Pakistan separates/පකිස්ථානය දෙකට බෙදෙයි?>18

ඔය පකිස්ථානය කියන්නේ අද ලෝකයේ අතිශය සංවේදී කොයි වෙලාවේ මොන වගේ දෙයක් වෙයිද කියලා කියන්න බැරි රටක්.මුළු ලෝකෙම රටවල් ගොඩක් ඔසාමා බින් ලාඩන් හොයද්දි එයා පකිස්ථානයේ අබටාබාද්වල ලොකු මන්දිරයක් හැංගිලා හිටියා.ඊට පස්සේ ඇමරිකාවෙන්,වෙන ආයි ඉන්දියාවෙන්,තියා චීනය වගේ ටිකක් හරි ළඟ රටකිනුත් නෙවෙයි කෙළින්ම ලොකේ අනිත් කෙළවරේ තියෙන රටෙන් ඇවිත් ගහලා ගියා පකිස්ථානේ හාංකවිසියක්වත් දන්නේ නැතිව.ඒ වගේම අපේ ක්‍රිකට් කණ්ඩායම ගියාම ත්‍රස්තවාදී ප්‍රහාරයකුත් එල්ල වුනා.අදටත් වසිලිස්ථානය වගේ පැති වල රටේ මධ්‍යම රජයේ නීතිය ඉක්මවා වැඩ සිද්ධ වෙන බව එරටින්ම ඇහෙන ප්‍රවෘත්ති වලින් පේනවා.ඉතින් අද පකිස්ථානය කියන්නේ නිකං වත් මිනිහෙක් යන්න කියලා නොහිතන රටක් බවට පත් වෙලා.ඉතින් ඔහොම වෙලා තියෙද්දි කෙල්ලෙක් විශේෂයෙන්ම මේ ගෑනුන්ට පුදුම සීමා පණවන රටක් වෙච්ච පකිස්ථානය දෙකට කැඩුවොත් පකිස්ලන්තේ අයට මල පනී නේද?

Image

findpk.com

අපි සරසවියේ ඉගෙන ගන්න දවස් වල හවස් ජාමේට කරන අපූරු වැඩක් තමයි ඔය තෙල් බැම්මක් උඩ හරි,බංකුවක් උඩ හරි වාඩි වෙලා ලොකේ නැති ගම්මැදි හෑලි කියවන එක.විශේෂයෙන්ම මේකට ඔය අංගනාවො එහෙමත් එක්කාසු වෙලා හිටියොත් එහෙම මල් පාත්තියකුත් වෙනවා.ලෝකේ දේවල්,රටේ දේවල්,ලවු හුටපට ඔව්වා ඔක්කොම ඔතන දිගෑරෙනවා.ගොඩක් වෙලාවට ඔය ගෑනු ලමයි තමන්ගේ නයි අරින්න යොදාගන්නෙත් මේ වෙලාව තමයි.දවසක් අපි ඔහොම කියව කියව ඉන්නකොට අපේ ගැන්සියේ හිටියා “මධුරි” කියලා ගෑනු ලමයෙක්.මෙයා අධ්‍යාපනය ලබලා තිබුනේ ලංකාවේ අවසන් රාජධානියේ පිහිටි උසස්ම බාලිකා විදුහලක.ඒ ලොකු කමත් මෙයාගේ ඔලුවේ ලොකුවටම තිබුනා.ඉතින් මෙයා කියනවා

Image

telegraph.co.uk

” ඔයාලා දන්නවද අපේ අම්මා තමයි අපේ ඉස්කෝලේ සිංහල ටීචර්.ඉතින් මටත් හොඳට ඒ කාලේ ඉඳන්ම හොඳට සිංහල,සාහිත්‍ය,සන්ධි විසන්ධි,තද්ධිත,කෘදන්ත එහෙම පුලුවන්”

දැං ඔන්න නයා දිගට දිගට යනවා.එයා දිනපු තරග,ගත්ත කුසලාන ඔක්කොම කියවනවා.ඉතිං මේ කන්දොස්කිරියාව ඉවසගන්න බැරිව අපේ “ජෙප්පෙක්”(මේකා ගැන මං කලිනුත් ලියලා තියේ) ඇහුවා පොඩි ප්‍රශ්නයක්”

අනේ ඇත්තද මධූ කොච්චර හොඳද,මාත් මේ එක සිංහල වචනයක් විසන්ධි කර ගන්න බැරිව හිටියා ඒ කාලේ ඉඳන්,අනේ ඔයාවත් මට ඒක විසන්ධි කරලා දෙනවාද හරියටම”?

මධුරිත් “අනේ කියන්න අනේ ඔව්වා මට කජු කනවා වගේ වැඩ,මොකක්ද වචනේ”

දැන් ජෙප්පා කල්පනා කරනවා “මගේ දිව අග තිබුනා බං පොඩ්ඩක් හිටපං මතක් කරන කං”

අපි කිව්වා “කෝ ඉක්මනට කෙළ ගහපං එතකොට එළියට එයි,එතකොටවත් හරියයිනේ” කියලා .මොකද මේ ජෙප්පට එච්චර හොඳ කටක් නෙවෙයි තියෙන්නේ.”පොඩ්ඩක් හිටපං, ආ………….මධූ මට පකිස්ථානය විසන්ධි කරලා දෙන්නකෝ” කියලා කිව්වා.

මධුරිත් අයියෝ ඕක මොකක්ද “ප….+ඉස්ථානය” ඕක තමයි වචනේ”කියලා කිව්වා.

දැන් කට්ටිය ටිකක් නිහඬ වුනා.මධූ තාම දන්නේ නෑ මේක bite එකක් කියලා.ඒ මදිවට අර ආකිමිඩිස් වගේ මේකි හයියෙන්

“දැක්කද මං කිව්වේ නැද්ද,පකිස්ථානය කියන්නේ ප….+ ඉස්ථානය”

කියලා මර හඬ දෙන්න ගත්තා.දැන් වටේ යන එවුන්ටත් හොඳට ඇහෙනවා.අපිත් ටිකක් වෙලා හිටියා හදිසියේම එකෙකුට ඉක්කාවක් ආවා.ඒ එක්කම කට්ටියටම  තද කරං හිටපු හිනාව පැන්නා.මධුරි තක්බීර් වෙලා.

ඇයි අනේ ඔයාලා හිනාවෙන්නේ එක හරිනේ,මොකක්ද ඒකේ වැ‍රැද්ද?”

Image

thecartdriver.com

ටික වෙල්ලවකින් එයාගේ යාලුවෙක්ම කියලා දුන්නා මොකක්ද වැ‍රැද්ද කියලා.”අයියෝ මට ඒක ටික් වුනේ නෑනේ,ඊයා විතරක්”කියාගෙන දිව්වානේ  ගස්සගෙන.

කොහොමහරි අදටත් මධුරිව මතක් කරන අය මේක මතක් කරනවා.

මධුරි මේ වෙනකොට ලොකු කෙනෙක්.එයාලගේ කට්ටිය තමයි පහුගිය කාලේ අර 6% ඉල්ලුවේ.

hey Indians,repair yours t…….t

ලංකාව කියන්නේ දකුණු ආසියාවේ තියෙන රටක්.ඒක අපේ හැමෝම දන්නවා.ඒ වගේම අනික් දකුණු ආසියාතික රටවල් වෙච්ච ඉන්දියාව,පකිස්ථානය,බංග්ලාදේශය වගේ රටවල තියෙන ලක්ෂනත් ටික ටික හරි අපේ රටේත් තියෙනවා.ඒ කියන්නේ සර්ව සාම්‍ය නෙවෙයි.ඒ වුනාට යම් විදිහකට සමාන කම් තියෙනවා.විශේෂයෙන්ම ඉන්දියාව මේ පැත්තේ කලාපීය බලවතා හින්දත් ලෝක මට්ටමේ දැවැන්ත සංස්කෘතියක් තියෙන හින්දත් ඒක බලෙන් හරි ලංකාව ඇතුලට ගෙනල්ලා ඔබ්බලා ඉවරයි.අනුරාධපුර යුගයේදි ලංකාවට අස් වෙළෙඳාමේ ආපු සේන ගුත්තික දෙදෙනා අන්තිමේදි ලංකාවේ කිරීටය පැහැර ගත්තා.ලංකාවේ සිනමාවේ ස්වර්ණමය යුගය කියපු යුග වල බිහි වෙච්ච අද්විතීය ගායක ගායිකාවන්ට ගායනා කරන්න වුනේ හින්දි තනු වලට දාපු සිංහල පද රචනා.චිත්‍රපටිවල තිබුනේ හින්දි නැත්නම් දෙමළ පිටපතේ හෝදලා අරන් ඉතුරු වෙච්ච එක.ඉන්දියාවත් ලෝකෙන්ම කොපි කරන හින්දා සමහරවිට ඒක තවත් රටකින් කොපි අරපු එකක්.අදටත් ඉන්දියාවේ තියෙන නිර්මාණ කොපි කරලා වැඩ ලංකාවේ අය කරනවා.

ඉන්දියාවේ වගේම ලංකාවෙත් හරි අපූරුවට තියෙන ලක්ෂනයක් තමයි එලියට ස්වදේශිකත්වය දාගෙන කෑගහලා ඇතුලෙන් ඒකම ප්‍රතික්ශේප කරන එක.ඒ වගේම තමන්ගේ රට ගැන තියෙන හීනමානය.

Image

මේරේ හින්දුස්ථානී කියලා කෑගහන ගමන්, තමන් ඉන්දියානුවෙක් කියලා ඊනියා අභිමානයකින් මොර දෙන ගමන් උන්ම කියනවා ඉන්දියාව හදන්න බෑ,දූෂණය, වංචාව,අල්ලස වැහි වැහැලා කියලා.අපිත් එහෙමයි තමන් මහා ශ්‍රී ලාංකිකයා කියලා මොර දෙන ගමන් අපේ රටේ දේශපාලකයො රට කනවා කියනවා.ඒ වුනාට දේශපාලුවා පස්සේ ගිහින් තමන්ට හොර පාරෙන් රස්සාවක් ගන්න,වැරදි විදිහට ලමයෙක් ඉස්කෝලෙට දාගන්න,ඕනම නීතියක් කඩලා දේශපාලන හයිය අරන් සද්දයක් දාන්න ඒ මිනිහම තමන්ගේ හිත යටින් අවිඥානිකව ආසයි.පත්තරවල වුනත් දේශපාලකයො බොරු කියනවා කිව්වට මොන එකාද ඒ කියලා කියන්නේ නෑ.මොකද ඒ ලියන පත්තරකාරයත් කවුරු හරි එකෙකුට පන්දම් අල්ලලා ගතමන්ට් එකක් ගහ ගන්න කැමතියි.

Image

අද වෙනකොට මේ ඊනියා ස්වදේශිකත්වය අන්තර්ජාලයෙත් ඔඩු දුවලා.මේකෙන් වැඩ ගන්න අයත් ඉන්නවා.අද ඉන්දියාවේ ඉන්න සමහර කලාකරුවො බටහිර රටවලට ගිහිල්ලා අනේ ඒ රටවල ඉන්න ඉන්දියානුවො ඉන්දීය විදිහට( ඒ කියන්නේ පාරේ මල පහ කරන,වාචාල කතා කියන,ගෙදරට ආපු මිනිහට වතුර පොදක් දෙන්නෙ නැති එව්වා නෙවෙයි) අර ඊනියා හින්දුස්ථානී අභිමානය තියාගෙන හැම තිස්සේම ජන ගන මන කියාගෙන ඉන්නවා කියලා පෙන්නන චිත්‍රපටි ගහනවා.මොකද ඒකෙන් අර රටවල ඉන්න සල්ලි තියෙන ඊනියා දේශප්‍රේමයකින් පෙළෙන ඉන්දියානුවාට එව්වා හොඳට විකුනන්න පුලුවන්.තමන් ඇත්ත ජීවිතේදි අඩුම ගානේ ටොයොටා එකක්වත් ගන්න හදනවා ඒත් තිරයේ පෙන්නන්නේ මරුටි විතරයි.කොණ්ඩේ ස්ට්‍රේයිට්,රීබොන්ඩ්,ටින්ට් කරන් ඉන්න මාර ආසයි, තිරයේ පෙන්නන්නේ මල් ගහන් ඉන්නවා.

Image

ඇත්ත ජීවිතේදී ගහන්නේ ඩෙනිම ඒ වුනාට සිනමාවේදි උන්ගේ රෙද්ද අඳිනවා වගේ පෙන්නනවා.ඉතින් මෙව්වා බලන ඉන්දියානුවාට උගේ ඇත්ත ජීවිතේ ප්‍රෝඩාව මතක වෙලා සිනමාව තුල පමණක් ඉන්දියානුවෙක් වෙනවා.(ඌ හොඳ වෙලාවට  හිතින් විතරයි එහෙම වෙන්නේ නැත්තං තමිල්නාඩුව කියලා හිතලා ඒ වැඩ එතන කරානම් එහෙම උන්ව ඒ රටින් පි‍ටුවහල් කරනවා).

මේක ලංකාවටත් අදාලයි. ඒ වුනාට ඉන්දියානුවා කියන්නේ ස්වභාවයෙන්ම ලාංකිකයාට වඩා වාචාල කටක් තියෙන එකෙක් හින්දා ඌ කරන මඟුල සද්දෙන්ම කරනවා.අපි උන් දිහා බලාගෙන උන් හරි පොරවල් කියලා හිතනවා. අපි උන්ව පොරවල් කරන තරමට උන් අපේ ඔලුවට අත හෝදනවා ඉවරයක් නෑ.