දවසට දෙපාරක්.

මේක අපේ ඔ‍ෆිස් එකේ වෙච්ච වැඩක් නම් නෙවෙයි.හැබැයි කොළඹ අතිශය අග නගරයේ අර කියලා කියන්නේ .අන්න එහේ ලොකු කොම්පනියක වෙච්ච වැඩක්.දන්න තරමින් අදටත් මේක මෙහෙමම වෙනවා.අපි නම් කරන්න ගියේ නෑ,ඒ වුනාට එහේ හැමෝම දවසට දෙපාරක් මේ වැඩේ කරලා තමයි අර පිළිගැනීමේ නිලධාරිනියගෙන් සමුගන්නේ.කෙලින්ම කතාවට බහිමුකෝ.

Image

bloguin.com

සුපුරුදු පරිදි එදත් අපිව තවත් වෙනස් සමාගමක එකකට පංගාත්තු වුනා.අපේ ‍රැකියාවේ හැටි එහෙමයි,අනික මේ වගේ වැඩ කොළඹම වෙනවට අපිත් කැමතියි,හද්ද ඩොටේ වෙනවට වැඩිය.ඔන්න අපි දෙතුන් දෙනෙක් උදේම සෙට් වෙලා ඕන කියන ලැප්ටොප්,ෆයිල් ඔක්කොම අරගෙන අර ඔ‍ෆිස් එකට ගියා කුකුලත් අතින් අරගෙනම. කොටින්ම කියනවනම් අපි එතනට යනකොට ඇවිත් තිබුනේ අර එකේ කෙල්ල විතරයි.කෙල්ලගේ නම මිහිරි.අපි ආපු වැඩේ කිව්වම එය කිව්වා බොස් එනකන් එතනට වෙලා වාඩි වෙලා ඉන්න කියලා.අපිත් ඉතින් ඉන්න කොට හිමීට හිමීට ඔ‍ෆිස් එකේ   කට්ටිය එන්න ගත්තා.ඔන්න මුලින්ම ආවා සයිඩ් බෑග් එකකුත් එල්ලන් ගැස්ටෙක්.මිනිහා එනකොටම අර මිහිරි” හායි,good morning  සමීර”කියලා පිළි ගත්තා.කොල්ලත් ” good morning මිහිරි” කියලා ඒ පැත්තට පස්ස හරවලා දෙකට නැවිලා  ආයි හරි පැත්තට හැරිලා දොරෙන් ඇතුලට ගියා.දැන් අපිට ටිකක් අවුල්.ඇයි මූ අර කෙල්ලට පස්ස දීලා යන්නේ.

අනික ඒ කෙල්ලට මාර චාටර් එකක්නේ.ඒ වුනාට කෙල්ල ගණන් ගත්තෙවත් නෑ.ඔන්න ඊළඟට තව කොල්ලෙක් ආවා ඒකත්

good morning

කියලා අර විදිහටම පස්ස හරවලා යන්න ගියා.තව එකෙක් ඊට පස්සේ.දැන් අපිට ටිකක් අවුල්.ඔන්න දැන් අර බොසත් ආවා,මිනිහත් අර විදිහට අර කෙල්ලට දෙකට නැවිලා අපිත් එක්කම ඇතුලට ගියා,ගැන කතා කරන්න.ඒකෙන් මේකෙන් ආපු වැඩේ අමතක වෙන හින්දා අපි ඒක ඒ වෙලාවට අමතක කෙරුවා.හවසත් මෙන්න කොල්ලො පෝලිමට අර වැඩේ කර කර යනවා.අනික නියම වැඩේ කියන්නේ කාන්තා පාර්ශවේ අයත් දෙකට නැවිලා යනවා,හැබැයි ඒ අය පැත්තට නැවෙන්නේ.හරි යන්නේ නෑ මේ වැඩේ කියලා ඊළඟ දවසේ ආපු ගමන් අපි මිහිරිගෙන් ඇහුවා මොකද මේ කොල්ලො ඔක්කොම ඔයා ලඟ දෙකට නැවෙන්නේ ඇයි කියලා.

බලද්දි මේකයි.මේ ආයතනයේ පැමිණීම පිටවීම ලකුණු වෙන්නේ තමන්ගේ එකේ තියෙන එකකට.ඒක යනකොට එනකොට අර එකේ ලේසර් එකට අල්ලලා යන්න ඕන.කොල්ලො ඕක purse එකේ දාගෙන ඇවිල්ලා කම්මැලි කමට එලියට purse  අදින්නැතුව ඒක අර ලේසර් එකේ ගාවනවා.කොල්ලො purse දාන්නේ පස්සේ සාක්කුවේ හින්දා මුන් නැවෙනවා දෙකට.තියෙන්නේ මිහිරි ඉස්සරහ.එතකොට ගෑනු අය? ඒ ගොල්ලො ඒ කාඩ් එක hand bag එකේ දාගෙන එනවා.ඒ ගොල්ලො හරහට නැවෙනවා.

 

ඒ වුනාට මේක මහ ගොං ක්‍රමයක් කියලා මිහිරිම කිව්වා.මොකද නිකං ඉදන් ඇඟ ඇතුලෙන් ලේසර් යවාගන්න ඕන නෑනේ.ඉතින් මිහිරි නම් හරියටම කාඩ් එක තියලලු යන්නේ.අර බක පණ්ඩිතයො ඇවිල්ලා උගත් මෝඩයොනේ.