රාවණා සීතා හා කැඩිල්ල.Ravanna,Seetha and bow.

රාවණා වගේම රාවණාගේ දුන්නක් කඩපු කතාවක් ළඟක ඉඳන් ලංකාවේ සිංහල අන්තර්ජාල කියවන්නන් අතර පැතිරිලා යනවා.රාවණා කෙසේ වෙතත් රාවණාගේ දුන්නක් කඩපු කතාව පැතිරිලා යන්නේ විහිළු කතාවක් විදිහට.

ඒත් ඇත්තටම රාවණාගේ දුන්න මොකක්ද?කවුද රාවණාගේ දුන්න කැඩුවේ?

මේ සියලු ප්‍රශ්න එහෙමම තියෙද්දි අදාල කතාව නිකං ලාමක ටිං ටිං විදිහට අරං හිනා වෙලා අමතක කරලා දානවා.

අද මං මේ කතාව ලියන්නේ මේකේ මුල්ම ඒ කියන්නේ original කතාව කියවන ඕනම කෙනෙකුට දැන ගන්න.ඒත් මං කියන්න ඕන මේ කතාව මගේ නිර්මාණයක් නෙවේ.මං මුලින්ම මේ කතාව කියෙව්වේ “”ගුරු සේවයේ රස කතා”” කියන පොතෙන්.මේ පොතේ  ප්‍රකාශකයා  මට අමතක වීම ගැනත් මං මගේ කණගා‍ටුව පළ කරනවා.

Image

sinhalapothak.blogspot.com

ඔය ලංකාවේ පාසල් ක්ෂේත්‍රයේ තියෙන එක පාලන ක්‍රමයක් තමයි ඉස්කෝල වලට කාලෙන් කාලෙට පරීක්ෂකවරු එවලා හොයලා බලන එක.මෙතනදි ගුරුවරු හොඳට උගන්වනවද කියන එක මූලිකව ඉස්කෝලේ ඉන්න අදාළ රාජ්‍ය සේවකයින් තමන්ගේ රාජකාරී හරියට කරනවද කියන එක බලලා යනවා.

ඔන්න දවසක් එක ඉස්කෝලෙකට ආපු පරීක්ෂකවරයෙක් ගුරුවරු හොඳට උගන්වනවද කියලා හොයලා බලන්න ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න ගත්තා.මේ පරීක්ෂකවරයගේ තියෙන එක පුරුද්දක් තමයි කොහොමහරි මොකක් හරි වැ‍රැද්දක් හොයන් අධ්‍යාපන කාර්යාලයට වාර්තා කරන එක.ඉතින් මෙයා එක එක විදිහට ප්‍රශ්න ඇහුවත් ළමයි ඉතින් කොහොමහරි උත්තරයක් ගැට ගහලා කිව්වා.ඉතින් මේ පරීක්ෂකවරයගේ හිතට හරි නෑ.ඒ පාර මෙයා ලමයින්ගේ සිංහල පොත පෙරලලා බැලුවා.ඒකේ තියෙනවා රාමායනය කතාවේ කොටසක්.

ඉතින් ඔය රාමායනය කියන කතාව දන්න අය දන්නවා ඒකේ තියෙන විදිහට සීතා කුමරිය, අම්මා තාත්තා නැතුව උපදින විදිහට තමයි ලියලා තියෙන්නේ කියලා.ඒ කියන්නේ ජනක කියන රජතුමා වප් මඟුල් උත්සවයට සහභාගී වෙලා ඉන්න අතර තුරදි සාන ලද බිමෙන් කුඩා දැරිවියක් හමු වුනා.ඇය සීතා කුමරිය විදිහට රජතුමා තමන්ගේ දියණියක් විදිහට හදා වඩා ගත්තා.නමුත් ඒ ගමන් ජනක රජතුමා හරි අපුරු ක්‍රීඩාවකුත් නිර්මානය කරලා තිබුනා යම් හෙයකින් මේ කුමරියගේ අයිතිකරුවෙක් ආවොත් කාට හිමි වෙනවද කියලා ‍තෝරගන්න.මොකද ඒ කාලේ ජාන ඉංජිනේරු විද්‍යාව දියුණු මට්ටමක තිබුණු බවක් වාර්තා වෙලා නෑ.

මේ සෙල්ලම තමයි ජනක රජතුමා සතුව තිබ්බ විසාල දුන්නක් තදින් ඇදලා ඒකට දුනු දිය එහෙම යොදලා ඒ දුන්න කඩන්න.

මේ දුනු කතාව කියද්දි මට මතක් වෙන්නේ යුලිසිස් කතාව.ඒකෙදිත් ඒ කියන්නේ හෝමර් විසින් රචිත ඔඩෙසි කියන කතාවේ පරිවර්තනයකට අනුව දීර්ඝ සමුද්‍ර ගමනකින් පස්සේ සිය රට බලා එන යුලිසිස්ට විතරක් අදින්න පුලුවන්වෙලා තිබ්බ දුන්නක් ගැන කතාවක් තිබුනා.කොහොමහරි අපි රාමායනේ කතාවට ආවොත් මේ දුන්න කඩා දමන, ඒ කියන්නේ අල්ලලා පොළේ ගහලා නෙවෙයි,ඇදලා නියම ක්‍රමය කඩන කෙනාට සීතා කුමරියගේ අයිතිය හිමි  වෙනවා.කතාව එලෙසම ගොඩක් කුමාරවරු ආවත් අපේ කතාවේ ප්‍රධාන චරිතය වෙන රාම කුමාරයා එනකන් කාටවත් බැරි වෙනවා ඒ දුන්න කඩලා දාන්න.ඉතින්  රාම කුමාරයා ඇවිල්ලා දුන්න කඩන්නෙත් සීතා කුමරිය ලස්සන කෙල්ලක් වෙලා ඉන්න කාලෙලු.ඒ කාලෙට ඉතින් සීතා කුමරිය හිමි කරගන්නේ කිරි පොවන්න නෙවෙයිනේ.ඉතින් රාම කුමාරයා සීතා කුමරියව බැඳ ගන්නවා.සමහරු කියන විදිහට නම් රාම කුමරයා එන කාලේ වෙන කොට අර ජනක රජුගේ දුන්න මලකඩ කාලලු තිබ්බේ.ඒක ඉතින් මං දන්නේ නෑ,කොහොමහරි රාම කුමාරයා ජනක රජුගේ දුන්න කඩලා සීතාව හිමි කරගත්තා.

දැන් අපේ කතාවට එමුකෝ.ඉතින් මේ පරීක්ෂකවරයා කල්පනා කරා මේක අහන්න.ඒත් එයා මේක ඇහුවේ වෙනස් විදිහකට.

“””ජනකගේ දුන්න කැඩුවේ කවුද?””

මතක තියාගන්න මෙතනදි මේ පරීක්ෂකවරයා මේ ප්‍රශ්නයට පසුබිම් වෙච්ච කිසිම දෙයක් කිව්වේ නෑ.ඒ ටික එයාගේ හිතේ.ඒත් ලමයි දකින්නේ තනි ප්‍රශ්නයක්නේ.ඒතමයි ජනක්ගේ දුන්න කැඩුවේ කවුද කියන එක.ඉතින් ලමයි තක්බීර් වුනා.

පරීක්ෂකවරයට සතු‍ටුයි.මොකද ලමයි කොර වුනානේ.ඒ පාර පරීක්ෂකවරයා සිංහ නාද කරලා ගුරුවරුන්ගෙනුත් ඇහුවා.එයාලත් දන්නේ නෑ.අන්තිමට පරීක්ෂකවරයා ඉස්කෝලේ ලොග් පොතේ සටහනක් දැම්මා “”පාසලේ අධ්‍යාපන කටයුතු අසතු‍ටුදායකය.ජනකගේ දුන්න කැඩුවේ කවුද කියා කිසිවෙක් නොදනිති””කියලා.ඒ වගේම ඒ සටහනේ පිටපතක් අධ්‍යාපන කාර්යාලේ අධ්‍යක්ෂකට එවන්න කියලත් කියලා ගියා.ඉතින් විදුහල්පතිවරයා ඒ කියපු විදිහටම සටහනේ පිටපතක් අධ්‍යාපන කාර්යාලෙට යැව්වම ඒ ලිපිය විවෘත කරේ ලේකම්.ඉතින් ලේකම් බැලුවා ආ මේ ඉස්කෝලේ උපකරණයක් කැඩිලා කියලා එයා එව්වා විදුහල්පතිට ලිපියක් මෙහෙම.

“පාසල් පිරියත හා උපකරණ නඩත්තු හා අලුත් වැඩියා කිරීමේ ටෙන්ඩරය තවම කැඳවා නොමැත.එතෙක් කැඩුනු කොටස් ඉන්වෙන්ට්‍රියෙන් ඉවත් කර වෙනම තබන්න””කියලා.

ඔන්න ඕක තමයි කතාව.එහෙම නැතුව රාවණාගේ දුන්නක් කැඩුවේ නෑ.

ඒ වගේම මේ කතාව ලාමක ටිං ටිං කතාවකුත් නෙවෙයි.මේ කතාවෙන් අපිට දෙන ආදර්ශය තමයි ප්‍රශ්න අහද්දි තමන්ට ඕන උත්තරේ හිතේ තියන් විවෘත ප්‍රශ්න අහලා වැඩක් නෑ කියන එක.

ඒ කියන්නේ විවෘත ප්‍රශ්න අහනවා එක එක විදිහේ උත්තර එන්න පුළුවන්.ඒත් ලකුණු දෙන්නේ එක උත්තරයකට.

උත්තරේ සිට ප්‍රශ්නය හැදුවට ප්‍රශ්නය විතරක් අරගෙන හිතන්නේ නෑ ප්‍රශ්න හදන කට්ටිය.ඔය සමාජ විද්‍යාවන් හදාරන කට්ටිය මේ තත්ත්වය අනන්තවත් දැකලා ඇති.

ඉතින් ඔය ඇකඩිමියාව වැළඳිච්ච කට්ටිය දිගටම අහන්නේ එකම ප්‍රශ්නය.

Image

ජනකගේ දුන්න කැඩුවේ කවුද?

cheating teachers ලංකාවේ ගුරු හොරු.

මේක ලිව්වට පස්සේ තැලෙන යකඩෙට උඩ පැන පැන දීමක් වෙනවා.ඒ වුනාට කමක් නෑ කියන්න තියෙන දේ කියලම දානවා.මේක ඇවිල්ලා ලංකාවේ ඉස්කෝල ක්‍රමය නැත්නම් පාසල් අධ්‍යාපන ක්‍රමය ගැන තමයි.මෙතනදි වෙච්ච දේ හැමෝටම වෙනවා කියලා කියන්නේ නෑ.ඒ වුනාට වෙන්න පුළුවන්.ඉස්කෝලවල පහළ පන්තිවලදි හරියට වෙන වැඩක් තමයි සමාන පද,විරුද්ධ පද,ඡ්ත්‍ර පද අරවා මෙව්වා හොය හොයා ලියන එක.

දවසක් මං  පොඩි කාලේදි  අම්මට සමාන පද ලියන්න කියලා ඉස්කෝලෙදි වැඩක් දුන්නා.කොහොමත් හැකි තරම් ලියන්න ඕන හින්දා මං ඉතින් දන්න හැම වචනයක්ම ලියුවා.මෙන්න පොත් බලද්දි  මං ලියපු එක වචනයකට වැරදි දාලා.මොකක්ද වචනය

“ජනනී”.

හේතුව අදාල ගුරුවරිය දන්නේ නෑ අම්මට සමාන පදයක් තමයි ජනනී කියන එක කියලා.

Image

මේ ගුරුවරීම තමයි පස්සේ වෙලාවක වතුරට අඹ කියලා ලියුවම ඒකට පොල් සයිස් එකේ වැ‍රැද්දක් දැම්මේ. ඇත්තටම ඒ වෙලාවේ මං ඒ ගැන තර්ක කරන්න ගියේ නෑ.ඒක කරබාගෙන හිටියා.පස්සේ කාලෙක මට තේරුනා ඒක ඒ ගුරුවරීගේ නොදැනීම කියලා.

පස්සේ කාලෙක මේ සිදුවීම මං තවත් යාලුවෙකුට කියද්දි එයාටත් ඒ වගේම අත්දැකීමක් වෙලා තිබුනා.ඒ සාමාන්‍ය පෙලදි.භාගික ආසවනයෙන් තෙල් හිඳීමට පාවිච්චි කරන පත්‍ර වර්ග ලියද්දි ඒ ලමයා පැඟිරි කියලා ලියුවම අදාල ගුරුවරී ඒකට ලකුණු දීලා තිබුනේ නෑ.මොකද ඒක ඒ ගුරුවරී නොදන්න හින්දා.

ඒ විතරක් නෙවෙයි විභාගේ වෙලාවෙදි පස්සේ වාර වලදි කියන් යනවලු “ලමයි අපි උගන්නපුවට විතරයි ලකුණු දෙන්නේ” කියලා.

ඇත්තටම ඉස්කෝල කියන්නේ දැනුම සැරිසරන තැනක් වෙලත් මේ වගේ ගල් යුගයේ චින්තනයක් තියෙන ගුරුවරු ඒක ඇතුලේ ඉන්නේ ඇයි?

ලංකාවේ ගුරු වෘත්තිය කියන්නේ පඩි අතින් ගත්තොත් අඩුම මට්ටමක තියෙන ඒත් ප්‍රතිලාභ අතින් උපරිම මට්ටමක තියෙන රස්සාවක්.ඒ හින්දා ඒක අර ‍රැකියාවක් විදිහට මොකක් හරි කරගෙන ඉන්න ඒ කියන්නේ ශේප් එකේ ඉන්න අයගේ සොඳුරු රජ දහනක් වෙලා.

තමන්ට අනික් අයට උගැන්වීමේ හැකියාව තියෙන නිසා නොව විවේකයෙන් රස්සාවක් කරන්න ඕන හින්දා ගුරු වෘත්තියට ආපු අය ගුරුවරු විදිහට පන්තියට ගියාම ඒ අයගේ පුද්ගලික ඕනම ප්‍රශ්නයක් ලමයි පිටින් යනවා.

අනික ගුරුවරයා කියන තත්ත්වය තුලම නායකත්වයක් ඔබ්බවන හින්දත් ඒ නායකත්වය කිසිම පෞරුෂයක් නැති නපුංසකයෙකුට දරා ගන්න බැරි හින්දත් ඒ නපුංසකයො ඉස්කෝලවල ලමයි මරාගෙන කන්න හදනවා.අපචාර කරනවා.

ඉස්කෝලෙට තෙල් ගාගෙන එන්න හොඳ නම් ජෙල් ගාන්න නරක ඇයි?

ඉස්කෝලෙට ලමයින්ට ජංගම දුරකථන අරං එන්න නරකයි නම් පන්ති කාමරේ ටීචර්ලා මල් කඩන්නේ ඇයි?

 

ලමයි අසභ්‍ය වචන කතා කරන්න හොඳ නැත්නම්, ඉස්කෝලවල staff room වල කුණුහරුප කතා පිරී ඉතිරී යන්නේ ඇයි?

ගුරුවරු කරන්නේ ඉගැන්වීම/ඉගෙන ගැනීමට මඟ පෙන්වීම නම් ඊට ඉස්සර ඒ ගුරුවරයාට ඒ විෂය ඉගෙන ගන්න බැරි ඇයි හරියට?

 

ලංකාවේ  ප‍ටුම සිතුම් පැතුම් ඇත්තේ ගුරුවරුන්ටද?

පාසල් වියේදී ඇතිවන ප්‍රේම සබඳතාවන්ට අත දාලා ඒ ලමයි සමාජය ඉදිරියේ අපරාධකාරයො කරවන්න ඒ ගුරුවරුන්ට අයිතියක් තියෙනවා නම් සිසුවො ඒ ගුරුවරුන්ගේ ප්‍රේම සබඳතාවන්ට අත දැම්මොත් මොකක් වෙයිද?

සිසුන්ගේ ජීවිත අවුල් කරන ගුරුවරුනි,විදුහල්පතිවරුනි,

ඔබ සැම ගුරුවෘත්තියෙන් සමු ගන්නා දිනයක් ඇත.ඔබ පිටින් නොයනා ඔබ කළ කරුම ඔබේ දරුවන්ට උරුම වනු දැකීමට ඔබ කැමති විය යුතුය.මන්ද පාසල තුල ඔබ මොන කෙරුමා වුවද සමාජය තුල ඔබ තවත් එක් පුද්ගලයෙකු පමණි.ඔබෙන් පීඩිත වූ සිසුවා සමඟ ඔබ ගනුදෙනු කළ යුත්තේද ඒ සමාජය තුලමය.

මගේ බඩේ ගායට අනුන්ට බඩ යාම.journalist’s self esteem.

එක එක ජාතියේ ජරාව කාපුවාම බඩේ ගාය හැදෙන එක පුදුමයක් නෙවෙයි.ගොඩාක් පරණ කුමාරෝදය පොතක තිබුණ විදිහට පුහුල් දෝසි බඩේ ගායට හොඳයි.ඒ වුනාට ඒක මං නම් අත්හදා බලලා නෑ.මොකද ඔය පොතේම තමයි අර බිම නිදා ගෙන ඉඳලා වලහගෙන් ගැලවෙන්න පුලුවන් කියලා කිව්වෙත් මතක විදිහට.වටේ යන්නේ නැතිව අද යාං හෑල්ලට ආවොත් අද කියන්න යන්නේ තමන්ගේ බඩේ ගායට අනික් අයටත් බඩ යනවා කියලා හිතන එක ගැන.මං මේක ලියන්න හිතුවේ අද ලංකාවේ මේ වැඩේ යමරෙට යන හින්දා.පැහැදිලි වෙන්නත් එක්ක මං සිද්ධ වෙලා තියෙන කතාවකුත් එක්කම කියන්නම්.

Image

kpopinsider.com

ඔන්න දවසක් ලංකාවේ රජයේ රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති විකාශයක් යනවා.මේකේ ප්‍රධාන පුවත් අතරේ මහා දෙයක් විදිහට උලුප්පලා ප්‍රවෘත්තියක් යනවා.ඒකේ කියන්නේ මේ ලංකාවේ ලමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕන විදිහ. ඒ ප්‍රවෘත්තිය ලියලා තියෙන මාධ්‍යවේදියා ලංකාවේ සංස්කෘතිය,සභ්‍යත්වය,ශිෂ්ටත්වය ඔය ඔක්කොම එක්ක කියන්නේ මොකක්ද මේ ලංකාවේ ලමයින්ට ඉස්කෝලවල ලිංගික අධ්‍යාපනය දෙන්න කියලා ලොකු වුනාම.ඒ කියන්නේ උසස් පෙළ වගේ වුනාම.මොකද ඊට කලින් ලමයින්ට ඔය ගබ්සාව,උපත් පාලනය,ස්ත්‍රී දූෂණය වගේ දේවල් ගැන ඉස්කෝලේ ඉගැන්වූවම ලංකාවේ සංස්කෘතියට අහිතකරයිලු.

සාමාන්‍යයෙන් ආණ්ඩුවේ හොරණෑ වලට මේවා මතක් වෙන්නේ ඔය මොකක් හරි දිනයක් ආවාමනේ.ඒත් ඇයි මේ දැං????????

Image

funnyjunk.com

 අන්තිමට යන කතාවෙන් තමයි මිනිහට මේ හදිසියේ මේ වගේ දෙයක් මතක් වුනේ ඇයි කියලා බළලා මල්ලෙන් එලියට පනින්නේ.ඒ මාධ්‍යවේදියාට ඩෝං ගිහින් තියෙන්නේ මිනිහගේ 6 වසරේ ඉගෙන ගන්න ලමයගේ පාසල් පෙළපොතේ ගබ්සාව,ස්ත්‍රී දූෂණය,උපත් පාලන ක්‍රම ගැන සවිස්තරාත්මකව පාඩම් ඇතුලත් වෙලා.

ඒ කොහොමද,මොකද ලංකාවේ ඔය පාඩම ඉස්කෝල පොත් වල උඩින් පල්ලෙන් හරි යන්නේ 8-9 වසර වෙද්දිනේ.?

මේකනේ වැඩේ,මිනිහගේ ලමයා යන්නේ international school එකකට.

ඒකේ පෙළ පොත් ඇමරිකාවේ ලමයින්ට දෙන එකම තමයි.මිනිහට ඒකට බඩේ ගාය හැදිලා.තමන් තමන්ගේ දරුවා ඉංග්‍රීසි කතා කරන ලංකාවේ මහ පොළොවට උඩින් යන විදිහට අනුන්ට පාරම් බාන කෙනා, ඒ ලමයගේ විෂය නිර්දේශය දැක්කම පරල වෙලා.හරි, එහෙම වුනා කියමු.ඉතින් අපිට මොකද?මිනිහට ඒක කියන්න තිබුනේ ඒ පාසලේ පාලනාධිකාරියට.මාධ්‍යයෙන් අපිට කියන්නේ අපිට පාන්ද?

ඊළඟ කතාව.

මේ කියන නාලිකාවෙම ක්‍රීඩා ප්‍රවෘත්ති යනවා.එදා ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම තරග කරනවා ලංකාවෙම.තව ලංකාවේ මලල ක්‍රීඩා කණ්ඩායමක් වෙන රටක ගිහිල්ලා පදක්කම් දිනලා.මොකක්ද එදා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ ප්‍රධාන හා එකම ක්‍රීඩා පුවත?

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තරගය?

මලල ක්‍රීඩා ජයග්‍රහණය?

නෑ.ඒ මාධ්‍ය ආයතනයේ සේවකයෝ ගහපු ටෙනිස් බෝල මැච් එකක් ගැන.

Image

ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තරගයට වඩා මලල ක්‍රීඩා අන්තර්ජාතික ජයග්‍රහණයට වඩා ඒ ආයතනයේ අයගේ බෝල ගැහිල්ල වැදගත්???????

පස්සේ තිබ්බ මාධ්‍ය වැඩමුළුවකදි මෙන්න මේ අයගේ මාධ්‍ය භාවිතාව හරි අපූරුවට පැහැදිලි කෙරුනා.

ප්‍රශ්නය මේකයි.

අපි දවසේ ප්‍රවෘත්ති කියන්න යන්න ඉන්නවා.මේ දැන් අපිට වැදගත් තොරතුරු තුනක් එනවා.

1 ලංකාවට තව විනාඩි 10 කින් සුනාමියක් එනවා(ලු හොඳේ)

2 ලංකාවට තව විනාඩි 5 කින් රට මැදට දූවිලි කුණා‍ටුවක් එනවා.

3 චීනේ ජනාධිපති හදිසියේම මිය ගිහින්.

 

දැන් මේ ප්‍රවෘත්ති අපි කියනවානම් අනුපිළිවෙල මොකක්ද?මොකක්ද මුලින්ම කියන්නේ?

අපි කිව්වේ කුණා‍ටුව කියලා ඊට පස්සේ සුනාමියත් ඉක්මනටම කියනවා කියලා.

 

මෙයාලට අනුව උත්තරය වැරදියි.

මුලින්ම කියන්න ඕනේ චීනේ ජනාධිපති මිය ගිය එක.ඒ ගැන ලොකු විග්‍රහයකුත් එක්ක.මොකද අපි කුණා‍ටුව ගැන හරි සුනාමිය ගැන හරි කිව්වොත් ජනතාව ප්‍රවෘත්ති විකාශය නොබලා පණ බේර ගන්න යනවා.එතකොට එයාලගේ ප්‍රවෘත්ති බලන්නේ කවුද?

අපි ඇහුවම ජනතාවට වෙන අනතුර ගැන,එයාලගේ උත්තරය වුනේ එයාලට ඒවා ගැන වගකීමක් නෑ කියන එක.

Image

flickriver.com

 තමන්ගේ බඩේ ගාය ගැන අපිට බඩ යනවා වගේ මහ ලොකුවට දෙසනවා.තමන්ගේ පුද්ගලික ප්‍රශ්නය රටේ දැවෙන ප්‍රශ්නය කරලා පෙන්නනවා.තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් නැත්නම් තමන් කඩේ යන දේශපාලුවගේ ඇසින් විතරක් ප්‍රශ්න දිහා බලනවා.

සැකකරුවෙක් අත් අඩංගුවට ගත්තම ඒක වැරදිකාරයෙක් කරන්නේ අධිකරණයට කලින් මාධ්‍ය.ලංකාවේ අලුතෙන් එන ඕන තක්කඩියෙක්ව,හොරෙක්ව,වංචාකාරයෙක්ව මහා ආධ්‍යාත්මික නායකයෙක්ව කරලා පුම්බලා අන්තිමට පච වුනාම දන්නේ නැති ගාණට ඉන්නවා.ඇත්තටම තමන්ට ඒ ලොක්කා ගැන අමාරුවක් තියේනම් තමන් සුව කර ගත්තා නම් ඉවරනේ.ඒත් කරන්නේ පුලුවන් තරම් හොර ගෙඩින්ව උඩ දාන එක.එකකට පස්සේ එකක්.

Image

blogs.tribune.com.pk

 

 

ඒක ඔවුන්ගේ ප්‍රාග්ධනනීය අවකාශය වෙන්න පුලුවන්.ඒත් ඒකෙන් හානි වෙන පුද්ගලයින්ට වෙන්නේ මොකක්ද?

nalin Vs deepthi,at the bar/වංචාව හා ආත්ම වංචාව

පොර ටෝක්,නැව් ටෝක්,නයි ඇරීම මෙව්වා මිනිස්සුන්ට හොඳට අල්ලලා යන දේවල්.තමන් මොන වැඩේ කරන්න ගියත් අන්තිමේදී තමන්ගේ වරුණෙන් කතාව ඉවර කරන පොරවලුත් නැතුවම නෙවෙයි.ගොඩක් වෙලාවට තමන්ගේ වැඩ කිඩ අනුන්ට කියන්න පුරුෂ පාර්ශවේ අයට වඩා ස්ත්‍රී පාර්ශවේ අය දක්ෂ වුනාට සමහර වෙලාවට පිරිමිත් කිසිම වගේ වගක් නැතිව මේ වැඩේට enter වෙනවා.ඒ වුනාට මෙතන තියෙන හරිම විහිලුව තමයි එතනම තමන්ගේ ආත්ම වංචාව දිග ඇරෙන එක.සමහරු තමන්ගේ ආත්මීය දර්ශනය දිග අරින්න ගිහිල්ලා අන්තිමට කියන පොර ටෝකෙන් තමන්ගේම දාර්ශනික නිරුවත අනුන්ට පෙන්වලා එනවා.

එක දවසක් ලංකාවේ නම ගිය ආයතන දෙකක වැඩ කරන ලොකු තනතුරු දරන දෙන්නෙක් බාර් එකකදි සෙට් වුනා.සාමාන්‍යයෙන් ඔය මතුපිට ලෝකයේ ඉන්න මිනිහා යට ගිහිල්ලා දාර්ශනික මිනිසා මතු වෙන්නේ ඔය වගේ බාර් වලනේ.බාර්වලට ඇවිල්ලා ඔය මිනිස්සු කියන කතා අහගෙන හිටියොත් හෙට උදේ සමාජ විප්ලවය සිද්ද වෙයි කියලා හිතෙන්නේ.ඒ වුනාට වෙරි හිඳුනට පස්සේ මොකක්වත් නෑ.ඉතින් මේ දෙන්නත් එකට බෝතල් හිස් කරන ගමන් තම තමන්ගේ ‍රැකියාව ගැන,ක්‍රීඩා ගැන,පරණ ලවු හුටපට ගැන කියවලා අන්තිමටම ආවා තමන්ගේ රට දියුණු කිරීමේ සංකල්පය දිහාට. මං දෙන්නට නම් දෙකකුත් දෙන්නම්කෝ නලින් හා දීප්ති කියලා.

Image

dailymail.co.uk

නලීන් කියනවා “මචං මේ රට හදන්න බෑ මචං,මේ ජරා දේශපාලකයො රට කාලා.උන් හැම දේකටම ඇඟිල්ල ගහනවා.ඉස්කෝලෙකට ලමයෙක් දාගන්න ගියත් ඒකත් උන්ට ඕන එකාව තමා දාන්නේ.ළඟ ඉන්න එකා කපලා වෙන වෙන එවුන්ව දානවා.පාරක් හදන්න ගියත් උන්ට ඕන එකාට තමයි ටෙන්ඩර් දෙන්නේ.ඕකුන්ව එලවලා අපි අලුත් පාලන ක්‍රමයක් ගේන්න ඕන මචං.

දීප්ති කියනවා”හරියට හරි මචං,අපි සමාජය ගැන හිතන හොඳ මිනිස්සු ටිකක් බලයට ගේන්න ඕන.සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕන.දූෂණ වංචා නැති කරන්න ඕන.ඔය අල්ලස් ගන්න එවුන්ව එලවලා දාන්න ඕන”

නලීන් කියනවා “ඔව් මචං, අපි සිංහල බෞද්ධ ජන පදනමක් ගේන්න ඕන.දැන් බලපං අරාබිය,උන් ඔච්චර දියුණු වෙලා ඉන්නේ උන්ගේ ආගම මුල් තැන තියලා වැඩ කරන නිසානේ.දේශපාලකයො නෙවෙයි තීරණ ගන්නේ,ආගමික නායකයො තමයි මිනිස්සු කියන්න කරන්න ඕන දේවල් කියන්නේ.අන්න රටවල්.”

“ඒ වුනාට මචං නලියා,උඹ දන්නවද කියුබාව දියුණු වුනේ කොහොමද කියලා?නෑ දන්නේ නෑ.කවුරුවත් දන්නේ නෑ.මං තමයි දන්නේ.උන්ගේ රටේ ලමයි ඉගෙන ගන්න ඕන රටේ පාලකයා කියන දේ.වවන්න ඕන මොනවද,කන්න ඕන මොනාද කරන්න ඕන මොනාද,ඔය හැම දෙයක්ම උන් සැලසුම් කරලා කරන්නේ.ආයි බල බල ඉන්න දෙයක් නෑ.කොහොමද උන්ගේ අධ්‍යාපනය ඈ,පට්ට” කියන ගමං දීප්ති තව අඩියක් ගැහුවා,ඒ බෝතලේ Jack Daniel කියලත් ගහලා තිබුනා.

නලියත්  chicken කෑල්ලක් කටට ගන්න ගමන් “අධ්‍යාපනේ කියන කොටනේ මට මතක් වුනේ,උඹ දන්නවද මට අපේ පොඩි එකාව majestic ඉස්කෝලෙට දාගන්න ගිහින් වෙච්ච වැඩක් කියලා ගැහුවා දීප්තිගේ උරිස්සට පාරක්.දීප්තියා බලං ඉන්නවා.නලියා කියනවා”මචං මං හෝමර් ඇමතිතුමාගේ ‍රැස්වීම කීයක කතා කරාද,කොච්චර ලිපි ලිව්වද,උඹට කියන්නේ මං මේ අත් දෙකින්ම ලිපි ලියුවා බං ඇමතිතුමාට පක්ෂව පත්තරවලට.ඒ වුනාට මිනිහා මගේ ලමයා majestic එකට දාලා දෙන්න බෑ කිව්වනේ.මගේ එකා ඉස්කෝලෙට ගත්තොත් නීති විරෝධියිලු.අනේ උගේ බම්බුව.මගේ ලමයව ඉස්කෝලෙට දාන්න බැරි නම් මොකක්ද උගේ ඇමති පට්ටමේ ඇති වැඩේ?හහ්ං, මං ගියා “යකා” ඇමතිතුමා ළඟට,සු‍ටුස් ගාලා majestic එකට අල්ලපු ඉඩමේ හිටපු ගරාජ් කාරයගේ ලමයගේ නම කැපුවා.ගන්න කිව්වා මගේ ලමයව,කොහොමද මගේ වැඩ?”

Image

iskconesiretree.net

“ඉතින් අර අයින් කරපු ලමයාගේ දෙමව්පියෝ ලෙඩ ඇද්දේ නෑ?”මොන ඒ වගේ සොකඩයෝ කවුද මං කවුද?මං නලින් දැන ගනින්,ඔය වගේ සොකඩයින්ටද යකෝ majestic තියෙන්නේ,උන් මේ ලොකු වෙලා මොකෝ රට අල්ලන්නයෑ majestic ගිහිල්ලා.මං අපේ කොල්ලව majestic යවලා පස්සේ ඇමරිකාවේ යවන්න තමයි හිතං ඉන්නේ,ආයිනං මං ගියේ නෑ අර උලමා,හෝමර් ගාවට,තුහ්ං”

දැං මේක අහද්දි දීප්තිටත් අවුල්,මොකෝ නලියට වඩා ලොකු පොර ටෝකක් දෙන්න එපායැ.මිනිහත් කියපි “මංනම් support කරන්නේ “සල්ලං”ඇමතිතුමාට,මං එතුම ලඟට ගිහින් පස්ස හැරෙද්දි මට වැඩේ කරලා දුන්නා.මොකද මං පටන් ගත්තනේ අපේ ගමේ ඉන්න රස්සා නැති කෙල්ලන්ට සිංගප්පූරුවේ රස්සා හදලා දෙන වැඩක්.මංම උන් එක එකා අරගෙන පරීක්ෂණ කොරලා,කොරලා හොඳම උන් ටික ‍තෝර ගත්තා.

Image

eonline.com

සල්ලං ඇමතිට කියලා මං පාද ගත්තා පොටක් හොර පාරෙන්ම උන්ටික රට පටවන්න.ඔය පොලෝසියේ එකෙක් හරි ආවොත් අල්ලන්න මං උන්ට බත් කවනවා කලවංචිකුඩියේ.එහෙමයි මගේ හැටි හරිය.”

“අන්න මිනිස්සු,උන් වගේ මිනිස්සු තමයි අප්පා මේ රටට ඕනේ,අපි මේ අඩියක් පුඩියක් ගහන් ආතල් එකේ ඉන්නේ ඒ හින්දනේ,ඒපාර තමයි මට කල්පනාවට ආවේ,හෙට දහම් පාසලේ ‍රැස්වීමක් තියෙනවා උදේම චරිත වර්ධනය ගැන ,ඒකට හොඳ දේශනයකුත් හදන්න ඕන.දැං බිව්වා මදැයි යමං යන තැනකට””එහෙනං උඹත් වරෙන් මගේ සම්මුඛ පරීක්ෂණ මධ්‍යස්ථානෙට,අද පරීක්ෂා කරන්න තියෙනවා ලබන සතියේ රට යවන කෙල්ලො දෙන්නෙක්ව,උන්ගේසුදුසුකම් කොහොමද කියලා”

මේ අතර මුන් දෙන්නා මාරු වනු දු‍ටු වේටර් වහා පැමිණ “සර් සර්,බිල””බිල, යකෝඅපි අහවල් බුවා හරිද?නිකං පලඩෝ යන්න  @#%^^ *&^%%

මහා මගඩි නාටකය.

හිතේ කොච්චර පැතුම් පුරවගෙන හිටියත් ඒ බලාපොරොත්තු ඒ විදිහටම සිද්ධ වෙන්නේ නෑ කවදාවත්ම.අපි ඉස්කෝලේ යන කාලේදි වෙච්ච ඒ වගේ වැඩක් තමයි අද දිග අරින්නේ.පාසැල් කාලය කියන්නේ ගොඩක් අයගේ ජීවිතේ සුන්දරම කාලය වුනාට ඒකේ ගැඹුරට ගිහිල්ලා බැලුවොත් අසාධාරණකම්,කුහකකම්,ඇදිලි,කැපිලි,ගො‍ටු,පන්දම්, ඕන තරම් හොයා ගන්න පුලුවන්.අපි සාමාන්‍යයෙන් කතාවක් කියද්දි ඒක එක දෙයක් වෙනුවෙන් අනික් දේවල් ගොඩක් අමතක කරලා යනවා වුනත් මෙතනදි කතාව පැති කීපයක් ආවරණය වෙන විදිහට යන්නේ කියවන ඕන කෙනෙකුට කැමති විදිහේ දෙයක් හිතා ගන්න ඉඩ ඇරලා.

අපේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙක් නැත්නම් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙනවා කියන්නේ තමන්ගේ අධ්‍යාපනය කඩා ගැනීමේ මුල්ම පියවර කියලයි ගොඩක් අයගේ අදහස වුනේ.ලමයෙක්ට ඒකේ දෙකින් එකක් ‍තෝර ගන්න වෙලා තිබුනා.අපි උසස් වෙළට එන කාලේදි සාර්ථක අඛණ්ඩ තුන් වැනි වසරටත් හෙඩ් කියන්නේ විභාගේ ෆේල් වනවා කියන එක මුල් බැහැගෙන තිබුනා.ප්‍රිෆෙක්ට් කෙනෙක් අපේ ඉස්කෝලෙන් කැම්පස් යන්න තේරෙනවා කියන්නේ හාවා හඳ දකින්නා වගේ වෙලා තිබුනා.ඒ වුනාට ඒ කාලෙට අපිට තිබ්බ උණත් එක්ක අපි ප්‍රිෆෙක්ට් වෙන්න ඉල්ලුවා.අපිව තේරිලා කියලා දැනුම් දීපු දවසෙම අපිට ලකුණු 50 දීලා එකෙන් 10අඩු කරා,මොකද අපි ඒ වෙනකොට ඉස්කෝලේ ලාංඡනය තිබ්බ බැජ් එක ගහගෙන හිටියේ නැති හින්දා.( ඒ විදුහල්පතිතුමා ඒ බැජ් විකිනිල්ල බිස්නස් එකක් කරලා තිබුනා)

Image

අන්තිමට තේරිච්ච එවුන් බලද්දි අපිට පුදුමත් හිතුනා.ඒකෙ ගොඩක්ම හිටියේ අපේ මිස්ලගේ පුත්තු.ඉස්කොලේ බාල්දි පෙරලන,කරන මැර වැඩ සේරම කරන එවුන්ට සමහර ගුරුවරු ලකුණු දීලා තිබුනා මොකද තමන්ගේ අංශයේ වැඩි ලමයි ගාණක් ප්‍රිෆෙක්ට්ලා වුනොත් තමන්ගේ බලය තියාගන්න ලේසි හින්දා.

ඔන්න බැජ් ගහන දිනෙත් ආවා.එදා උදේ අපි ඔන්න අලුත් ප්‍රිෆෙක්ට්ලා විදිහට අපේ කාමරේට ආවා.මෙන්න එතනට එනවා අපිට සීනියර් බැච් එකේ ප්‍රිෆෙක්ට් කෙනෙක්.මිනිහා නිවේදන,කථික වැඩ වලට හොඳට දක්ෂයි.දෙපැත්ත කැපෙන්න හොඳට කියන්න් දන්නවා.

මල්ලිලා දන්නවද වැඩක්,මෙතන උඹලගේ අලුත් එකෙක් ගැන හොඳ සහතිකයක් මට ආවනේ ඊයෙ“මූ හිනා වෙවී කියනවා.

“ඊයේ මිස් කෙනෙක් මගෙන් අහනවා අපේ කොල්ලත් තේරිලා බැජ් ගහනවද කියලා,මං ඔව් කිව්වම මිස් මට කියනවා” කියලා මෙන්න තනියෙන් හිනාවෙනවා.අපිත් බලා ඉන්නවා මොකක්ද මේ කියන්න යන්නේ කියලා.

“මිස් මට කියනවා, අනේ පුතේ අපේ එකා නම් මහම මහ මගෝඩියා,ඕකා ප්‍රිෆෙක්ට් බැජ් එකත් විකුණලා තමයි පස්ස බලන්නේ,ඕකව පුලුවන් නම් බලා ගන්න  කියලා”.

දැන් ඔක්කොම දන්නවා මේ මොකාටද කියන්නේ කියලා .අපේ ශාන්ට.මූට මේකෙන් පස්සේ කාඩ් එක වැදුනා මගෝඩියා කියලා.මේ කතාවෙන් පස්සේ දිග අරින අනික් කතාවලත් මේ මගෝඩියා මෙහෙමම ඉන්න පුලුවන්.ඇත්තටම අම්මම කියනවානම් තමන්ගේ පුතා මගෝඩියා කියලා තවත් ඉතින් කුමන කතාද,

ඒවුනාට එතකොට ඌ තේරුනේ කොහොමද?

හෝද හෝද මඩේ දානවා කියන්නේ ඒකනේ.මිස් නිකං නොදන්න පාට් එක ඇක්ට් කරනවා.

ඔය කතාවට ඔහොම හිනාවෙවී ඉන්න කොට මෙන්න එනවා ඔ‍ෆිස් එකෙන් breaking news………………..සෙස්ස පස්සේ