න හදන අය හරිම අඩුයි.කඩ දානවා ඉවරයකුත් නෑ,ගොඩ යෑමක් පේන්නත් නෑ.ඉතින් තව එකෙක්ගේ බෙල්ල කපලා ගොඩ යන්න තමයි හදන්නේ.ඇත්තටම කරන්න ඕන තමන්ට තමන් වෙනුවෙන් කරන්න පුලුවන් දේ නෙවෙයි තමන්ට අනුන් වෙනුවෙන් කරන්න,දෙන්න පුලුවන් හොඳම දේ.