crazy girls කෙල්ලන්ට පිස්සුද

 මේ ලෝකේ ගෑනු ලමයින්ට පිරිමි ලමයින්වත් පිරිමි ලමයින්ට ගැනු ලමයින්වත් තේරුම් ගන්න එක, එක පාරටම තියා දහ පාරටවත් කරන්න බෑනේ.අර චුල්ල ධනුද්දර ජාතකය ඇසුරෙන් හදපු මනමේ නාට්‍යය බලපු අය ඉන්නවනම් මෙන්න මේ කතාව මතක ඇති.

මනමේ කුමරාට තේරෙන්නේ නෑ මනමේ කුමරිය කියන්නේ මොකක්ද කියලා.

ඒ හින්දා කුමරා කියනවා”ඔබ කියනා දේ මට නොතේරේ සෞම්‍යයිය ” කියලා.

එතකොට පස්සේ කුමරිය වැදි රජුගේ පිළිසරණ පතන අවස්ථාවේ වැදි රජු කියනවා

” ඔබ කියනා දේ මට නොතේරේ” කියලා.

(මනමේ කුමරා ශිෂ්ටත්වයත් වැදි රජු අශිෂ්ටත්වයත් සංකේතවත් කරන නිසා කුමරා ඇයට සෞම්‍යයිය කියලා (අද බසින් කියනවනම් honey,darling,sweetie සුදූ,පැටියෝ වගේ) කිව්වට වැද්දා නිකන්ම අමතනවා)

Image

babble.com

ඒ කියන්නේ සංස්කෘතිය,සභ්‍යත්වය,සම්මතයන් කොහොම තිබුනත් පිරිමින්ට ගෑනුන්ව තේරුම් ගන්න බෑ.(ඒ විදිහට නාට්‍යය හදලා තියෙන්නේ).

ඉතින් අද මං කියන්න යන කතාවත් අන්න ඒ වගේ සිදුවීමක්.කියවලම බලන්නකො.

ඔන්න ඉස්සර එක රාජධානියක ඉන්නවා ලස්සන කුමාරියක්.මෙයා දැන් ඉන්නේ විවාහයක් කරගන්න වයසේ.රජතුමා මෙයාට එක එක විදිහේ කුමාරවරු ගෙනැල්ලා පෙන්නුවත් ම්හු, නෑ කිසිම කැමැත්තක්. අන්තිමට රජතුමා තීරණය කළා රාජකීය වෛද්‍යවරයට මෙයාව පෙන්වලා මේකට හේතුව හොයා ගන්න.වෛද්‍යවරයා හොඳට හොයලා බලලා කිව්වා මේ කුමාරිය හිතින් වෙනත් කෙනෙකුට පෙම් කරනවා කියලා.ඉතින් රජතුමත් සන්තෝස වෙලා බලද්දි ඒ තමයි සතුරු රාජ්‍යයක කුමාරයෙක්.

Image

devianart.com

ඉතින් කොහොමද මේ වැඩේ කරන්නේ?

දැං ටික ටික තත්ත්වය දරුණු වෙනවා.කුමරිය වැඩේ එළි වෙච්ච හින්දා දැන් කෑම වර්ජනය කරන්න පටන් අරං.(ඒ කාලේ ලෙමන් පෆ් තිබුනේ නෑ,හොඳේ)

රජතුමත් බය වෙලා.අන්තිමට තරහ මරහ අමතක කරලා අර මරණාසන්න වෙච්ච කුමරිය බේරා ගැනීමේ අරමුණින් රජතුමා අර සතුරු රටට පණිවිඩයක් යැව්වා මේ කතාව කියලා.

සතුරා වුනත් තමන් වෙනුවෙන් කෙල්ලෙක් මැරෙන්න යනවා කියන්නේ සෙල්ලං ද කොල්ලෝ කියලා හිතපු ඒ රටේ කුමාරයා සු‍ටුස් ගාලා ආපි අර කුමරිය බලන්න.දැන් ඔන්න අර කුමරිය සයනය මත දුකින් වැතිරිලා ඉන්නවා.කුමරා යනවා කුමරියගේ සිත සනසා ඇයගේ පණ බේරා ගන්න.

Image

styleite.com(මෙයා නෙවෙයි හොඳේ)

මොකද වුනේ?

අර කුමරා දැක්ක කුමරිය ගස්සලා අහක බලා ගත්තා.කුමරා ළඟට ගිහිල්ලා අත ඇල්ලුවම අත ගසලා දැම්මා.

Image

sodahead.com

දැන් මාර ගැටලුවක්.කොහොමද කුමරියව බේරා ගන්නේ.

රජතුමාට ඔලුව ගිනි ගත්තා.කොහොමත් රජ්ජුරුවන්ගේ ඔය ගිනි ගන්න එව්වා නිවන්නේ එකම එක්කෙනයිනේ.ඒ තමයි නගර ශෝබිනිය.

ඇය අපූරු උපදෙසක් දුන්නා.ඒ අනුව කුමාරය ක්‍රියාත්මක වුනා.

කුමාරයා වැටි වැටී අර කුමරියගේ කැමැත්ත ඉල්ලා සිටියා.

ඒත් කුමරිය හොඳට් ගණන් උස්සලා හිටියා.

ඊළඟට කුමරා අර නගර ශෝබිනිය කියපු උපක්‍රමය ක්‍රියාත්මක කළා.

කුමාරයා ගණන් උස්සන්න ගත්තා.ටික ටික කුමරියව ගණන් නොගෙන ඉන්න ගත්තා.ටිකෙන් ටික කුමරා කුමරියව ඈත් කරන්න් ගත්තා.

මෙන්න මෙච්චර වෙලා කුමරා ගණන් නොගත්ත කුමරිය, කුමරා වෙල ආලවන්ත කම් පාන්න ගත්තා.

Image

rocketswag.com

අන්තිමට කුමරිය කුමරාට ආදරය ප්‍රකාශ කළා. අන්තිමට අර රාජධානි දෙකත් යාලු වුනා.අන්තිමට සියල්ලෝ සතුටින් විසිර ගියා.කතාව ඉවරයි.

දැන් එතකොට කුමාරයා අච්චර පස්සේ එද්දිත් අර කුමාරිකාව ගණන් ඉස්සුවේ ඇයි?තමන් හිතින් ආදරය කරද්දිත්?ඊට පස්සේ කුමාරය ගණන් උස්සද්දි කුමාරිය කුමාරයා පස්සේ ගියේ ඇයි?

 අනික දැන් ඉන්න කෙල්ලොත් එහෙම කරන්නේ ඇයි?දන්න කෙනෙක් ඉන්නවනම් මට කියලා දෙන්නකෝ.

14 thoughts on “crazy girls කෙල්ලන්ට පිස්සුද

  1. යකෝ ලව් කොරන කාලෙනම් කමක් නෑ කියමුකො.
    බැඳල අවුරුදු 10ක් 15ක් වෙද්දිත් ඒ බලුකොම අත් ඇරගන්න බෑනෙ පරට්ටියන්ට.
    මම අවු 19ක් දීග කාල ඩිවෝස් උනෙ ඔය අහංකාරකම තවත් ඉවසන්න බැරුව

  2. කියලා වැඩක් නෑ බන්. ඇයි ඒ බොරුවට ගණන් උස්සන්නේ. මට තිත්ත වෙලා තියෙන්නේ

    • ඒක තමයි බං මටත් ප්‍රශ්නේ,දන්න කෙනෙක් කියපන්කො මටත්.මේ දවස් වල මට මාර වැදගත් ඒක.

  3. ජයසෙන ජයකොඩි මහත්තයගෙ නවල් එකක තියෙනව කුකුල කිකිලි ලගට එනකොට මරහඩ තියාගෙන දුවනවලු.එ වුනාට පස්සෙන් පන්නල ඇගෞඩ නැග ගත්තට පස්සෙ කුරුක් කුරුක් ගග ඉන්නව.
    එ වගෙම අන්දරෙ වෙදිකා නට්යෙ තියෙනව අන්දරෙ කාටද මන්ද කියනව
    “ඝනියෙක් බැ කිවුවොත් එ කියන්නෙ හා”
    “එතකොට හා කිවුවොත් ”
    “හා කිවුවොත් එ කියන්නෙත් හා”

  4. හරියටම මේකයි කියල කියන්න අමාරුයි… මාත් දන්න ගොඩක් අයට ඕක අප්ලයි කරල තියෙනවා…
    අන්තිමට වෙලාවෙ ගොඩාක්ම ලස්සන ගර්ල් කෙනෙක්ට අප්ලයි කරා. මනුස්සකමට හිනා උනාම ගණන් ගත්තෙ නෑ. මාත් හිතුවා මම මොකටද ආයෙ හිනාවෙන්නෙ කියල. නිතර මුණ ගැහුනු නිසා මම ගණන් නොගෙන ඉද්දි මෙන්න ගර්ල් ටික ටික හිනා වෙනවා, කතා කරනවා… එතන හැබැයි ලව් එකක් නෑ, එයාට ලව් කරලා ජීවත් වෙන්න ලැබෙන්නෙ නැති නිසා ඉතින්… කොහොම උනත් ගණන් උස්සන ගෑණු ළමයින්ට එහෙම කරන්න ඕන… හ්ම්…

    • මාත් එක පාරක් මනුස්සකමට පාරෙදි අපේ සරසවියේ ගෑනු ලමයෙක් එක්ක හිනා වෙලා එයා දන්නේ නෑ වගේ ගියානේ.ඒ මදිවට යාලුවත් එක්ක.මට බඩ කපාගෙන මැරෙන්න හිතුනා.පස්සේ සරසවියේදි මුණ ගැහුනම මාත් මීට කලින් දැකලා නෑ වගේ හිටියා.

Leave a reply to magenama Cancel reply