What is Asian Drama?ආසියාවේ නාට්‍යය.

මඩොල් දූව චිත්‍රපටිය බලපු අය හොඳටම දැකගන්නැති මගඩි නාටකය කියන්නේ මොකක්ද කියලා.නටන්න යන ඕනම නාට්ටියක් මගඩියක් කරන්න වගේම මගඩිය නාට්ටියක් කරන්නත් අපේ කට්ටිය හරි දක්ෂයි.ඉතින් කඩාපැනපු ගමන්ම මේ වගේ මගඩියක් ගැන කිව්වම ඒක අහන කෙනෙකුට ඔරේ මඤ්ඤං වෙන එක පුදුමයක් නෙවෙයි.

ඔන්න දවසක් ලංකාවේ අගනගරයේ මූලස්ථානය පිහිටලා තියෙන ලංකාවේ වැදගත්ම මූල්‍ය ආයතනයක් තමන්ට අලුතෙන් කළමනාකරණ පුහුණුවන්නන් බඳවා ගන්න පියවර ගත්තා.මේකේ දැන් ඔන්න විභාගයක් එහෙම තියලා සම්මුඛ පරීක්ෂනයට කට්ටිය ගෙන්නුවා.ඇත්තටම මේ ආයතනයට එන්න ගොඩක් ඉහල අධ්‍යාපන සුදුසුකම් එහෙම ඕන.

ඒ හින්දා ඇවිල්ලා තිබ්බ හැමෝම වගේ පන්ති සාමාර්ථ,පශ්චාත් උපාධි,වෘත්තීය සුදුසුකම් ඉහටත් උඩින් සපුරලා තිබ්බ අය.විදේශ සරසවිවල ඉහලින්ම උපාධි ගත්ත අයත්  හිටියා.ඔන්න දැන් සම්මුඛ පරීක්ෂණ මන්ඩලය එක එක්කෙනාව කැඳවලා ප්‍රශ්න අහන්න ගත්තා.ඔය සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දීපු අය හොඳට දන්නවා කොච්චර මොනවා තිබුනත් අහන්නෙම නැති දෙයක් ගැනනේ.මොකද ඔය ඉන්න සාමාජිකයො හරි  කැමතියි එන අයව අන්නවන්න.ඒ වෙලාවට මොන ක්‍රීම් මූනේ උලාගෙන ගියත් බේරෙන්න බෑ.ඔන්න දැන් හැම අයදුම්කරුගෙන්ම අන්තිමට අහනවා හරි අපූරු ප්‍රශ්නයක්.(මේක ඉංග්‍රීසියෙන් හසුරුවන සම්මුඛ පරීක්ෂණයක්)

“What is Asian Drama?””

දැන් අන්තිමට මේ වගේ යකාගේ ප්‍රශ්නයක් ඇහුවම ඒකට මොන වගේ උත්තරයක් දෙන්නද කියලා හිතා ගන්න බෑනේ.ඉතින් සමහරු කිව්වා

ආසියාවේ ඉන්න නලු නිලියන් යොදවලා හදපු මෙගා නාට්ටියක්

ආසියාවේ නාට්‍ය කලාව ගැන එක්තරා මහාචාර්යවරයෙක් කරපු පර්යේෂණයක්

උතුරු ආසියාවේ (රුසියාවට ආසන්න) කෑමක්.

ලංකාවේ මානව හිමිකම් ගැන කරපු මඩ වැඩසටහනක්.

දන්නේ නෑ කියපු අයත් හිටියා.

කොහොමහරි අන්තිමට කවුරුවත් ඇත්තටම  Asian Drama  මොකක්ද දැනං හිටියේ නෑ.ඒ වුනාට ඒ ඔක්කොම ප්‍රතික්ෂේප වෙලා තිබුනේ නෑ.ලකුණු අනුව ‍තෝරලා තිබ්බා.

Image

මේ ඉන්නේ මහාචාර්ය කාල් ගුනාර් මිර්ඩාල්,ස්වීඩන ආර්ථික විද්‍යාඥයෙක්.wikipedia

ඇත්තටම මොකක්ද මේ Asian Drama? මේ මහාචාර්ය ගුනාර් මිර්ඩාල් විසින් ආසියාවේ දරිද්‍රතාව ගැන ලියපු මාහැඟි පොතක්.ඒ පොතේ ආසියාවේ දුප්පත්කම,ඒකට හේතුවෙන මිථ්‍යා විශ්වාස ගැන එහෙම විග්‍රහයක් කරලා තිබ්බා.

අර මණ්ඩලයේ ඉන්න කෙනෙක් ඊට ටික දවසකට කලින් ඒ පොත කියවලා තිබුනා.ඉතින් එයා ඒක සම්මුඛ පරීක්ෂණයේ ප්‍රශ්නයක් විදිහට අහලා.

2 thoughts on “What is Asian Drama?ආසියාවේ නාට්‍යය.

  1. ඒකත් හොදයි..ඊට වඩා හොදයි ඊර්ෂ්ඨක පුස්ථකය කාගේ නිර්මාණයක්ද කියලා ඇහුවනම්..
    (ඒ පොත අන්දරේ පිටරටින් ආපු බමුනො බයකරන්න ඉරටු මිටියක් හරක් හමකින් ඔතලා හදපු ප්‍රෝඩාවක්..)

    • අන්දරේගේ කතාවත් මං අහලා තියෙනවා.මෙතනදි මොනවා වුනත් අන්තිම ප්‍රතිඵලයට බලපෑමක් නොවුන එක හොඳට ගියා.අර මං ගිය එක සම්මුඛ පරීක්ෂණයක මගෙන් ඇහැව්වේ “ඔයාට පෙම්වතියක් ඉන්නවද කියලා?”

Leave a reply to magenama Cancel reply