I don’t know why?එහෙම වෙන්නේ ඇයි?or I do know why?

යෝධයාගේ මල් උයන ලියපු ඔස්කාර් වයිල්ඩ්,සදාචාරවාදීන්ට අනුව අපචාරකරුවෙක්.රෙගේ සංගීතයේ අමරණීය සලකුණ බොබ් මාලේ,සම්ප්‍රදායික සංගීතකරුවො කියයි ගංජා කාරයෙක් කියලා.සාපේක්ෂතාවාදයේ පියා ඇල්බට් අයින්ස්ටයින්,කුණු හොයන්නො කියයි පිස්සෙක්,වල් මිනිහෙක්,ඉරිසියා කාරයෙක් කියලා.මහල්ලා සහ මුහුද ලියූ අර්නස්ට් හෙමිංවේ,(මතක තියා ගන්න ගීද මෝපසාං නෙවෙයි)සමහරු කියයි බේබද්දෙක් කියලා. ලංකාවෙත් ඕනතරම් ලමා අපචාරකරුවො,ගංජා කාරයො,වලත්තයො,ඉරිසියාකාරයො,පිස්සො,බේබද්දො ඉන්නවා.ඒත් මං කලින් කියපු චරිත වගේ වෙන්න එයාලට බැරි වුනේ ඇයි?මේක මේ ක්‍රමයේ වැ‍රැද්දක්ද?ධනවාදයේ වැ‍රැද්දක්ද?කරුමෙද? මොකක්ද?

Image

rapgenius.com

Image

wikipedia.org

පීසා හට් එකේ පීසා රස නෑ,ගොඩක් අය කියනවා.සමහරවිට ඒ කියන අයගේ බිරින්දෑවරුන්ට ඊට වඩා රස පීසා එකක් හදන්න පුලුවන්.ඒ වුනාට මිනිස්සු පීසා කන්න පීසා හට් යන්නේ උන්ට පිස්සු හින්දද?බෲස්ලිට වඩා හොඳ සටන් කරුවෝ හොංකොං වල වීදි වල ඉන්නවා වෙන්න පුලුවන්.ඒත් ඒ හැමෝටම බෲස්ලි වෙන්න බෑ.බිල් ගේට්ස්ට වඩා පරිගණක ගැන දන්න අය ලංකාවෙත් ඉන්න පුලුවන්.ඒත් ඒ කාටවත් බිල් ගේට්ස් වෙන්න පුලුවන්ද?

Image

digitalspy.com

ඇත්තටම අහවලාට වඩා දක්ෂ අය ඉන්න කොට අහවලාට වඩා ලොකු චරිතයක් වෙන්න ඒ අයට බැරි ඇයි?

මේ කතාව පැහැදිලි කරන්න වෙන්නේ ලංකාවේ අදටත් ජනප්‍රියම ගායකයා වෙන ජෝතිපාල මහතාගේ කතාවෙන්.(මේක ලියන මං ඇවිල්ලා ජෝතිපාල රසිකයෙක් නෙවෙයි,මම ජෝතිපාලගේ සින්දු මගේ රසවින්දනයෙන් බැහැර කරලා තියෙන්නේ).ජෝතිපාලට ලස්සන කටහඬක් තිබුනා.ඒ වුනාට ඒක හොයාගන්න අසීරු අමුතුවෙන් ප්‍රගුණ කරලා හදාගත්තු,ඒ කාලේ හැටියට ඉන්දියානු රාගධාරී සංගීතමය කටහඬක් නෙවෙයි.කොටින්ම කිව්වොත් ජෝතිපාලගේ වගේ කටහඬ තිබුනු මිනිස්සු ඕනතරම් ඒ කාලේ හිටියා.අදත් ඉන්නවා.එහෙනම්   තවමත් ජෝතිපාල ඇයි මෙච්චර ජනප්‍රිය?

අර ජෝතිපාල වගේ (වෙන්න ජෝතිලා) සින්දු කියන අය එච්චර ජනප්‍රිය නැත්තේ ඇයි?

හේතුව තමයි අනන්‍යතාව.තමන් තමන්ට අනන්‍ය නොවුනම තමන්ගේ ප්‍රතිරූපය අනුන්ගේ කොපියක් වුනාම තමන්ගේ තියෙන ස්වීයත්වය නැතිවෙන්න ගන්නවා.

Image

wix.com

තේරෙන සිංහලෙන් කියනවානම් තමන් අර, රෙදි දුන්නහම කපලා මහලා තමන්ම ඇඳ ගන්න තරමේ කෙනෙක් වෙනවා කියන එක තමන්ටම නොතේරෙන තත්ත්වෙට වැටෙනවා.මොකද තමන් උත්සාහ කරන්නේ අහවල් කෙනාවගේ වෙන්න මිසක් තමන්ම ගොඩ නැ‍ඟෙන්න නෙවෙයි.එතකොට තමන් කොච්චර දක්ෂයෙක් වුනත් තමන්ට යන්න පුලුවන් උපරිම දුර අර වෙනත් ප්‍රතිරූපයක හෙවනැල්ලට සීමා වෙනවා.

අනික් කාරණේ තමයි තමන්ට කොච්චර දක්ෂතා තිබුනත් ඒ දක්ෂතා තමන් කොහොමද අලෙවි කරන්නේ කියන එක මාර වැදගත්. මොකද ජෝතිපාල වගේම කටහඬ තියෙන මිනිස්සු ඒ කාලේ කොච්චර ඉන්න ඇත්ද?ඒ එක මිනිහෙක්ටවත් තමන් මේ කට හඬ සින්දු කියන්න යොදාගෙන කට්ට කාගෙන බැණුම් අහගෙන චාටර් වෙවී ගායකයෙක් වෙන්න එක්කො ඕන කම තිබිලා නෑ,එක්කො ඒ එන බාධක ඉදිරියේ උත්සාහය අතෑරලා.ඒත් උත්සාහය දිගටම අරගෙන ගිය කෙනා අන්තිමේදී ජයග්‍රහණය කළාම අයියෝ ඕක මටත් පුලුවන්නේ කියලා කියන්න අය ඕනතරම් ඉන්නවා.

ලංකාවේ සුලු පරිමාණ ව්‍යවසායකත්වය නග්ගලා ගන්න හදන ගොඩක් උත්සාහයන් වතුරේ යන්න එක හේතුවක් ඕක.මොකද ගමේ එක්කෙන්ක් කඩයක් දැම්ම්ම අනික් අයත් හදනවා ඒ වගේම කඩයක් දාන්න,ඒත් ඊට වඩා හොඳ කඩයක් දාන්න,ඊට වඩා වෙනස් දෙයක් දෙන්න හදන අය හරිම අඩුයි.කඩ දානවා ඉවරයකුත් නෑ,ගොඩ යෑමක් පේන්නත් නෑ.ඉතින් තව එකෙක්ගේ බෙල්ල කපලා ගොඩ යන්න තමයි හදන්නේ.ඇත්තටම කරන්න ඕන තමන්ට තමන් වෙනුවෙන් කරන්න පුලුවන් දේ නෙවෙයි තමන්ට අනුන් වෙනුවෙන් කරන්න,දෙන්න පුලුවන් හොඳම දේ.