ඔය මල් පූජා කරන වෙලාවට මහ හයියෙන් සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි කියලා මොර දුන්නට ගොඩක් අය වෙලාව හම්බ වෙච්ච ගමන් ආයි නෑ කන පාත් වෙන්න අනුමත වෙනවා.එක ෂොට් එකෙන් දෙකෙන් ඉවර කරනවා කියලා වාවි වුනාට අන්තිමට වැඩි වෙලා කබරයා දාන කං ගොඩක් එවුන්ට කල්පනාවක් නෑ.මොකද සමහරු බොන්න ගියාම ලෝකේ තියෙන අන්තිම බීම මේක තමයි කියලා සැන්ඩි නැතුවම කටේ හලා ගන්නවා.තව එවුන් බොන්නෙ නෑ,ඒ වුනාට එතනට වෙලා ඉඳගෙන බයිට් ටික ඉවර කරනවා.තව සමහර එවුන් බොනපාට් වගේ බොන්න ආවට ෂොට් එක දෙක දාද්දි හඳේ.
සමහරුන්ට දර්ශනය,සාහිත්‍ය,ක්‍රීඩාව,කලාව ඔව්වා ඔක්කොම මතක්ව් එන්නේ බිව්වම.එත්කොට අර හිටපු පිස්සො ටික හිටපු ගමන් දාර්ශනිකයො වෙන්න ගන්නවා.මුහුදු වෙරළකදි වගේ නම් බොන්නේ එක දෙක දාද්දි බාගයක් ගහනවා වගේ වදිනවා.එතකොට වැලි ගොඩේ බඩ ගාන්න.මුහුදේ පීනන්න එහෙමත් යනවා.(බීල පීනුවොත් ඉවරයි, මතක තියා ගන්න.)
ඇත්තටම කට්ටිය එක්ක බොන්න ගියාම වෙන ලොකුම අලකලංචිය වෙන්නේ යාලුවො එක්ක ෆිට් බොන්න යන ඒ වුනාට බොන්නෙ නැති එවුන්ට.මොකද බිව්වේ නැති වුනාම අර බීපු එවුන් අර බොන්නේ නැති එකාව බයිට් එකට ගන්නවා.අනික අමද්‍යප සංගමේ එකා කොන් වෙන්න ගන්නවා.
අද කතාව ඒ වගේ කොල්ලනට විශේෂයි.මොකද ඒ වගේ කොල්ලෙක් ඇත්තටම කරපු වැඩක් තමයි මං ලියන්නේ.
ඔය බැංකු වගේ ආයතනවල මාසෙකට පාරක් බොන පාටියක් සෙට් වෙනවා.සමහර බැංකු වල ඇතුලේම බොනවා.සමහරු ක්ලබ් යනවා.මතක තියාගන්න සමහර බැංකු විතරක් බැංකුව ගානේ staff එකම මාසෙකට පාරක් club අරං යනවා.එතකොට ඔය කෙල්ලො කොල්ලන්ට වඩා බොනවා බලා ගන්න පුලුවන්.
එතකොට බීලා වැටිලා ඉන්න කොල්ලන්ව කෙල්ලො ගෙනිහින් දානවා වගේම සිහි නැති වෙන්න බොන කෙල්ලන්ව කොල්ලො එක්කන් යන එකත් වෙනවා.
මොක වුනත් මේක සමහර බැංකු විතරයි හොඳේ.
දැන් මං කියන ආයතනයේ බොන පාටිය සෙට් කරන්නේ ඇතුලෙමයි.මේකේ ඉන්න හැමෝම බොනවා මං කියන කොල්ලා ඇරෙන්න.
මෙයාගේ නම සම්පත්.මෙයා ඇවිල්ලා teetotaler කියලා දන්නේ මෙයා විතරයි.දැන් බොන පාටියට ගියාම කෙල්ලොත් බොන හින්දා මිනිහා නොබී හිටියොත් අනිවා කොං වෙනවා.
අනික ඔය බීලා ෆෝම් වෙච්ච එකෙක් බැරි වෙලාවත් මේකා හොඳින් ඉන්නවා දැක්කොත් බලෙන් පොවයි කියලත් සම්පත්ට බයයි.ඉතින් මෙයා කළා පොඩි වැඩක්.
බොන්න බඩු ගෙනාපු ගමන් මිනිහා පටන් ගන්නවා මිනිහගේ රහසිගත රසායන විද්‍යා පන්තිය.
coke එක්ක සෝඩා හරි sprite හිමීට මිශ්‍ර කරන සම්පත් අන්තිමට අරක්කු වලට පාටෙන් සමාන වීදුරුවක් හදා ගන්නවා.ඒක හිමීට බොන්න පටන් ගන්න සම්පත් ඒකටම හරියන්න බයිට් කනවා අහුරු පිටින්.මිනිහගේ මේ වීදුරුව ඉවරවෙන්නේ නෑ පාටිය ඉවරවෙනකන්.
පාටියේ අන්තිම වෙද්දි හොඳ සිහියෙන් ඉන්නේ සම්පත් විතරයි.කොහොමහරි පාටි 7-8 යද්දි කට්ටිය නිකංම සම්පත්ට මේකෙන් ඉවත් වෙලා ඉන්න ඉඩ දුන්නා.මොකද මිනිහාගේ බයිට් කෑමට අනික් බොනපාට්ලට හා බොනපාටිලට කන්න බයිට් මදි වෙච්ච හින්දා.
අනික කබරයා දාලා වැටිලා ඉන්න කෙල්ලන්ව වෙනත් අතුරු ආන්තරාවක් නැතිව ඒ කෙල්ලන්ගේ ගෙවල්(?) වලට දාන්න හිටියේ සම්පත් විතරයි.මොකද අනික් උන්ට භාර දුන්නොත් උන් ඒ කෙල්ලන්ව උන්ගේ ගෙවල් වල ගෙනිහින් ගිනි විජ්ජුම්බරයක් කර ගන්න හින්දා.
අන්තිමට මේක කියවපු අයට මේ ටිකත් කියනවා.
තමන් බොන එක හෝ නොබොන එක තමන්ගේ දෙයක්.අනුන්ට බලෙන් පොවන්න යන්න ඕන නෑ.ඌටත් හරි යන්න තමන් බිව්වනම් එච්චරයි.
බොන්නේ නැත්නම් උන්ට උන්ගේ පාඩුවේ ඉන්න ඇරපල්ලා.නිකං බයිට් ඉවර කර ගන්නේ නැතිව.
කෙල්ලන්ට පොවද්දි පරිස්සමින්.විලිසංගේ නැති වැඩ වලට පෙළඹුම වැඩියි.
තමන්ගේ තරම දැනගෙන බීපල්ලා.ලෝකේ තව ඕන තරම් අරක්කු තියෙනවා.
රට බඩු සැර දන්නේ නැතිනම් බොද්දි පරිස්සමින්.
කොච්චර බිව්වත් ගෙදරට යන්න තරම් සිහිය තියා ගනින්.
තමන්ගේ කෙල්ලට තමන් නැති තැන්වල බොන්න දෙන්න එපා.එහෙම දෙනවනම් වෙන කෙල්ලෙක් හොයා ගන්න ලෑස්ති වෙලා ඉඳිල්ලා.මොකද අනික් උන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න ඕන නෑනේ.
බීලා වාහන එලවන්න එපා කොච්චර ෂුවර් වුනත්.