අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ.narrow minded teachers

ගුරු වෘත්තිය කියන්නේ ලංකාවේ ඉතා ඉහලින් පිළිගන්න වෘත්තියක්.අපි හැම කෙනෙක්ටම වගේ ඉස්කෝලේ ගිහින් තියෙනවනම් ගුරුවරු ගැන අපරිමාණව අත්දැකීම් ඇති.සමහර ඒවා හිතට සන්තෝෂ හිතෙන ඒවා වගේම තව සමහර ඒවා අදටත් අපිට තරහ ගෙනදෙන ඒවා වෙන්න පුළුවන්.අපි අදටත් අකමැති සමහර විෂයන් ඒ කාලේ හොඳ ගුරුවරු විසින් ඉගැන්වූවා නම් කියලා හිතෙන වෙලාවලුත් ඇති. මං අද කියන කතාව කෙනෙකුට අවශ්‍ය නම් අර සාමාන්‍ය විදිහටම මේ සමහර අය විතරයිනේ.අපිට හම්බවෙච්ච අය මෙහෙම නෑනේ.හොඳ අයද සිටිති කියලා කියන්න පුලුවන්.මොකක් වුනත් මං මේ කතාව කියන්නේ මේ කතාව කියවන කෙනෙක් අඩුම ගානේ මේ වගේ දෙයක් ඉස්සරහට නොවෙන්න වග බලාගනීවත් කියන අදහසින්.

Image

මේ සිද්ධිය වුනේ ලංකාවේ අතිශය සුප්‍රකට බාලිකා පාසලක.ඉස්කෝලේ නම කියන එක හොඳ නෑ.මොකද අර එක මකුණනේ කන්නේ තර්කය ගේන හින්දා.

ඔයාලා දන්නවා ඔය ඉස්කෝලවල ඉන්න ගුරුවරු විදුහල්පතිවරු හැමෝටම හවස 1.30ට සේවය නිම කර නිවස බලා යාමේ අවස්ථාව ලැබෙනවා කියලා.ඉස්සර නම්  හවස 2.00ට.ඉතින් මෙයාලා හිතන්නේ සේවය නිම කර යාමේ වෙලාව මෙයාලට 1.30 නිසාත් සෙනසුරාදා ඉරිදා නිවාඩු නිසාත් මේ ලංකාවේ ඉන්න අනික් අයටත් එහෙමම ඇති කියලා.

වෙලාවට අරින කාලෙකුත් තිබුනා.

ඔන්න දවසක් මේ කියන ඉස්කෝලේ 7-8 වගේ වසරක ඉන්න පංති භාර ගුරුවරී බොහොම සද්දෙන් තග දාගෙන පන්තියටම දානවා සත්තම.හෙට ඉස්කෝලේ මොකක්ද ‍රැස්වීමක් තියෙනවා,ඒකට සියලුම ළමයින්ගේ අම්මා හෝ තාත්තා පැමිණීම අනිවාර්යයි කියලා.ඒකත් කියන්නේ අද.

දැන් ගුරුවරී හැම ළමයෙක්ගෙන්ම අහනවා අත දික් කරලා නැඟිට්ටවලා “හ්ම්,ඔයාගේ කවුද එන්නේ,ඔයාගේ කවුද කියලා”

යුවනි මේ පන්තියේ හිටපු ටිකක් නිශ්ශබ්ද ලමයෙක්.ගුරුවරී යුවනිවත් නැගිට්ටෙව්වා.මොකද යුවනිගේ දෙමව්පියො කොහොමත් ඉස්කෝලෙට එච්චර ආවෙ නෑ.මේක ගුරුවරීට මතක තිබුනා.

“යුවනි,හෙට කාවද එක්කන් එන්නේ?”

“මිස්,……….”

“ඔව්,ඇයි මිස් මිස් ගාන්නේ”?

“මිස්,හෙට නිවාඩු ගන්න බැරි වෙයි,මිස්”

“නිවාඩු  නෑ….ඒ තාත්තටනේ.ඇයි අම්මට මක් වෙලාද?”

“………”

යුවනි ටිකක් වෙලා බලං හිටියා,නැගිටලා ඉන්න ගමන්ම.යුවනිගේ ඇසින් වැටිච්ච කඳුළු බින්දුව ඒ ගුරුවරීගේ ඇසට සංවේදී වුනේ නෑ.ඒත් යකඩ පන්නරය ලබන්නේ ගින්නෙන්,වතුරෙන් සහ තැලීමෙන් කියන හැම එකෙන්ම කියන එක මෙතනදිත් ඔප්පු වුනා.යුවනි තමන්ගේ හඬ අවදි කළා.

“මිස්,මට තාත්තා විතරයි ඉන්නේ.අම්මා මාව දාලා ගියේ මං ඉපදිලා අවුරුද්දෙන්”

Image