action in dark,කලුවරේ දුන් වැඩ කිඩ.18+++++

මේ කතාව කියවන්න එන අයට පැහැදිලිවම මුලින්ම කියන්නේ මේක ඇත්ත සිද්ධියක්,ඒ වුනාට පොඩි එවුන් මෙව්වා කියවන්න එපා.අවුරුදු 18ට අඩු අයට මේක බැලීම තහනම්.බලලා සමහරුන්ට බඩ කුරුවල් වෙන්න ගත්තොත් මට මුකුත් කියන්න එපා.වග කියනු නොලැබේ.විශේෂයෙන්ම කෙල්ලො ඉන්න කොල්ලො මේක බලලා තමන්ගේ කෙල්ලව ආරක්ෂා කර ගන්න කටයුතු කරනවා හොඳයි. ඒ වගේම තමයි හැම කෙල්ලම මෙහෙම නෑ කියලත් කියන්න ඕන.

දැං අධ්‍යාපන තරගය උපරිමයටම ගිහිල්ලානේ.කොටින්ම කිව්වොත් ඉස්කෝලෙට බයිසිකලේක පිටි පස්සේ යන ලමයත් ඒ ටිකට නෝට් එකක් කියව කියව යනවා නුගේගොඩ පැත්තේ උදේ traffic එකට හිර වුනොත් දැක බල ගන්න පුලුවන්.අනික අහවල් එක බර වෙච්ච සේනාවක් එක්ක සෙට් වෙච්ච වීදී සටන් කරුවන් පිරිසක් ටියුෂන් වලට ගහන්න දත කන හින්දා දැන් රෑටත් පන්ති.මේ සිද්ධියත් රෑ පන්තියක වෙච්ච වැඩක්.

අපිට A/L ලං කරලා revision යද්දි අපේ සර් තීරණය කළා night class දාන්න.මොකද එයා දවල්ට class දාන වෙලාවට තව සර් කෙනෙකුත් revision පන්තියක් දාගත්තු නිසා.ඉතින් අපේ සර් කිව්වා දවල් පන්තියටයි,රෑ පන්තියටයි කියලා කට්ටිය බෙදිලා ඒ විදිහට එන්න කියලා.දැන් අපේ theory  පන්තිය තියෙන්නේ සෙනසුරාදට.ඒක හවස 5.30ට ඉවර වුනාම 6.00 ඉඳන් 8.30 වෙනකම් night පන්තිය.ඒ වුනාට මේක ඇවිල්ලා express පන්තියක්.මොකද දවල් දවසේ පැය 6 තිස්සේ කරන දේවල් රෑට එහෙමම කරන්න බෑනේ.ඔන්න ඉතින් කට්ටිය බෙදෙන්න කියලා කිව්වම සර් හිතුවා කොල්ලො night class  එයි,කෙල්ලො දවල් පන්තියට එයි කියලා.

Image

ualbertastudentblog.ca

ඒ වුනාට වුනේ අනික් පැත්තනේ.මොකද කෙල්ලෝ කිව්වා උන්ට හැමදාම ඉස්කෝලෙ යන්න ඕන,ඒ හින්දා උන් එනවා රෑ පන්තියට කියලා.ඔන්න දැං night class යනවා හරියට බාලිකා පාසලක පන්තියක් වගේ.අනික ඔය කෙල්ලො පන්ති වලදි ප්‍රශ්න අහන්නෙත් නෑනෙ.ඒ හින්දා බොහොම සාමකාමී විදිහට යනවා.

ඒ වුනාට මේක මෙහෙමම තිබුනේ නෑ.ඒ මොකද අපේ පන්තියේ හිටපු “බුලතා” මේකට සෙට් වෙච්ච හින්දා.මේකා ඇවිල්ලා අපේ ඉස්කෝලේ ඉන්න රජ ඇම්ඩෙක්.

ඌට අපිත් එක්ක දවල් පන්තියට එන්න බෑ,රෑ ඇවිල්ලා අර උගේ සෙට් එකේ කොල්ලො 2-3ක් එක්ක අර කෙල්ලො ඉන්න පන්තියට සෙට් වුනා.

ඔය පන්තිය තියෙන්නේ උඩ තට්‍ටුවක.රෑට බැරි වෙලාවත් ලයිට් ගියොත් මොනවද කරන්නේ කියලා අපේ සර් හිතලා තිබුනේ නෑ.

ඔන්න දවසක් සිතු ලෙසම එලෙසම වුනා.ඒ වුනාට ආයි ඉක්මනට ලයිට් ආවා.ආයි එහෙම වුනා.ආයිත්.මෙහෙම 2-3 පාරක් වුනා.ඒ හැම පාරෙම අපේ බුලතා කලුවරේ එක එක සද්ද කරනවා.

කෙල්ලො බය වෙලා,මොකද මූට කට හඬ වෙනස් කරලා කතා කරන්නත් පුලුවන්නේ.ඔන්න ඉතින් සර්ට තේරුනා මෙතන දැන් කෝල්ම් මඩුවක් වෙන්න යන්නේ කියලා ඒ වුනාට මොකා කරනවද කියලා සර්ට හොයා ගන්නත් බෑ.ඒ පාර ලයිට් ආපු ගමන් සර් ගාණක් දීලා හදන්න පහල යන්තර කඩයක් තිබ්බා ඒකට ගියා ජෙනියක් ඉල්ලගන්න බලන්න.කඩේ අයිතිකාරයා තමයි පන්තියේ සංවිධායක(ටික්කා).

ඒ අස්සේ ආයි ලයිට් ගියා.

Image

toonpool.com

මූ ලයිට් ගිය ගමන් අර ඉස්සරහ පේළියේ හිටපු කෙල්ලෙක්ගේ ඉනට උඩින් ඇති අවයවයක් අත තදින් මිරිකලා.

ඒ වුනාට කරුමේ කියන්නේ ඒ වෙලාවෙම ලයි‍ටුත් ඇවිල්ලා.වැඩේ රතු පාටට තියෙද්දිම මාට්‍ටු පන්තියටම.සර් තවම නෑ.ඒ මදිවට මූ අත දාලා තියෙන්නේ පන්තියේ හිටපු බුල්ඩෝසර් සයිස් කෙල්ලෙකුට.

Image

everydayloveart.com

පස්සේ සර් පන්තියට එද්දි කෙල්ලෙක් පරණ කොස්සක් අරගෙන එලවනවා බුලතා පස්සේ.මූ කොහේ අල්ලන්නද මේකා පැන්නා.අන්තිමට කෙල්ල සර්ටත් කියලා එතන ලොකු ගාලගෝට්ටියක්.ඒ අස්සේ අනික් කොල්ලො ටිකත් මාරු,මොකද අහක යන කුණ්ඩ හට්ටි වලට කර තියන්න ඕන නෑනේ.ඒවුනාට අන්තිමට සර් ප්‍රශ්නේ සමාදාන කළා.මොකද ඔය කියන අතවරයට (?) පත් වෙච්ච යුවතිය මේක අතැරලා දාන්න කැමති වෙච්ච හින්දා.

හැබැයි මෙතන ප්‍රශ්න කීපයක් මේක ආරංචි වෙච්ච අපිට ආවා.මොකද බුලතා පස්සේ කොස්සක් අරන් එලවලා තිබුනේ උගේ කෙල්ල.එතකොට මූට කලුවරේ වල් වැඩ කරන්න වෙන කෙල්ලෙක් අල්ල ගත්තේ ඇයි?

ඔන්න ඒ පාර තමයි අපි නොදත් කතාවක් එලියට ආවේ.කතාව විස්තර නොකර අවසානය කියන්නම් එතකොට වෙච්ච දේ තේරෙයි.

ඊට සතියකට පස්සේ බුලතා අපිට කොකු පාටියක් දුන්නා,ඌ අලුතින් කොක්ක ගහලා අර බුල්ඩෝසර් කෙල්ලට.උගේ කලින් කෙල්ල මූ අතින්වත් අල්ලනවට කැමති වෙලා ඉඳලා නෑ.මුගේ කලින් කෙල්ල ඒ වෙලාවේ මූ පස්සේ කොස්සක් අර එලවලා තියෙන්නේ කාන්තා විමුක්තියක් පතා කියලා හිතුවට ඒක පැහැදිලි ඉරිසියාවක ප්‍රහාරයක්.අන්තිමේදී ජාඩියට මූඩිය වගේම සෙට් වුනා.