අක්කි බබාගේ කතාව.

මේක අපි කැම්පස් ඉන්න දවස් වල සිද්ද වෙච්ච දෙයක්.ඔය දවස් වල කවියක් තියෙනවනෙ ඉස්සර වුනා එක අත බඩු හත අටය,ඉවසා සිටින මම තාමත් තනිකඩය කියලා.මේකත් ඒකටම හරියන කතාවක්.

අපේ සීනියර් බැච් එකේ වැඩිම ලකුණු ගත්ත අක්කි ඒ කියන්නේ batch top, හරීම ලස්සන හුරුබුහුටි ගෑණු ලමයෙක්.ඒ වුනාට final year වෙනකන්ම කොක්කක් හිටියේ නෑ.

Image

(දැං මේ වචනේ දන්නේ නැති අයට මේකත් කියන්න ඕන.කැම්පස් වලදි ප්‍රේම සබඳතාවක් ඇති කර ගන්නවට කියන්නේ කොක්කක් ගහනවා කියලා.ඒකට හේතු 3 තියෙනවා.යාලු වුනාට පස්සේ දෙන්නා අත් දෙක කොක්ක දාගෙන වගේ යනවා.කොක්ක කියන්නේ මල කරදරයක්,හැම තිස්සේම පැටලෙනවා.අනික අවුරුදු 4 ඉවර වුනාම කොක්ක ගේට්‍ටුවේ එල්ලලා යන්න යනවා.)

 

දැං ඔන්න මේ අක්කි බබාගේ සිත දිනාගන්න ඒ බැච් එකේම අයියා කෙනෙක් ලත වෙනවා.ලත වෙනවා කිව්වේ එයාට අහන්නත් ඕන ඒ වුනාට අහන්න එච්චර “ගටක්” නෑ.මෙයාට අර අක්කි බබා දැක්කම කකුල්  vibrate වෙනවා කියලා තමයි කියන්නේ.අපි ඒ අයියට “බෙලා” කියමුකො.

දැන් එතකොට අපේ බැච් එකේ බෙලා අයියගේ යාලුවෙක් ඉන්නවා එයාගේ නම දාමුකො ” නගරං” කියලා.නගරංට හොඳට කතා කරන්න,කුප්පි දාන්න,තේරුම් කරන්න පුලුවන්.මිනිහා කතා කරන කොට අහන් ඉන්න අයට මාර විදිහට හිතට වදිනවා.අනික ඕන බාල්දියකට ඉස්සරහට පනිනවා.

අනේ ඉතින් බෙලා අයියත් අපේ නගරංව හම්බවෙලා කිව්වා එයාගේ හිතේ දුක.කියලා නගරංට කියලා දුන්නා අර අක්කි බබාගෙන් යාලුවෙන්න අහන විදිහ.මොකද නගරංට හොඳ ගටක් තියෙනවනේ ගිහින් අහන්න.

දැං ඔන්න ඉතින් නගරං හොඳට කිට මරලා එහෙම යනවා අර අක්කි බබාගෙන් අහන්න බෙලා අයියව සෙට් කරන්න.

Image

මෙතන සිද්ද වෙච්ච දේවල් පැනි වෑහෙන විදිහට කියන්න පුලුවන් වුනත් එහෙම කියන එක හරි නැති හින්දා මම මෙහෙම කියන්නම්කො.සාමාන්‍ය ගෑනු ලමයෙක් කියන විදිහටම ” කල්පනා කරලා වචනයක් දෙන්නම්කො” කියලා කතාවට කොමාවක් තිබ්බා.

ඒ වුනාට ඒක අර ධනාත්මක පැත්තට බර කතාවක් කියලා නගරංට තේරුනා.ඒ හින්දා නගරං, අක්කේ mobile number  එක දෙන්නද කියලා ඇහුවම “දෙන්නකො ඔයාගේ number එක” කියලා අක්කි බබා නගරංගේ number එක ඉල්ල ගත්තා මාර හිනාවකුත් දාලම.

පස්සේ එදා හවසම අක්කි බබාගෙන් එනවා එකක් නගරංට “මට ඔයාව …..දි හම්බවෙන්න ඕනි,හැබැයි තනියම” කියලා.

නගරං කොලුවත් ඉතින් තට්ට තනියෙන්ම ඒ කියපු තැනට ගියා.අහෝ දුකකි,ඉරකි තිතකි කිව්වලු.බෙලාට අහන්න ගියපු නගරංට අර අක්කා කැමතියි කිව්වනේ.අන්තිමේදි බෙලාට බිංදුව වැටෙද්දි නගරං අර අක්කි බබාව කර ගහගත්තා.ඒකත් ජයසිරි මංගලං කියලා දැං දෙන්නම විවාහ ප්‍රාප්තත් වෙලා.

Image

විශේෂ නිවේදනයයි. මේක ලියන මාගේ කාඩ් එක බෙලා නොවේ.

8 thoughts on “අක්කි බබාගේ කතාව.

  1. අක්කලා අයියලා ඉන්නේ ගෙදර නේද? අනික අක්කයි අයියයි කියන්නේ එක පවුලේ දෙන්නෙක් නේ? එහෙම වුණාම බඳින්නේ කොහොමද?

    • එක ගෙදර ඉන්න අය ගැන නෙවෙයි කියන්නේ.මම බැච් එක,කැම්පස්, කියන වචන භාවිතා කරේ මේක සිද්ධ වෙච්ච තැන, පරිසරය ගැන කියන්න.හොඳේ…..

  2. ane bakapanditha kakata eke therenne naha.. hithagena inne mahaloku bolger kenek kiyala.. eath e mottyage blog eke scorall wenne na..

Leave a reply to magenama Cancel reply