පැයකට කීයද?how much for an hour?

ඔය බඩු ඇවිල්ලා කොහොමත් ගණන්.අනික ලංකාවේ නිතරම වෙන වැඩේ තමයි බඩු ගනන් උස්සන එක.ආර්ථික විද්‍යානුකූලව කියනවනම් උද්ධමනය කියන්නේ ඒක.ඕකෙම අනික් එක තියෙනවා ඒ බඩු ගනන් අඩු වෙන එක.එතකොට ඒක අවධමනය.කොහොමත් ඔය ගණන් උස්සන බඩු හිමීට ගනන් බස්සන වෙලාවලුත් නැතුවම නෙවෙයි.අනික ඔය සමහර බඩු ගනන් උස්සන්න උස්සන්න අපි තව තව පස්සෙන් යනවා.එතකොට බඩු තව තව උස්සනවා ගාන.අනික ඔය සේවා එහෙමත් ඒ කියන්නෙ වැඩ කරවා ගන්නත් ගානක් ගන්න කොට එව්වත් උස්සන වෙලාවල් එනවා.ඒ හින්දා සේවාව ගන්න කලින් අහන්න ඕන කීයද ගාන කියලා.මොකද සේවාව භුක්ති විඳලා ගාන ගෙවන්න ගියාම අනිවාර්යයෙන්ම කියන ගාන ගෙවන්න වෙන හින්දා.ඉති  සේරටම කලින් ගාන අහන එක හොඳා.පස්සේ උස්සන එකට වඩා.

Image

indiatimes.com

ඔන්න මේ කියන කතාව වුනේ අපේ අභ්‍යන්තර විගණන අංශයේ.මේකේ වැඩ කරද්දි අර කාර්යාලයක ඉඳගෙන පු‍ටුවක් උඩට වෙලා වැඩ කරනවට වඩා නිතරම එක එක තැන් වල යන්න වෙනවා.සමහර වෙලාවට assignment හම්බවුනොත් වෙන වෙන ආයතන වලටත් යන්න වෙනවා.ඔන්න දවසක් අපේ මේ අංශයට ආවා අලුතෙන් හාදයෙක්.මේකා ආපු ගමන් වැ‍ටුනේ අර ඒ දවස් වල එක්තරා ලොකු සමාගමක් තව සමාගමක් අත්පත් කරගත්තු එකක assignment එකකට යන්න.ඇත්තටම මේ වගේ ඒවට යන්න වෙන දවසට මාර කට්ටක්.ඒ වුනාට කරලා ආවට පස්සේ මාර ගති.

මොකද පිට ගියාම අපිට වෙනම සල්ලි ගන්න පුලුවන්.ඔන්න මේ අලුතින් ආපු කොලුවා,අපි නමකුත් දාමුකෝ රොෂාන් කියලා,මේ ආයතනයට වගේම අංශයටත් ආපු ගමන් අර පිට යන වැඩේට ගිහිල්ලා ඇවිල්ලා office එකේ ඉන්නවා.මිනිහා එක්ක ගිය අනික් කට්ටිය දැන් සල්ලි ගන්න කොල පුරවනවා.දැන් රොෂාන් අහනවා

“” මොනවද අයීයේ මේ පුරවන්නේ”? 

Image

researchingreform.net

 

“”ආ මල්ලි ,උඹ අලුතෙන්නේ ආවේ,දැන ගනින් අපි මෙහෙම පිට වැඩ වලට ගියාම අපිට ඒවාට වෙනම ගෙවනවා.අපි වැඩේට ගතකරපු කාලේ,ඒ කියන්නේ දවසක් නම් පැය 8 කට ගෙවනවා.මෙන්න මේ කොලයක් පුරවලා ගනින්.”” අපේ කොල්ලෙක් කිව්වා.

දැන් ඔන්න ඉතින් මිනිහත් මාර උනන්දුවෙන් කොලයක් අරන් පුරවනවා.(මේකට අපි work sheet  කියන්නේ).ඕකේ තියෙනවා සබ්බ සකලමනා විස්තර.ඕකේ තියෙනවා පැයක රේටය කියලා හිස්තැනක්.දැන් රොෂාන්ට මේක තේරෙන්නේ නෑ.අනික මිනිහා ඇවිල්ලා අර බට ලයිට් පොරක්.මිනිහට මොනව හරි කියලා කරන්ට් පාස් වෙන්න ගොඩක් වෙලා යනවා.ඉතින් කොල්ලා ඇවිල්ලා අහලා තියෙනවා අපේ එකෙක්ගෙන්ම

“”මචං මොකක්ද මේ පැයක රේටය කියන්නේ,කොහොමද ඒක දාන්නේ?”

“කියලා.දැන් අර අපේ එකා ඇවිල්ලා වැස්සකට වත් කැම්පස් නොගිය එකෙක් වුනාට අර තමන්ගේ ආයතනයට අලුතෙන් එන එවුන්ව හොඳට ‍රැග් කරලා ගන්න ඕන කියන මතේ ඉන්න එකෙක්.ඒකා කියලා තියෙනවා

“”ආ මල්ලි ඔය කියන්නේ පැයකට ගන්න ගානනෙ.ඔයා ගිහිල්ලා අර accounts  එකේ චතුරි මිස් ගෙන් අහන්නකෝ එයා දන්නවා “” කියලා.දැන් ඔන්න රොෂානුත් යනවා චතුරිගෙන් අහන්න මේක.

චතුරි කියන්නේ අපේ accounts එකට මාස 6ට විතර කලින් ආපු කෙල්ලෙක්.කෙල්ල ඇවිල්ලා අර මේකප් නාලා එන ජාතියේ කෙල්ලක්.ලස්සන කඩා හැලෙනවා.අනික අඳින්නේත් හොඳට රෙදි එහෙම ඉතුරු කරලා.ඒ හින්දා දැක්කම කොල්ලෙක්ගේ ගෝලීය උණුසුම ඉහල යනවා ඉබේම.

Image

fanpop.com

branch එකේ කොල්ලො දහයක් විතර මේකට ඇණ වුනා ඇවිල්ලා මාස 6ට.අනික මේ කෙල්ලට හොස්ස ලඟින් මැස්සා යන්න බෑ මූලග්ගාය හැදිලා වගේ මල පනිනවා.

ඒ කියන්නේ නියම මිරිස් කරලක්.ලස්සනයි හැබැයි වසයි.

Image

canstockphotos.com

දැන් ඔන්න රොෂාන් accounts එකට ගිහිල්ලා ඇහුවා “” චතුරි මිස් කියන්නේ කාටද?”කියලා.එහෙනුත් පෙන්නුවා ආ අන්න අරෙයා තමයි කියලා.ඔන්න රොෂානුත් ගිහින් ඇහුවා එයාගේ ජීවිතය වෙනස් කරපු ප්‍රශ්නය.

“”චතුරි මිස්,පැයකට කීයක් ගන්නවද?””

“”චටාස්””

Image

americanvision.org

ඊට එහා පැත්තේ හිටපු අපිටත් කනේ තිබ්බා වගේ ඇහුනා චතුරිගේ ආශීර්වාද පූජාව.ඇවිල්ලා අලුත මේ වෙච්ච දේ හිතා ගන්න බැරිව තව කෙල්ලෙකුගෙන් උදේම කම්මුලත් අත ගාවගෙන,බැණුනුත් අහගෙන.අනික accounts එකේ වැඩි හරියක් කෙල්ලො.

හොඳ වෙලාවට අපේ පැත්තෙ හිටිය සදිනි දුවලා ගිහිල්ලා රොෂාන්ව ඇදගෙන ආවා.චතුරි රොෂාන්ව මරන්න කලින්.

පස්සේ සදිනි (මේ කෙල්ල ඇවිල්ලා රත්තරං කෙල්ලෙක් අදටත් අපි දන්න) ඇත්තටම වෙච්ච කතාව හිමීට චතුරිට කියලා තියෙනවා.ඒක අහපු චතුරි ඒ කාර්යාලේදි මුල්ම හා අවසාන වතාවට අඬනවා දැක්ක කියලා සදිනි අපිට කිව්වා.ඊළඟ දවසේ චතුරි ඇවිල්ලා රොෂාන්ගෙන් සමාව ඉල්ලුවා කම්මුල් පාරට.රොෂානුත් සමාව ඉල්ලුවා එච්චර කල්පනා නොකර ඒක ගිහින් අහපු එකට.කොහොමහරි දෙන්නට දෙන්නා සමාව ඉල්ලපු එක කොච්චර හොඳට වැඩ කරාද කියලා කියනවනම් ඊට මාස 3කට පස්සේ රොෂාන් චතුරිව පැයකට නෙවෙයි ජීවිතේටම අයිති කර ගත්තා,නීත්‍යානුකූලවම.

මං එයාට ආදරේද?

ආදරය කියන්නේ මේ ලෝකයේ තියෙන විප්ලවීයම හැඟීම.අපිට කාටවත් ආදරය කරන්න එයාගෙන් අවසරය ඕන නෑ.ආදරය කරන්න අපිට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඒ හා සමාන ආදරයක් ඕන වෙන්නෙ නෑ.ආදරය ගනුදෙනුවකින් එහාට ගිය දෙයක් වෙන්නෙ ඒ නිසයි.ඒත් ආදරය උපදින්නෙ කාටවත් නොදැනීම,ඒ හින්දා ඒ ආදරය මොන වගේ තද බල කුණා‍ටුවක් වෙන්න පුලුවනිද කියලා කිසි කෙනෙකුට කියන්න් බෑ.ඕනම කෙනෙක් ආදරය කියන දේ වටහාගන්නේ තමන් තුල තියෙන රික්තකයක් පරිපූර්ණත්වයට පත් කර ගන්න ඉවහල් වෙන සංකල්පීය දෙයක් විදිහට.තමන්ගේ ආදරය ප්‍රතික්ශේප වුනාම තමන් මෙහෙම ප්‍රතික්ශේප වෙන්න ඕන මාදිලියේ කෙනෙක් නෙවෙයි කියන තමන් තුල ඉන්න මමත්වය එලියට එනවා.ආදරය වෛරයක් බවට පත් වෙන්නේ අන්න ඒ විදිහට.මේ පූර්විකාව කියන්නේ ඇත්තටම සිද්ධ වෙච්ච අපූරු ආදර කතාවක දැවී ගිය අලුවලට වටිනාකමක් දෙන්න මිසක් එව්වට ආයි පණ දෙන්න නෙවෙයි කියලත් කියන්න ඕන.

Image

පූජා කියන්නේ ලංකාවේ අගනගරයේ සුපිරි බාලිකා විදුහලක ඉගෙන ගත්තු යුවතියක්.එයාගේ පවුලේ හැමෝගෙම එයා සුරතලී වෙච්ච නිසත් උපතින්ම විශාල ධනයකට හිමිකම් කිව්ව නිසත් මෙයා දුක කියන දේ ඉතාම අඩුවෙන් විඳපු කෙනෙක්.මන බඳිනා රූ සපුවකට හිමිකම් කියපු නිසා ඕනම කොල්ලෙක්ගේ අවධානය මේ වගේ කෙල්ලෙකුට යොමුවෙන එක සාමාන්‍ය කරුණක්.ඒ හින්දා ගෙදරිනුත් ලොකු ආරක්ෂාවක් දීලා තිබුනා.කිසිම කොල්ලෙකුට මේ ආරක්ෂාව එක්ක පූජාට කිට්‍ටු කරන්න පුලුවන් වෙලා තිබුනේ නෑ.මගේ වදනින්ම කියනව නම් පූජා කියන්නේ බඹරෙකුට තියා මීමැස්සෙකුටවත් ඇස නොගැ‍ටුන මොලකැටි මලක්.පිණි බින්දු ඉහිච්ච උදයේ පිපුණ සුගන්ධනීය පුෂ්පයක්.

Image

A/ L වලට ජීව විද්‍යාව ‍තෝරගත්ත පූජා තේරුනේ ලංකාවේ තියෙන අතිශය දුෂ්කර ඒත් රමනීය පරිසරයක් තියෙන විශ්ව විද්‍යාලයකට.තමන්ට තිබ්බ වත් පොහොසත්කම් එක්ක විදේශ සරසවියකට යන්න හැකි වුනත් පූජාගේ ජීවිතය මේ විදිහට ලියවෙන්න තිබ්බ විදිහට වෙන්න ඇති එයාට මේ සරසවියටම එන්න හිතෙන්න ඇත්තෙ.මේ සරසවිය අති දරුණු විදිහට නවක වදය දෙන දෙවන වසරේ ශිෂ්‍යයන්ට ජේෂ්ඨ උත්තමයා කියලා කියපිය කියලා උගන්වන බක්කො ටිකක් ඉන්න තැනක්.කොටින්ම කිව්වොත් ‍රැග් සීසන් එක ඉවර වෙනකන් කිසිම ලමයෙකුට ගෙදර,ක්ලාස් එන්න නොදෙන ජෙප්පො ‍රැලක් ඉන්න් තැනක්.මෙතනට ගිය පූජාට දැනුනේ තමන් වෘකයො ‍රැලකට මැදි වෙච්ච බැටළු පැටියෙක් වෙලා කියලා.ඉංග්‍රීසියටම හුරු වෙච්ච තමන්ගේ කට අමාරුවෙන් පරිස්සමින් හසුරුවන්න වුනා.අර මහා ලොකු ජේෂ්ඨ උත්තමයො රෙග් සීසනෙක ඉවර් වෙනකම් කොටි ‍රැල වගේ බලාගෙන හිටියේ  මේ බඹරු නොදු‍ටු මලේ පෙති තලන්න.

Image

ඒත් පූජා දිහා එයාලට අමතරව බලාගෙන හිටපු තව කෙනෙක් හිටියා.ඒ අමිල.අමිල ඒ නවක සිසුන් අතරම හිටපු කොල්ලෙක්.පූජා කියන්නේ නිර්මල මලක් බව අමිල දැන ගත්තත් එයාගේ හිතේ පූජා ගැන තිබුනේ ආදරයක්.රාගයක් නෙවෙයි.‍රැග් සීසන් එක ඉවර වෙනවත් එක්කම අර ජේෂ්ඨ උත්තමයින්ට කලින් අමිල ඉස්සර වුනා.අමිල සේරටම කලින් පූජාගේ පෙම්වතා බවට පත් වුනා.අනික් හැමෝම් ඉරිසියාවේ පැලෙන්න හැදුවත් දැන් කරන්න දෙයක් නෑ.මේ පරිසරයේ සරසවි ප්‍රේමය කියන්නේ ටිකක් වෙනස් දෙයක්.කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාව,‍රැකවරණය.තමන්ට උපාධියේ තියෙන බර වැඩ ටික කර ගන්න එක.කෙල්ලෙකුගෙන් කොල්ලෙකුට ඕන තමන්ගේ රිපෝර්ට් ගොඩ දාගන්න එක,ඒ ඇරුනම වැඩ පුරුදු වෙන එක.මොකද මේ පරිසරයේ තිබ්බ මහා පාලුව,මාස ගනනකටවත් ගෙදර යන්න වෙන්නේ නෑ.හරියට ෆෝන් වල සිග්නල් වැඩ නෑ.මෙතනදි යාලු වෙච්ච බොහොමයක් අයට ආයි විවහයෙන් පස්සේ ඉගෙන ගන්න කියලා,අත්හදා බලන්න කියලා අලුත් දේවල් තිබුනේ නෑ.මොකද ඒවා එතනදිම අත් හදා බලලා තිබ්බ හින්දා.මේක ලංකාවේ අනික් සරසවි වලට වඩා බොහොම දරුණුවට මෙහේ තිබුනා.තමන්ගේ ජීවිතේ මුල්ම ආදරය අත් විඳපු පූජා කෙල්ලෙක් විදිහට තමන්ට උරුමවෙලා තිබ්බ හැම වටිනාකමක්ම අමිලට ඕනම වෙලාවක පූජා කරන්න ලෑස්ති වෙල හිටියා.ඒත් අමිල……..

පෝස්ට් එක හිතපු නැති විදිහට දික් වෙන නිසා අනික් කෑල්ල ඊළඟට දාන්නම්.