කකා ගියා,මොකක්ද ගියේ?????????18+Terms in short.

දැන් මේ කතාව මොකක්ද,කකා කොහේද ගියේ කියලා තකහනියෙම බලන්න එන අය ඉන්නවා නම් මුලින්ම කියන්න ඕන මේක ඇවිල්ලා වැඩිහිටියන්ට පමණක් වෙන් වෙච්ච කතාවක්.

මේ සිද්ධිය වුනෙත් කොහොමත් අංකල් වයසේ ඉන්න අය අතරේ හින්දා කොහොමත් පොඩි එවුන් මේක නොබලන එක හොඳයි.

ඒ වගේම මේක මේ කාවහරි ඉලක්ක කරන් මඩ ගහන්න හදපු දෙයක් නෙවෙයි කියලත් මං කියන්නේ නැත්නම් මේ වචනවල අයිතිය තමන්ගේ කර ගත්ත කවුරුහරි කෙනෙක් ඒක තමන්ගේ මහා පතිවත කෙලෙසුනා කියලා මෙතන නාහෙන් අඬන්න ගත්තොත් තව විජ්ජුම්බරයක් වෙන හින්දා.අ‍ටුවා ටීකා ටිප්පණි පැත්තකින් තියලා කෙලින්ම කතාවට බහිමුකෝ නේද?

මේ සිදුවීම වුනා කියන්නේ ඉස්කෝලෙක.

මේ ඉස්කෝලෙත් ඔය අනික් ඉස්කෝලවල ඉන්නවා වගේම ඉන්නවා ළමයි,ගුරුවරු,විදුහල්පති…ඔය ඔක්කොම.

ඔය ඉස්කෝලේ විදුහල්පති ටිකක් කඩි කුලප්පුවක් තියෙන කෙනෙක්.ඒ කියන්නේ ඕන දේටයි එපා දේටයි හැම දේටම දඟලනවා.

මෙයා ඔන්න ඔහොම ඉන්න කොට දවසක් මේ ඉස්කෝලෙට ආවා පරීක්ෂකවරු පිරිසක්.එයාලා කොහොමත් ඉස්කෝලවලට එනවනේ එව්වා පරීක්ෂා කරලා බලන්න.ඔන්න ඉතින් මේ පරීක්ෂකවරු කට්ටිය ඉස්කෝලේ හැම තැනම ඇවිදලා කරලා ආවා කාර්යාලේ ලිපි ලේඛන බලන්න අන්තිමටම.

 

ඇවිල්ලා බැලුවා විදුහල්පතිගේ  වාර්තා පොත.දැන් මගෙන් අහන්න එපා හැම ඉස්කෝලෙම එහෙම තියෙනවද කියලා..මේ ඉස්කෝලෙ තිබුනා.කොහොමත් එහෙම එකක් හරි ඊට සමාන එකක් හරි තියෙන්න ඕන.

ඔන්න ඉතින් මේක කියවලා බලද්දි මේකේ හරි අපූරු සටහන් වගයක් තියෙනවා මේ පරීක්ෂකයො දැක්කා.

 

කකා ගියා.

දිකා ගියා.

පුක සඳහා ගියා.

 

දැන් මේ පරීක්ෂකයින්ට හරි අවුල්.ඇයි යකෝමේ මොන කුණුහරුපයක්ද මේ ලියලා තියෙන්නේ කියලා.

ඇහුවා විදුහල්පතිගෙන් මේ මොකක්ද කියලා .

විදුහල්පති කියනවා  “ආ මේ මං යන ගමන් කෙටි කරලා ලියන විදිහනේ.”

“ඒ කියන්නේ?”

“දැන් මේ කකා ගියා කියන්නේ කලාප කාර්යාලයට ගියා කියන එක”

“දිකා ගියා කියන්නේ දිස්ත්‍රික් කාර්යාලයට ගියා කියන එක.”

එතකොට පුක සඳහා ගියා කියන්නේ?වැසිකිලියට ගියා කියන එකද?

නෑ..පුද්ගලික කරුණක් සඳහා ගියා.

 

ඒ පාර පරීක්ෂකයො ටික කිව්වා මෙහෙම.අනේ විදුහල්පතිතුමා බැරි වෙලාවත් අපේ කාර්යාලෙට එහෙම නම් එන්න එපා.

ඒ මොකද සර්…

අපි ඇවිල්ලා ප    ළාත් කා   ර්යාලෙන්,

16 thoughts on “කකා ගියා,මොකක්ද ගියේ?????????18+Terms in short.

  1. අම්මප එහෙමම ලියන්න කිව්වනම් හරි. මේ වගේ කතා ගොඩාක් අහල තියෙනවා. ඔන්න ඒ අතරට දැන් මේ කතාවත් එකතු වුනා. කාට හරි ඇම්ඩන් ගැන සීරීස් එකක් ලියන්න හිතුනනම්. නිකං මෙන්න මෙහෙම බ්ලොග් එකක්, “Amderson.blogspot.com”..

  2. Pingback: කකා ගියා,මොකක්ද ගියේ?????????18+Terms in short. | සතුටු වැස්ස බ්ලොග් කියවනය

    • මේක ඇත්තටම වෙච්ච වෙලාවේ පලාත් කාර්යාලේ අයට හොඳ වචන එන්න ඇති කටට කියන්න.

Leave a comment