nature of Love ආදරයේ හැටි

ආදරය.මේ ලෝකයේ ඕනම ජගතෙක්,වැඩ්ඩෙක්,කෙරුමෙක්,යකෙක් ඇදගෙන වැටෙන දේ.මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ ඉඳලම වගේ මිනිස්සු උත්සාහ කළා ආදරය මොකක්ද කියලා හොයා ගන්න.ඒත් හරියටම හොයා ගත්තද?නැද්ද ඒකවත් හරියටම කියන්න බෑ.ඒ වුනාට ආදරය ගැන  මං යමක් කියන්න හදනවා.තේරුම් යන,නොයන හැමෝටම හිතලා බලන්න පුලුවන්.ආදරේ කරපු අයට ඉතා හොඳින් සංවේදී වෙන්න පුලුවන්.

Image

අංක 1

දවසක් මං අපේ සරසවිය ගාවින් ගෙදර යන්න බස් එකකට ගොඩ වුනේ හවස 4-5 විතර.බස් එකේ කට කපලා සෙනඟ.ඒ අස්සේ මට පේනවා ඩැයිවර්ට පස්සේ සීට් එකේ,ඒ කියන්නේ අර පූජ්‍ය පක්ෂයේ සීට් එකේ හිච්චි ජෝඩුවක්.ඉස්කෝලේ නිල ඇඳුම පිටින්.ඒක බොහොම අහිංසක ප්‍රේමයක්.අපි අද දකින විදිහේ තුරුල් වෙනා යන ආදරයක් නෙවෙයි.අර සෙනඟ අස්සේ,කොන්දාගේ ආශීර්වාදයත් එක්ක,කැසට් එකේ සුමිහිරි කොත්තු රොටී සංගීතය අස්සේ මේ අහිංසක ආදරය, පුංචි දොළ පාරක මුණුමුණුවක් වගේ ගලා ගියා.මං හිටපු තැන මේ දෙන්නා පිටි පස්සට පේනවා.ටික වෙලාවක් යද්දි මට තේරුනා මේ දෙන්නා මොකක් හරි ප්‍රශ්නයක කියලා.දැං අර ගැහැණු ලමයා අඬන්න ඔන්න මෙන්න.ඒ වුනාට කොල්ලගේ මූඩ් එකෙනුත් මට පෙනුනා ඒක උන් දෙන්නම සම සමව දරාගත්තු ප්‍රශ්නයක් කියලා.(සමහරවිට ගෙවල් ගැන ප්‍රශ්නයක් වෙන්න ඇති)

Image

trearth.com

ඔහොම යනකොට ටික වෙලාවකින් බස් එකට හාමුදුරු කෙනෙක් නැග්ගා.දැන් එක්කෙනෙකුට නැගිටින්න වුනා.ලංකාවේ සමාජය විදිහට ගත්තොත් මෙතනදි ගෑනු ලමයා නැගිටින්න ඕන.ඒත් මේ පුංචි යුවලම නැගිට්ටා.හේතුව තමන්ගේ පෙම්වතිය හිට ගෙන යද්දි තමන් වාඩි වෙලා යන්න පිරිමි ලමයා අකැමැති වීම.දෙන්නම නැඟිටලා අර සෙනඟ අස්සේ හිර වෙලා යනවා මං දැක්කා.

2 කතාව.

මේක මං දැක්කෙත් බස් එකකදි.එදත් සීට් එක අර කියපු හාමුදුරු සීට් එකම තමයි.ඒ වුනාට එදා ඒ සීට් එකේ වාඩි වෙලා හිටියේ බැඳපු ජෝඩුවක්.මැදි වයසේ.තමන්ගේ බිරිඳ වාඩි වුනාට පස්සේ අර පිරිමියා සීට් එකේ පිටිපසෙන් තමන්ගේ අත කාන්තාවගේ බෙල්ලට පස්සෙන් දාලා සීට් එක අල්ලගෙන ආවා,තමන්ගේ ආධිපත්‍යය පෙන්වන්න.ඒත් මං අර ඉස්කෝල පෙම්වතුන්ගේ දැකපු කාව්‍යාත්මක ප්‍රේමය හරි නැත්නම් අද මං නුගේගොඩ බස් වලදි දකින ප්‍රේමාන්තික ඔපෙරාවක්වත් එතන තිබුනේ නෑ.කොටින්ම කිව්වොත් එතන තිබුනේ අර අඩෝ කිව්වම ඇයි ඩෝ කියන ජාතියේ ගනුදෙනුවක්.කොහොමත් ඕනම කාව්‍යාත්මක ප්‍රේමයක් බැඳලා උපරිම අවුරුදු 3 තියෙයි.මෙතනත් ටික වෙලාවකින් හාමුදුරු කෙනෙක් නැග්ගා. දැන් මොකක්ද වුනේ.කාන්තාව නැගිටවපු පිරිමියා කිසි ගානක් නැතිව වාඩි වෙලා යන්න ගත්තා.සෙනඟ වැඩි වෙද්දි එහාට මෙහාට තල්ලු වෙලා ගිය තමන්ගේ බිරිඳ කොහේ ගියාද කියලා මිනිහා හොයලා බැලුවේ බහින්න ලං වෙලා.

 

3 කතාව.

මේකත් බස් කතාවක්.එද$ ජෝඩුවක් මට ඉස්සරහ සීට් එකේ.ඒකනම් පැණි පෙරෙන ආදරයක්.යුවතිය තමන්ගේ පෙම්වතාගේ සිරුරේ ලියවැලක් තරමට  එතිලා.ටික වෙලාවක් යද්දි නැග්ගා හාමුදුරුකෙනෙක්??? අපෝ නෑ,එහෙම වුනොත් මේක අර බර වෙච්ච සේනාවට ප්‍රශ්නයක් වෙනවා.නැග්ගා ලමයෙක් වඩා ගත්ත මවක්.එයත් මැදටම ලමයා වඩාගෙන ආවා.(මං නෝ හෙල්ලුම්,පොල් මැල්ලුම්,මොකද මගේ සීට් එකට තට්‍ටු වෙන්නයි යන්නේ)දැන් අර ජෝඩුව ඉන්න සීට් එක ඉස්සරහ අර මව ඉන්නවා ලමයා වඩාගෙන තමන්ට සීට් එක දෙනකම්.මොකද ජෝඩුවම නැගිට්ටොත් සම්පූර්ණ සීට් එකම ලැබෙනවනේ.දැන් කොල්ලට අවුල්.මොකද මෙච්චර පෙරුම් පුරාගෙන තමන්ගේ පෙම්වතිය ලඟට වෙච්ච වෙලාවේ කොහොමද අත් ඇරලා දාන්නේ?කොල්ලා කරා මරු වැඩක්.ඌ අර මවගේ ලමයා ගත්තා එයාගේ අතට.දැං හරිනේ.අර මවගේ කට දෙහි ලෙල්ල වගේ වුනා.

ඒත් ප්‍රශ්නයක්.අර මෙතෙක් වෙලා කොල්ලාගේ වටේ ලිය වැලක් වගේ එතිලා හිටපු කෙල්ල ඔරවලා අහක බලාගෙන සීට් එකේ ඉස්සරහට ඔලුව තියාගෙන දොයි.(කොල්ලට ඊළඟ පාර හම්බවුනාම ෂොට් එක ෂුවර්,මට තේරුනා) අනේ ‍රැවුලයි,කැඳයි දෙකම බේරගන්න ගිය කොල්ලගේ පෙර පිනකටද කොහෙද අර මව ලමයත් එක්කම බැහැලා ගියා ටික දුරකින්.ඔන්න එතකොටම අර දොයියං හිටපු ගෑනු ලමයා පිබිදිලා ආයිමත් පාරක් ප්‍රේම සයුරේ කිමිදෙන්න ගත්තා.

Image

fail.me

 

මේ ඉහත කතාවලින්  ගන්න පුලුවං ආදර්ශ මොනවාද?

ආදරය කියන්නේ ආත්මාර්ථකාමී දෙයක්.

බැන්දට පස්සේ ආදරය කරන්නේ නෑ,ඊට වඩා වැදගත් දේවල් තියේ කරන්න.

කෙල්ල එක්ක ඉන්දැද්දි කෙල්ල කියන විදිට වැඩ කරන බව පෙනවන්න ඕන.මලාට කෙල්ල දාලා යන්න එපා.

Damsel in distress,හොඳ ගෙඩි පණුවො කන්නේ ඇයි?

අපි ආදරය කරන අය අපිට ආදරය කරන්නේ නෑ.ඒ අය ආදරය කරන්නේ වෙන අයට.ඒ ගමන්ම අපිට ආදරය කරන අයව අපි දන්නේ නෑ.ඒ අයගේ ආදරය අපිට දැනෙන්නේ නෑ.මොකද එයාලා අපිට ආදරය කරන්න අපි දිහා ඇස් දල්වාගෙන ඉන්න වෙලාවේ අපේ ඇස් ‍රැඳිලා තියෙන්නේ අපිට ලැබෙනවා කියලා හිතන් ඉන්න ඈත සිතිජයේ තියෙන විසල් ආදරයක් දිහාවට.

Image

fanpop.com

ගෑනු ලමයෙක් පිරිමි ලමයෙකුට ආදරය කරද්දි ඒ ආදරය උත්තරාරෝපිතයි.ඒ කියන්නේ ගෑනු ලමයෙක් නිතරම බලන්නේ තමන්ට ඔලුව උස්සලා උඩ බලන්න පුලුවන් ආදරයක් දිහා.එයාගේ ස්ත්‍රීත්වය දියකරන්න පුලුවන් උණුසුමක් තියෙන හදවතක් දිහා.තමන්ගේ නළල ආදරයෙන් හොබවන්න පුලුවන් පුළුල් උරහිසක් දිහා.

Image

howietzer.devianrart.com

 

මිනිස් ශිෂ්ටාචාරයේ මුල ඉඳන්ම යුවතිය කියන්නේ ආරක්ෂා විය යුතු,සෙනෙහස,‍රැකවරණය ඉල්ලා සිටින සියුමැලි වස්තුවක් වෙනවා.තමන්ට ආරක්ෂාව දෙන්න පුලුවන්,‍රැකවරණය දෙන්න පුලුවන් කියලා හිතන තමන්ගේ හීන ලෝකයේ වීරයාට තමන්ගේ ආදරය පුද දෙන්න ඕනම යුවතියක් තමන්ගේම හෘද සාක්ෂියට ශපථ වෙලා ඉන්නවා.ඒ හින්දයි තමන්ගේ ලෝකයේ ආදර්ශවත් වෙරය වෙන්නේ තමන්ගේ තාත්තා කියන කෙල්ලො තමන්ගේ තාත්තාට සමාන පෞරුෂයක් තියෙන පිරිමින්ට වසඟ වෙන්නේ.

ඒත් තමන්ගේ තාත්තා කියන්නේ තමන්ට වඩා ගොඩක් වයසින් වැඩි ඒ නිසාම රළු අඟපසඟ ඇති පුද්ගලයෙක්.තමන්ගේ පොඩි කාලේදි තමන්ට මඟ පෙන්වන්නේ තාත්තා.ගෑනු ලමයින්ට අවකාශමය හැකියාවන් ගොඩක් අඩුයි.ඒ අවකාශමය හැකියාව පොඩි කාලේදි උගන්වන්නේ තමන්ගේ තාත්තා.ඒ යුවතිය ලොකු වුනාම තමන්ට නොදැනුනු ලෝකයේ අවකාශය තමන්ට දැනෙන්න සැලැස්සෙව්වෙ තමන්ගේ තාත්තා කියන එක ඒ යුවතියන්ගේ යටි හිතේ තැන්පත් වෙලා තියෙනවා.ඒක තැන්පත් වෙන්නේ පෞරුෂයක් විදිහට.එතකොට ඒ පෞරුෂය තමන්ගේ පරමාදර්ශී චරිතය බවට යටි හිතින්ම පත් වෙලා ඉවරයි.

ඉතින් අර තාත්තලා මඟින් ආරක්ෂා වෙච්ච බෝනික්කෝ වගේ සුන්දර යුවතියො තමන්ගේ ජීවන සහකරු විදිහට පතන්නේ තමන්ට තමන්ගේ තාත්තා වගේ ‍රැකවරණය දෙන ආරක්ෂකයෙක්.ඒ ආරක්ෂකයා තමන්ගේ සියුමැලි ස්ත්‍රීත්වය හිම පිඬක් වගේ දියකරලා දාන්න තරමේ උණුසුම් චරිතයක් වෙන එක තමයි ඒ යුවතියන්ගේ පරම පැතුම.

Image

hdwallpapersinn.com

කොච්චර මොනවා කිව්වත් තමන් එක්ටැම් කුළුනේ සිරවී ඉන්න ‍රැපුන්සෙල් කෙනෙක් විදිහටත් තමන්ගේ හද දිනා ගන්න එන පෞරුෂය සෛන්ධවයෙක් පිට එන නයිට් කෙනෙක් විදිහටත් කෙල්ලො හිතනවා.ඉතින් ඒ එන පෞරුෂය තමන්ගේ ස්ත්‍රීත්වය දියකර හරින්න පුලුවන් වෙච්ච මොහොතෙම …….

(තේරෙන සිංහලෙන් කියනවනම් හොඳ ගෙඩි පණුවො කනවා කියන්නේ ඕක තමයි)