God sake,UK PM doesn’t know literature.:-)

මේ දවස් වල හරි නැඟලා යන කතාවක් තමයි වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න එපා කියන කතාව.කවුරු හරි මොනවා හරි කිව්වම දැන් අපිට කියන්න හොඳ කතාවක් තියෙනවා.මොකද මේ ලෞකික ලෝකයේ හැමෝම ජීවිතයේ කවදාහරි මොකක් හෝ වැ‍රැද්දක් කරලා තියෙනවා.අඩුම තරමේ කසාද බැඳීමේ වැ‍රැද්ද හරි කරලා තියෙනවානේ.ඒත් ඇත්තටම මේ කතාව කිව්වා කියලා ප්‍රශ්නයක් විසඳන්න පුලුවන්ද?මේ කියන්න යන්නේ ඒ ගැන.

වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න එපා.වචනාර්ථයෙන් ගත්තොත් මේකේ තේරුම කෙනෙක් වීදුරු ගෙයක ඉන්නවනම් එයා එලියට ගල ගහන්න හොඳ නෑ.මොකද එලියේ ඉන්න අයත් ගල් ගහන්න ගත්තොත් එයාගේ වීදුරු ගෙදර කැඩිලා කුඩු පට්ටම් වෙලා යනවා.කැපෙන්නත් වෙනවා.ඒ හින්දා එයා තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න ඕන.(අනුන් ඇවිල්ලා තමන්ගේ වීදුරු කඩලා ගියත්).

ඒත් මේ කතාව කියද්දි අපි මූලික උපකල්පන කීපයක්ම කරනවා.

1 එලියේ ඉන්න කෙනා ගල් ගැහුවම වීදුරුව කඩලා යනවා.ඒ කියන්නේ ඒ වීදුරු එච්චර ශක්තිමත් නෑ.

2 ඇතුලේ ඉන්න කෙනා තමන්ට ගල් වදිනවට පණ බයයි.

3එලියේ ඉන්න කෙනා, ඇතුලේ ඉන්න කෙනාට සාර්ථකව ගල් ගහන්න පුලුවන්.

ලංකාව සම්බන්ධයෙන් ගත්තම වෙනත් ඕනම රටකින් එන චෝදනාවකින් ගැලවෙන්න මේ වගේ ප්‍රකාශයක් භාවිතා කරන්න නම් කලින් කිව්වා වගේ ලංකාවටත් පහත හැකියාවන් තියෙන්න ඕන.

1 අපිට චෝදනා කරන රට බලවත් රටක් වෙන්න බෑ.

2 ඒ රටේ ඉන්න කෙනා අපේ වචන වලට පණ බයයි.

3 අපිට ඒ රටට සාර්ථකව බලපෑම් කරන්න පුලුවන්.

 Image

දැං එංගලන්තේ අගමැතිට අදාළව මේ කතාව ඇහෙන හින්දා අපි හිතමු එයා වීදුරු ගෙදර ඉඳන් ගල් ගැහුවා කියලා.දැන් අපිත් අනිත් පැත්තට ගල් ගහන්න පටන් ගන්නවා.එයත් අපිට ගහනවා.

එංගලන්තේ ලංකාවේ ආයෝජනය කරන එක නවත්තනවා.අපිත් එංගලන්තේ ආයෝජනය කරන එක නවත්තනවා.

එංගලන්තේ අපේ භාණ්ඩ වර්ජනය කරනවා.අපිත් එංගලන්තේ භාණ්ඩ වර්ජනය කරනවා.

එංගලන්තේ එහේ සුද්දන්ට මෙහේ එන්න එපා කියනවා.අපිත් අපේ එවුන්ට එහේ යන්න එපා කියනවා.

එංගලන්තේ අපිට ආධාර දෙන එක නවත්තනවා.අපිත් එංගලන්තේට සල්ලි දෙන එක නවත්තනවා.

එංගලන්ත මූල්‍ය පද්ධතිය හරහා ලංකාවට සල්ලි යැවීම නවතනවා.අපිත් එහෙමම කරනවා.

 

දැන් මොකද වෙන්නේ? ටිකක් හොඳට කල්පනා කරොත් කාටද කෙළ වෙන්නේ කියලා තේරුම් ගන්න පුලුවන්.

එහෙනම් කියන්න වෙන්නේ කෙහෙල් අත්ත ක‍ටු අත්තේ පැටලුනත් ක‍ටු අත්ත කෙහෙල් අත්තේ පැටලුනත් වෙන්නේ එකම දෙය කියන එක නේද?හොඳ වෙලාවට එංගලන්තේ අගමැති සිංහල ජන සාහිත්‍ය දන්නේ නෑ නේද?

Image