crocodile Vs Uthpalaa,කිඹුලා විනාශයි18++++

තමන් නොකරපු වැ‍රැද්දකට දඬුවම් විඳින අය ලෝකයේ ඕනම රටක ඉන්න පුලුවන්.කාලෙන් කාලෙට ඒ වගේ කතා අපිට අහන්න ලැබෙනවා.ලියෝ ටෝල්ස්ටෝයිගේ ඒ වගේ කෙටි කතාවක් මීට ටික කාලෙකට කලින් ඉස්කෝල ලමයින්ගේ 11 වසර සාහිත්‍ය පොතකත් තිබුනා.ඒත් තමන්ගේ හොඳම යාලුවෙක් වරදක් කරද්දි ඒ වරදට තමන් සම්මාදම් නොවී අන්තිමට තමනුත් ඒකේ කොටස්කාරයෙක් වෙනවා කියන්නේ මොන වගේ දෙයක්ද කියලා හිතලා බලන්න.මේ කතාවත් ඒ වගේ.

ඔන්න ලංකාවේ ප්‍රමුඛතම නගරයක යාබදව තිබුනා පිරිමි පාසලක් එක්කම කාන්තා පාසලක්.මේ දෙකම ජාතික පාසල්.ඒ වගේම බොහොම ඉහලින් තමන්ගේ ඉස්කෝලවල අභිමානය තියාගන්න උත්සාහ කරන ඉස්කෝල දෙකක්.අදටත් එහෙමයි.ඒ මොක වුනත් මේ ඉස්කෝල දෙක අතරේ කොල්ලො කෙල්ලො යාලු වෙන එකනම් මොන ජගතටවත් නවත්තන්න පුලුවන් වුනේ නෑ.මොකද කොල්ලන්ට කෙල්ලන්ට නලියන්ටමයි හිත කියලා කතාවකුත් තියේනේ.

Image

artconnected.org

ඉතින් මං මේ කියන්න යන්නේ මේ ඉස්කෝල දෙක අතර සිද්ධ වෙච්ච ආදර පලහිලව්වක් ගැන තමයි.තේරුම් ගන්න පහසුවට මෙහෙම කියන්නම්කො.මලින්ද කියන්නේ අර පිරිමි ඉස්කෝලේ හිටපු කොල්ලෙක්.(මේ ඉස්කෝලේ 12 වසරේ හොඳේ).එයා යාලු වෙලා හිටියේ අර බාලිකා පාසලේ යුවනි කියලා 11 වසරේ ඉගෙන ගන්න ගෑනු ලමයෙක් එක්ක.ඔය ආදරේ කාටත් හොරෙන් ලියලලා දළුලා වැඩුනා.සාමාන්‍යයෙන් ඔය වයසෙදි පිරිමි ලමයින්ට වගේම ගෑනුලමයින්ටත් තමන්ගේ ආදරය ප්‍රායෝගිකව අත්හදා බලන්න ඕන වෙනවනේ.

(අර කතාවක් තියෙන්නේ ගෑනු ලමයි තමන්ගේ මුල්ම ලිංගික පාඩම ලබා ගන්නේ තමන්ගේ පෙම්වතාගෙන් නැත්නම් ස්වාමි පුරුෂයාගෙන්,පිරිමි ලමයි ඒක ගන්නේ තමන්ට වඩා අත්දැකීම් සහිත කාන්තාවකගෙන් කියලා)ඉතින් මේක මේ දෙන්නටත් ඕන වුනා.

Image

moviecus.com

දවසක් මලින්ද යුවනිත් එක්ක එහෙම ප්‍රායෝගික පාඩමක් අත්හදා බලන්න තීරණය කළා.තැන ඒ ඉස්කෝලෙට කිලෝමීටර් 2-3 විතර ඈතින් තිබ්බ වනාශ්‍රිත පැත්තක්.ඒක කොහොමත් ප්‍රසිද්ධ එව්වට තමයි.හැබැයි වැඩේ කියන්නේ දෙන්නම මේකට එන්ටර් වුනේ ඉස්කෝල ඇඳුම පිටින්.මොකද cut කරන්න පුලුවන් class එකක් තිබුනේ ඉස්කෝල යන දවසක් තමයි.යන අපායට තනියම යන්නේ මොකද කියලා දෙන්නම දෙන්නගේ යාලුවො දෙන්නෙකුත් සෙට් කර ගත්තා.මලින්ද ආවා සමීරත් එක්ක.යුවනි ආවා උත්පලා එක්ක.මුන් දෙන්නත් ඉස්කෝල ඇඳුම පිටින්.ඒ දෙන්නා ආවේ තේරෙන සිංහලෙන් කියනවානම් ඔත්තු බලන්න.දැන් ඔන්න හතර දෙනාම ඔය වනාන්තරේ hunting ගියා කියමුකෝ.

පරණ ජෝඩුව සැලසුම ක්‍රියාත්මක කරලා එලියට එද්දි අර ඔත්තු බලන්න ආව දෙන්නා මිසිං.

දැන් මලින්දයයි යුවනියි බය වෙලා බලද්දි මෙන්න සමීරයි උත්පලයි එනවා අස්සක ඉඳන්.වෙලා තියෙන දේ හිතා ගන්න පුලුවන්නේ.

Image

stonehearty.com

දැන් ඔන්න ඔහොම වැඩේ වුනා කියමුකෝ. ඔන්න දැන් තමයි නියම කතාව පටන් ගන්නේ.

යනකොට ගිය කපල් එක එනකොට කපල් දෙක වෙලා දැන් හිමීට පරක්කු වෙලා වගේ class එකට යන්නත් අවුල්.මුන් හතර දෙනා එ පැත්තෙම රෝන්දෙ ගගහ ඉන්නකොට මතක් වුනා “කිඹුලා”ගේ ගෙවල් ඒ ගාව නේද කියලා .

කිඹුලා මුන් හතරදෙනාවම දන්න අර පිරිමි පාසලේ ලමයෙක්.මේකලා කිඹුලගේ ගෙදර ගියා.එදා කිඹුල ඉස්කෝලෙ ඇරිලා ගෙදර.මේ ජෝඩු ජෝඩුව එනවා දැකපු කිඹුලා බය වුනා මේ මොන මරාලයක්ද පාත් වෙන්නේ කියලා.මුන් ඇවිල්ලා කිඹුලගේ යාලුවො කියලා කිඹුලගේ ගෙදරින් දැන ගත්තට මේ හවස 3.00 ට විතර කොල්ලො දෙන්නෙකුයි කෙල්ලො දෙන්නෙකුයි ඉස්කෝල ඇඳුම පිටින් ගෙදරට පාත් වුනාම කිඹුලගේ ගෙදර අයට තේරුනා මෙතන මොකක් හරි ජර මරයක් තියෙනවා කියලා.

එහෙම හිතලා කිඹුලට කිව්වා හිමීට මේකලව පිටත් කරන්න කියලා.මොනවා වුනත් තමන්ගේ ගෙදරට ආපු යාලුවොනේ කියලා කිඹුලා ගියා පාරට මේ ජෝඩු ජෝඩුවත් එක්ක.ඔන්න තමයි වැඩේ.මොන කරුමෙකට හරි අර උත්පලාගේ ගමේ එකෙක් මේ පැත්තෙන් යද්දි මේක දැක්කා.

මේ වගේ breaking news මොකට අත අරිනවද කියලා හිතපු උන්දෑ මේක එසැනින් දැන්නුවා උත්පලාගේ ගෙදරට මේක.එදා හවස පුරුදු විදිහට ගෙදර ගිය උත්පලාව ගමටම ඇහෙන්න අඬ බෙර ගහලා පිළි ගත්තු උත්පලාගේ පවුලේ අය එදා ඒ කෙල්ලව කෝ‍ටු මස් කරලා තිබුනා.

අන්තිමට දවස් දෙකක් ගිහිල්ලා අර උත්පලාගේ අම්මලා පිරිමි ඉස්කෝලෙට පැමිණිලි කරලා කාට විරුද්ධවද?

කිඹුලට එරෙහිව.කෙල්ල පාවලා දීලා තියෙන්නේ කිඹුලව.(සමීරව නෙවෙයි).

Image

මේ පිරිමි පාසලේ විදුහල්පති අපායේ යමයා වගේ කෙනෙක්.මේ ප්‍රශ්නේ විභාග කරපු එයා මලින්දවයි සමීරවයි ඉස්කෝලෙන් අස් කරා.කිඹුලා, ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙක්.badge ගැලෙව්වා.පන්ති තහනම් මාසෙකට.

ඒ ඉස්කෝලේ විදුහල්පති මාරයෙක් වුනත් මිනිහට වෙච්ච දේ තේරිලා තිබුනා.ඒ හින්දා උත්පලා කිව්ව දේ බොරු කියලා ඔප්පු වෙච්ච හින්දා කිඹුලට අනුන්ගේ පව් වලට කර ගහන්න වුනේ නෑ.ඒ වුනාට අදටත් මට හිතා ගන්න බැරි එක දෙයක් තියෙනවා.ඇයි උත්පලා මේකට සම්බන්ධ නොවුන කිඹුලාව පාවලා දුන්නේ කියලා.(සමීරව බේරලා)?

8 thoughts on “crocodile Vs Uthpalaa,කිඹුලා විනාශයි18++++

  1. එකකට කොමෙන්ට් කරල අනිත් පැත්ත බලනකොට තව එකක් දාල.කිබුල පවු නේ

    • කේන්දරේ කෙසේ වෙතත් තව පොඩ්ඩෙන් අනුන්ගේ ලමයින්ට දීපල්ලකො උප්පැන්නත්.

Leave a comment