ඔය පකිස්ථානය කියන්නේ අද ලෝකයේ අතිශය සංවේදී කොයි වෙලාවේ මොන වගේ දෙයක් වෙයිද කියලා කියන්න බැරි රටක්.මුළු ලෝකෙම රටවල් ගොඩක් ඔසාමා බින් ලාඩන් හොයද්දි එයා පකිස්ථානයේ අබටාබාද්වල ලොකු මන්දිරයක් හැංගිලා හිටියා.ඊට පස්සේ ඇමරිකාවෙන්,වෙන ආයි ඉන්දියාවෙන්,තියා චීනය වගේ ටිකක් හරි ළඟ රටකිනුත් නෙවෙයි කෙළින්ම ලොකේ අනිත් කෙළවරේ තියෙන රටෙන් ඇවිත් ගහලා ගියා පකිස්ථානේ හාංකවිසියක්වත් දන්නේ නැතිව.ඒ වගේම අපේ ක්‍රිකට් කණ්ඩායම ගියාම ත්‍රස්තවාදී ප්‍රහාරයකුත් එල්ල වුනා.අදටත් වසිලිස්ථානය වගේ පැති වල රටේ මධ්‍යම රජයේ නීතිය ඉක්මවා වැඩ සිද්ධ වෙන බව එරටින්ම ඇහෙන ප්‍රවෘත්ති වලින් පේනවා.ඉතින් අද පකිස්ථානය කියන්නේ නිකං වත් මිනිහෙක් යන්න කියලා නොහිතන රටක් බවට පත් වෙලා.ඉතින් ඔහොම වෙලා තියෙද්දි කෙල්ලෙක් විශේෂයෙන්ම මේ ගෑනුන්ට පුදුම සීමා පණවන රටක් වෙච්ච පකිස්ථානය දෙකට කැඩුවොත් පකිස්ලන්තේ අයට මල පනී නේද?
අපි සරසවියේ ඉගෙන ගන්න දවස් වල හවස් ජාමේට කරන අපූරු වැඩක් තමයි ඔය තෙල් බැම්මක් උඩ හරි,බංකුවක් උඩ හරි වාඩි වෙලා ලොකේ නැති ගම්මැදි හෑලි කියවන එක.විශේෂයෙන්ම මේකට ඔය අංගනාවො එහෙමත් එක්කාසු වෙලා හිටියොත් එහෙම මල් පාත්තියකුත් වෙනවා.ලෝකේ දේවල්,රටේ දේවල්,ලවු හුටපට ඔව්වා ඔක්කොම ඔතන දිගෑරෙනවා.ගොඩක් වෙලාවට ඔය ගෑනු ලමයි තමන්ගේ නයි අරින්න යොදාගන්නෙත් මේ වෙලාව තමයි.දවසක් අපි ඔහොම කියව කියව ඉන්නකොට අපේ ගැන්සියේ හිටියා “මධුරි” කියලා ගෑනු ලමයෙක්.මෙයා අධ්‍යාපනය ලබලා තිබුනේ ලංකාවේ අවසන් රාජධානියේ පිහිටි උසස්ම බාලිකා විදුහලක.ඒ ලොකු කමත් මෙයාගේ ඔලුවේ ලොකුවටම තිබුනා.ඉතින් මෙයා කියනවා
” ඔයාලා දන්නවද අපේ අම්මා තමයි අපේ ඉස්කෝලේ සිංහල ටීචර්.ඉතින් මටත් හොඳට ඒ කාලේ ඉඳන්ම හොඳට සිංහල,සාහිත්‍ය,සන්ධි විසන්ධි,තද්ධිත,කෘදන්ත එහෙම පුලුවන්”
දැං ඔන්න නයා දිගට දිගට යනවා.එයා දිනපු තරග,ගත්ත කුසලාන ඔක්කොම කියවනවා.ඉතිං මේ කන්දොස්කිරියාව ඉවසගන්න බැරිව අපේ “ජෙප්පෙක්”(මේකා ගැන මං කලිනුත් ලියලා තියේ) ඇහුවා පොඩි ප්‍රශ්නයක්”
අනේ ඇත්තද මධූ කොච්චර හොඳද,මාත් මේ එක සිංහල වචනයක් විසන්ධි කර ගන්න බැරිව හිටියා ඒ කාලේ ඉඳන්,අනේ ඔයාවත් මට ඒක විසන්ධි කරලා දෙනවාද හරියටම”?
මධුරිත් “අනේ කියන්න අනේ ඔව්වා මට කජු කනවා වගේ වැඩ,මොකක්ද වචනේ”
දැන් ජෙප්පා කල්පනා කරනවා “මගේ දිව අග තිබුනා බං පොඩ්ඩක් හිටපං මතක් කරන කං”
අපි කිව්වා “කෝ ඉක්මනට කෙළ ගහපං එතකොට එළියට එයි,එතකොටවත් හරියයිනේ” කියලා .මොකද මේ ජෙප්පට එච්චර හොඳ කටක් නෙවෙයි තියෙන්නේ.”පොඩ්ඩක් හිටපං, ආ………….මධූ මට පකිස්ථානය විසන්ධි කරලා දෙන්නකෝ” කියලා කිව්වා.
මධුරිත් අයියෝ ඕක මොකක්ද “ප….+ඉස්ථානය” ඕක තමයි වචනේ”කියලා කිව්වා.
දැන් කට්ටිය ටිකක් නිහඬ වුනා.මධූ තාම දන්නේ නෑ මේක bite එකක් කියලා.ඒ මදිවට අර ආකිමිඩිස් වගේ මේකි හයියෙන්
“දැක්කද මං කිව්වේ නැද්ද,පකිස්ථානය කියන්නේ ප….+ ඉස්ථානය”
කියලා මර හඬ දෙන්න ගත්තා.දැන් වටේ යන එවුන්ටත් හොඳට ඇහෙනවා.අපිත් ටිකක් වෙලා හිටියා හදිසියේම එකෙකුට ඉක්කාවක් ආවා.ඒ එක්කම කට්ටියටම තද කරං හිටපු හිනාව පැන්නා.මධුරි තක්බීර් වෙලා.
ඇයි අනේ ඔයාලා හිනාවෙන්නේ එක හරිනේ,මොකක්ද ඒකේ වැරැද්ද?”
ටික වෙල්ලවකින් එයාගේ යාලුවෙක්ම කියලා දුන්නා මොකක්ද වැරැද්ද කියලා.”අයියෝ මට ඒක ටික් වුනේ නෑනේ,ඊයා විතරක්”කියාගෙන දිව්වානේ ගස්සගෙන.
කොහොමහරි අදටත් මධුරිව මතක් කරන අය මේක මතක් කරනවා.
මධුරි මේ වෙනකොට ලොකු කෙනෙක්.එයාලගේ කට්ටිය තමයි පහුගිය කාලේ අර 6% ඉල්ලුවේ.
ශෝක් විසන්ධි කිරිල්ල !
අහන් හිටපු අපිටත් ෂෝක්.