ඔයා පස්සේමයි ගැලවුමක් නෑ.

ලෝකේ ලස්සනම වදන “ආදරය” නම් ලෝකේ අමිහිරිම,අවාසනාවන්තම වදන මොකක්ද? මේකට එක එක අය එක එක විදිහේ අර්ථ නිරූපන දෙන්න පුලුවන්.මොක වුනත් අද මං කියන්න යන දෙයත් එක්ක සමහරවිට කියන්න වෙන්නේ කොච්චර අවාසනාවන්ත වුනත් ඒක ඔයා පසු පස එන එක නවත්වන්න කාටවත් බෑ.කොච්චර මේ ලෝකේ වැඩ දම දමා පුම්බගෙන හිටියත් මේක හමුවේ ඕන වැඩ්ඩෙක් බිමට වැටෙනවා.ඇත්තටම මේ වචනය මොකක්ද ? කතා ටික කියවගෙන ගියාම අන්තිමට තේරෙයිද බලන්නකෝ.
ගජනායක කියන්නේ අපේ පැත්ත හොල්ලගෙන හිටපු වලව් පරපුරක නාමය.(මේක අන්වර්ථ නාමයක්).මෙයාලා සුද්දො එන කාලේ ඉඳන්ම අපේ පැත්තේ හිටපු ලොකු පරපුරක්.මෙයාලගේ අපේ කාලයට අදාල කෙනාට මං භවිත කියලා නම දානවා.නමේ හැටියටම කාලයට ඉස්සරහින් තියෙන නමක් දාගන්න මෙයාගේ සල්ලි,පවුල් බලය හේතු වුනා.එච්චර දුරට ඉගෙන ගන්න බැරිවුනත් සල්ලි තිබුන හින්දා ලොකු වැවිලි කාරයෙක් හැටියට පෙනී හිටියා.

Image
දවසක් මෙයා ගියා නිවාඩු පාඩුවට ටෙනිස් ගහන්න.යාලුවො එක්ක.හදිසියේම මෙයාගේ පපුව රිදෙන්න ගත්තා.යාලුවො ටික ඉක්මනට එයාගේ වාහනේට එක්ක ගිහින් පණ ගන්වන්න උත්සාහ කළා.ඒකේ යතුර කැඩෙන කන්ම හැදුවත් ඒ රථය පණ ගැන්වුනේ නෑ.මේ රථය අර ප්‍රාඩෝ එකක්.එතකන් කිසිම ලෙඩක් දීලා තිබුන් නෑ.පස්සේ යාලුවෙක්ගේ හොඳ වාහනයක දාගෙන ඉස්පිරිතාලෙට එක්ක ගියා.
මඟදි ඒකේ ටයරයක හුලන් ගියා.ඒ පාර පාරේ ගිය වෙන වාහනයක දාගෙන අරන් ගියා.දෙය්යෝ සාක්කි.එදා පාරේ වේල් පෙරහරක්. පස්සේ වෙන පාරකින් දාලා අරගෙන ගියා.අන්තිමට ඉස්පිරිතාලෙට අරන් යද්දිම එයා වෙන ලෝකෙකට ගියා.

 

අහසින් අරන් ගිය ඉබ්බො (කැස්බෑවෙක් කියලත් කියනවා) ඔලුවට වැටිලා පුරාණ නාට්‍යකරුවෙක් මියගියාලු.තවත් කෙනෙක් ‍රැවුල බානකොට පාපන්දුවක් වැදිලා මැරුනලු.මේ මේ ගැන හෙව්වොත් දැන ගන්න වෙන කතා.ඇත්තටම අමිහිරිම වදන මොකක්ද.
ඒ තමයි මරණය.එයා මේ වෙලාවෙත් ඔයා දිහා බලාගෙන ඔයා පිටිපස්සේ ඉන්නවා.හැමවෙලේම.

Image